ගෝටා ජය මාවතේ පෙරටම.. දිනපතා නඩු අහන අධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..

July 25, 2019 at 11:20 am | lanka C news
ගෝටා ජය මාවතේ පෙරටම.. දිනපතා නඩු අහන අධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..

මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සළකා බැලූ බුවනෙක අලුවිහාරේ,ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.

මෙම අභියාචන පෙත්සම් විභාගය ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් මෙම අතුරු නියෝග නිකුත් කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

– lankadeepa

313 views

40 Comments to “ගෝටා ජය මාවතේ පෙරටම.. දිනපතා නඩු අහන අධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..”

  1. sahan says:

    Hail the leader !!!!!! චිරං ජයතු !!!! ඔබට අති කාර්යක්ෂමව වසර 30 ක කාලකාණ්නි යුද්ධය වසර 4න් අවසන් කොට දස දහස් ගණනක් දකුනේ හා උතුරේ නැතිවීමට තිබූ අහිංසක ජීවිත බේරාගැනීමේ පිණම ඇති. කලට වේලාවට නිර්මාණාත්මකව වැඩකල ඔබ ඇමෙරිකාවේ වසර ගණනාවක් සාර්ඨකව පරිගණක ආශ්‍රිත රැකියාවක නියැලීමම අපේ කුහකයන්ට නොපෙනෙන දක්ෂතාවකි. ඒ අත්දැකීම පමණක් ගත්තද ඔබේ හමුදා නායකත්ව පුහුණුව සමඟ රටේ නියම අවශ්‍ය නායකත්වය සඳහා සුදුසුකම් සපුරාලීමකි.

    • Critic says:

      Yes! I agree with you,Sahan.

      • Veena says:

        සිංහලයන් කීකරු කර ගන්න කලුසුද්දන්ගේ ක්‍රියාන්විතය මෙයයි. දැන් ජනාධිපති වුණහම මේවට කලු සුද්දන්ට සළකන්න එපෑයැ…

    • tra says:

      aei petrol sade eke petral gahapuwa

      • konakapala says:

        Gonbai Tra,
        yako e ratawalwala petrol gahaganne driver mai. ape rate vage e ratawalwala minissu horakam kranne nehe. Umba me danne neti deval gena katha karala enganne netuwa hitapan. Gonek unata umbaa kiyann epoo.

      • Me3 says:

        මඩම තමයි. 6.2Mල දන්නෙම එච්චරයි. කිසිම චෝදනාවකට මෙතෙක් සාක්ෂි බාගයක් වත් නෑ.😅

      • podi eka says:

        Haiyo tra uncle, kole iragaththa neda? Rs 1500 deepu eka oyata hariyata mada gahanna kiyala deela naha vage.

      • don katugampala says:

        thama me jeppo inne “lin medi” avadiye.

      • urd says:

        දැන්වත් ඉගෙන ගන්න. ඇමෙරිකාවේ හෝ අනිත් බටහිර රටවල පෙට්‍රල් ගහන ජොබ් එක කරන්නේ හුඟක්ම ඉගන ගන්න සිසුවන් . ඒ තමන්ගේ අධ්‍යාපන වියදම් වලට හා පොකට් මනි සඳහා. අමෙරිකවෙනම් හොඳ තැන් වල වැජඹෙන උදවිය කොපමනනම් මෙවැනි රැකියා කරපු අයද . මෙය ලජ්ජාවට කරුණක් සිතන්නේ ලිං වල ඉන්න ගෙම්බෝ පමනය්.

      • Susil says:

        අන්තර්ජාලය හරීරීරී …… හොඳයීයීයී…. බත්තලංගුණ්ඩුවටවත් නොගියාට පිට රටවල් වල වැඩ ගැන කතා කරන්න පුළුවන් . වැස්සකට වත් University නොගියාට උපාධි phd ගැනත් කමෙන්ටු දාන්නත් පුළුවන්. පියුන් වැඩක්වත් නොකරපු එකාටත් රාජ්‍ය සේවය , පරිපාලන සේවය වගේ ඒවා ඒ ගැන ලොරි ටෝක් දෙන්න පුළුවන්. මරණාධාර සමිතියෙ වත් තනතුරක් නොලැබුණු එකාටත් දේශපාලන උපදේශක වෙන්න පුළුවන්. මෙව්වා හදපු අය ට හරි පින්

  2. gamarala says:

    ඩි එස් සේනානායක / බණ්ඩාරනායක අනුස්මරණ කෞතුකාගාරය වියදම් කල මුදල් ගැනත් සොයා බැලිය යුතුය

    • Modapala says:

      ඇයි බටලන්ද නඩත්තුවට
      ගාල්ල හෙලිකොට්ටර ගමනට
      සුවපති නාටකයට
      තව කීයක්ද?

  3. Nishantha says:

    Welldone.consider every obstacle as a milestone in your path to the victory

  4. Karu says:

    හාපෝයි!
    කෝ මේ චතුර!
    ඡ්-ච්-ච-තුර!
    මොකද මේ වෙන්නෙ?

    • සමන් says:

      ඒ කාලකන්නියට දැන් වතුර පෙවෙන්නෙත් නැතිලු!

  5. බන්ඩා says:

    එකක් කියන්න ඕනා. බැඳුන්කර සහ රාජිත සහ චම්පුක සහ වෙනත් උන් ජරාව කාපු නඩු වලින් නම් ලෙහෙසියෙන් ගැලවෙන්න ලැබෙන එකක් නැහැ.

  6. සිංහලයා says:

    බොරු නඩු දාලා ඔබව හිරේ යවන්න හදන මේ කාලකණ්ණි ආණ්ඩුවට දිට්ඨධම්මවේදී කර්මය පලදීලා තියෙන්නේ..

  7. UD says:

    යූ.එන්.පියට ගෝටා බිය දැන් එන්න එන්නම වැඩි වෙනවා.
    දැන් යූ.එන්.පියෙන් දාපු අළුත්ම තුරුම්පුව නාගානන්ද කියලා හාදයෙක්…
    යූ.එන්.පියේ කොන්ත්‍රාත්තුව ඔහු අකුරටම කරගෙන යනවා… බලමු ඇණගන්න හැටි..

    • Jmd says:

      Baya Nowee puluwnada ..Mineemaruwekuta ?

      • Sri Lankan says:

        Appata hudu! Nagaya ethakota miniemaruwekuthdha?
        Mama hithuwo miniha patta horek kiyala witharayi!

      • Nishantha says:

        Ethakota batalande buwa ahinsakada

      • puncha says:

        Booruwo thopilage un 252 k dana danama marala demme April 21. Tho nidiweddada UNP un Ekka. Ethakota 88- 89+ kalayedi 60,000 k maruwe gotada? nethinam thopilage napusakayoda?.

        Mini maruwe Thopilage ponnayo tika . Umbath ponnayek nowe hitapan

  8. dilsahn says:

    Ay yako wereddak karala nethnam ochchara bay nadu walata… hospital gane rasthiyadu wenne.

  9. Abaran says:

    Bypass eka kochchrakal allala hitiyda ?

  10. Wimal Deera says:

    Sahange Baappa …Thawa Nadu issarahata

Main News