Exclusive : ජනපති මෛත්‍රී-ගෝඨාභය කූඨ කුමන්ත්‍රණයක…

March 18, 2018 at 12:03 am | lanka C news
Exclusive : ජනපති මෛත්‍රී-ගෝඨාභය කූඨ කුමන්ත්‍රණයක…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කූට වැඩ පිළිවෙළ ඔස්සේ ඔහුගේ ආශීර්වාදය ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලසුම් සහගතව ඉදිරියට ගෙන එමින් සිටින්නේ යැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කර සිටියි.

සිවිල් සංවිධාන ඊට කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි ද ජනතාවට පොරොන්දු වූ පරිදි විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බල කර සිටින්නේ යැයි ද පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා මෙසේ ද කීය.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අරමුණු ඉදිරි අවුරුදු 2 ඇතුළතදීවත් ඉටු කර ගැනීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ නොතබන බව ඔහුගේ එදා සිට මේ දක්වා වූ ක්‍රියාකලාපයෙන් මේ වන විට පැහැදිලිව ඔප්පු වී තිබෙනවා.

මහනුවර සිද්ධියෙන් පසුව එම දිස්ත්‍රක්කයේ සංචාරය කිරීමේදී 1983 කළු ජූලියට සම්බන්ධ අල්ලේ ගුණවංශ ද කැටුව යාමටත් එහිදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට තවත් ජාතිවාදී සහ ආගම්වාදී භික්ෂූන් වහන්සේලා එකතු කර ගැනීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කිරීමෙන් ද සිය ජපන් නිල සංචාරයට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් එක්කර ගැනීමෙන් ද ඒ බව තව තවත් තහවුරු වුණා.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා රටේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට උඩ ගෙඩි දුන්නා හා සමානවම මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට උඩ ගෙඩි දෙමින් සිටින්නේ කුමකට ද කියා අප කවුරුත් දන්නවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කිසිවකට විරුද්ධ නොවී නිහඬව බලා සිටීමෙන් පැහැදිළි වන්නේ ඔහු කිසිවකට එරෙහිව නැගී සිටිය හැකි සහ ක්‍රියා කළ හැකි දේශපාලන කසේරුකාවක් සහිත නායකයකු නොවන බවයි.

මේ අනුව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උදාරතර අරමුණු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ඉටු කර ගැනීමට නොහැකි වී තිබෙන අතර උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අප ගැඹුරින් සාකච්ඡා කරමින් සිටිනවා.ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අප බල කර කියා සිටින්නේ රටට ජනතාවට විනාශකාරී වූ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ දේශපාලන වශයෙන් කූට වැඩ පිළිවෙළ ඔස්සේ ඔහුගේ ආශීර්වාදය ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලසුම් සහගතව ඉදිරියට ගෙන එමින් සිටින අතර අප ඊට අපේ දැඩි විරෝධය පළ කර සිටිනවා.

– lankanewswweek

89 views

35 Comments to “Exclusive : ජනපති මෛත්‍රී-ගෝඨාභය කූඨ කුමන්ත්‍රණයක…”

  1. Lolla says:

    Wiyangoda bloody puppet of western countries
    Don’t feed your children with the money you get from those countries
    Your children should suffer for what you are doing to my country

  2. prem says:

    meyala thamayi hondata hadeegena aapu rata kaawe, thopage parampara ganaanakata me sapaya wadinawa ekanthai, Kohomada China President, rate janathawa ful support kara jeewitha kalayama balaye inna, ekai ema ratawal sanwardanaye ginipeththatama yanne,

  3. daminda says:

    mowunn merata purawasiyann namm nowae……………

  4. D says:

    Vyangoda has heard Gots’s name being mentioned in his sleep and gone ‘choo” in his underwear.

    OMG, a curse like Vyangoda too was born to this country of ours….

  5. M de silva says:

    Viyangoda is a curse to our Buddhist country. Don’t publish his speeches in the Web. Don’t give any publicity for people like him. These fellows are traitors going after dollars for their survival.

Main News