Exclusive : ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට කිසිදු බලපෑමක් කරන්න අභියාචනාධිකරණයට බෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි… ජනාධිපතිවරණ නීතිය මෙන්න..

September 30, 2019 at 10:12 pm | lanka C news
Exclusive : ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට කිසිදු බලපෑමක් කරන්න අභියාචනාධිකරණයට බෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි… ජනාධිපතිවරණ නීතිය මෙන්න..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම මගින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් ඇති කල නොහැකි බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරයි.

අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරණයක් සම්බන්දයෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි.

එමෙන්ම මේ වනතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙක් ලෙස පිළිගෙන නොමැති නිසා එවන් විරෝධතාවක් පවා ගොනු කළ හැක්කේ නාම යෝජනා පිලිගැනීමෙන් පසුව පමණක් යයිද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ පනත අනුව අපේක්ෂකත්වය මැතිවරණ කොමිසම විසින් පිළිගත හොත් ඉන් පසුව කළ හැකි එකම දේ වන්නේ ඡන්ද පෙත්සමක් ගොනු කිරීම යයිද ඔහු සඳහන් කළේය.

දැනට ගොනු කර ඇති නඩුව මඟින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිටීමට හෝ හැකියාවක් නැතැයිද හිටපු අගවිනිසුරුවරයා වැඩි දුරටත් කියා සිටියේය.

75 views

26 Comments to “Exclusive : ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට කිසිදු බලපෑමක් කරන්න අභියාචනාධිකරණයට බෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි… ජනාධිපතිවරණ නීතිය මෙන්න..”

  1. PB says:

    Don’t you worry. Just in case if Ghota is prevented from coming do you think that will change the minds of the people who were going to vote for him? We can trust Chamal and we’re sure Ghota will play hisrolein the coming government. If at all the votes will go up for sympathy.

  2. sinha le says:

    රට බෙදන කලු සුද්දන්ව පැරදවීම අප සියලුදෙනාගේ පරම යුතුකමකි

  3. Alwaysmindful says:

    කාටවත් බය නැති ගෝටා ගේ මිනිස්සු මහේශ් සේනානායක බය ඇය.
    සජිත් ගෝටා ගෙ චන්ද කඩන්නෙ නැද්ද?
    අනුර කුමාර ගෝටා ගේ චන්ද කඩන්නෙ නැද්ද?
    ගෝටා ගේ චන්ද දායකයන් මහෙශ් සේනානායක
    කට රැවටිලා මහෙශ් මහත්තයට චන්දෙ දෙන්න තරම් මෝඩයෝ නම්ඒ, මෝඩයෝ ම නේද එච්චර කල් ගෝටා වීරයෙක් කියා පිලි අරන් කියන්නේ

  4. Retta says:

    සරත් එන් සිල්වා කියන්නෙ කවුද කියල බලන්න
    උසාවිය නිහඩයි කියන film එක බලන්න

Main News