Exclusive : ජනපති යලිත් පෙරලිකාර තීන්දුවක් ගනී.. නැවතත් ජාතික ආණ්ඩුවකට අනුමැති දෙයි.. ශ්රීලනිපයටත් ඇමති ධුර..
March 24, 2019 at 10:00 am | lanka C news
ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දී යළිත් වතාවක් පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගෙන ඇතැයි සති අන්ත පුවත්පත් අද වාර්තා කර තිබේ.
ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා බාධා නොකරන බවට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව වාර්තාවන්හි සදහන්ය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑත දිනකදී ආණ්ඩුවේ පක්ෂ නායක හමුවක් කැදවමින් සදහන් කර ඇත්තේ ඇමති මණ්ඩලය තවදුරටත් පුළුල් කිරීමට ජාතික ආණ්ඩුව යටතේ කටයුතු කරන බවයි.
ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රජය විසින් ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ පාර්ශවීය කිසිදු බාධාවක් ඇති නොකරන බවට දැනුම් දී ඇති බවද වාර්තාවේ සදහන්ය.
නව ජාතික ආණ්ඩුව යටතේ දැනටමත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසටද ඇමතිකම් ලැබෙනු ඇති බව තව දුරටත් වාර්තා වේ.
pissu minihek rata ballata balaya mata heta indan light kapanawa
ජාතික ආණ්ඩුව හැදුවාම ඇමතිධුර ලබා ගන්න පුද්ගලයන් ගැන ඉදිරියේදී ජනතාවට තිරණය කිරිමට සිදුවේවි. අපි නියම තිරණ ගැනීම සදහා අවශ්‍ය කැඩපත තමයි මේ නිර්ඹාණය කරන්නේ. ඡන්ද දායකයින් බුද්ධිමත් විය යුතුයි.