ජනපතිගෙන් ඓතිහාසික චක‍්‍රලේඛයක්.. අගමැති හා සියළු ඇමතිලාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තහනම්..

February 9, 2020 at 10:12 pm | lanka C news
ජනපතිගෙන් ඓතිහාසික චක‍්‍රලේඛයක්.. අගමැති හා සියළු ඇමතිලාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තහනම්..

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක‍්‍රලේඛයක් මගින් මේ බව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

එවන් පණිවිඩ නිකුත් කළ හැක්කේ අගමැති ලේකම්, අමාත්‍යංශ ලේකම් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් යැයිද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් එවන් කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටත් චක‍්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

මෙතෙක් පැවති සියළුම රජයන් වල සිටි අගමැති මැති ඇමතිවරුන් ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් ජනතා සේවය කිරීම අභිබවා නොයෙකුත් රජයට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල යෙදුන අතර ඊට සෘජුව සහ වක්‍රව බලපෑම් කිරීමේ අවස්ථා කිහිපයක් ම වාර්තා වී තිබුණි. මෙය සෑම රජයකටම එල්ල වූ බරපතල චෝදනාවකි.

105,121 Viewers

16 Comments to “ජනපතිගෙන් ඓතිහාසික චක‍්‍රලේඛයක්.. අගමැති හා සියළු ඇමතිලාගේ කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තහනම්..”

  1. sunimal says:

    ඒ එක්කම සැම රජයේ ආයතනවල වැඩකරන සියලු දෙනාටම තමන්ගේ නම සහා රැකියාව සදහන් කර ජනතාවට දැනගැනීම පිණිස යම් කිසි ක්‍රමයක් සකසා දිය යුතුය. ( Name Tag)

    • Amaris says:

      දැනට පේන ආකාරයට ජනාදිපති තුමාට මේ හොර තක්කඩි රැල එතුමාට කිසිම දෙයක් කරන්ඩ ඉඩ දෙන්නේ නෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නම් මේ තක්කඩියන් සමග ඉදිරි ගමනක් නෑ. කලයුත්තේ තාවකාලික හමුදා පාලනයක් යටතට ගෙන මේ තක්කඩියන් ඉවත්කර රට නිවරදි මගට ගැනීමයි. ඒ සදහා සියලුම ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා.

      • ගෝටා සමඟ අපි says:

        මහින්දත් එක්ක ඔය මොනවත් ඉදිරියට කරන්න බැරිවෙනවා. අර සුධර්මන් වැඩේම තමයි වෙන්නේ. ඔබතුමා හොරු ඉවත් කරනවා එතුමා නැවත පත් කරනවා. අන්තිමට ජනතාවට ප්‍රර්ථනා කල කිසිවක් නැතිවෙනවා. කරුණාකර ඔඅබ්තුමා මේ මුලික ප්‍රශ්නය නිරාකරණය කර ඔය හොඳ වැඩ පටන්ගන්න, නැත්තං ඔක්කොම අරයා අනික්හපැත්ත හරවනවා.

      • මාතර සුනිල් says:

        එතකොට මහින්දවත් ඉවත් කරන්න වෙනව බන්.

        • Tape says:

          මේ මාතර සුනිල් කියන්නේ අර back side ගොන්ජද?

          • පැඟිරි says:

            ඒවගේ එකෙක් තමයි. කලින් කලට පාට වෙනස් කරලා අතේ මාට්ටු වෙලා දැන් නම වෙනස් කරන් ඔය ඉන්නෙ.

      • ඩපයා says:

        අනිවාර්යයෙන්ම. ඔබ කියන කතාව 100% හරි. මුළු රටටම බරක් උණු මේ අවජාතක කාලකන්නි සෙට් එක ගෙදර යවන්න වෙන ක්‍රමයක් පෙන තෙක් මානයක නැහැ.

      • Gamarala says:

        සේරම තක්කඩි ටික ඉහල තනතුරැවල. මහින්ද වටෙි ඉන්න අය අයින් කලොත් රට හදන්නට පුලුවන් ජනාධිපති තුමනි.

  2. Manel says:

    Excellent Mr President. Major reason for corruption was this dirty practice. May the blessing of Triple gems be with you.

  3. jethendra says:

    SLBC eketh hora ganunta ihalama pathwime

  4. Janaka from Matara says:

    ..the clearest sign so far that Gota means business – and he will not hesitate to stand the established politics on its head if he has to.

  5. රජරැටියා says:

    ගෝඨාභය ජනාධිපතිතුමනි ඔබ තමුන්නැහැගෙන් අපි බලාපොරොත්තු වුනේ මේ වගේ පාලනයක් නෙව. වන්නිකරේ අපි මේ බව ජනාධිපතිවරණ ඡන්දේ ඉදලාම දුටුවා ආයිබොවං. වන්නිකරේ අපේ සුභ පැතුම් ඔබ තමුන්නැහැට.

  6. සිරියාවතී says:

    ජනාධිපති තුමනි, ඔබතුමා මේ වගේ වැරදි නිවැරදි කරන්න ඒකාධිපති ස්වරූපයේ බලතල පාවිච්චි කරනවා නම්, අපි ඒකට සියයට සියයක් එකඟයි … ජයවේවා …!

  7. Xman says:

    I think Ghotabhaya will do better job if he has full power after remove 19th amendment.,

  8. Ab says:

    Problem is Basil & Mahinda will they listen ?

  9. Eranda samarakoon says:

    මෙව්ව මෙහෙම සිරා වෙනවනං ජනපති තුමනි අපි බොක්කෙං

Main News