EXCLUSIVE : ජනවාරියේ අගමැති වෙනස් වේ.. කතානායක කරු ජයසූරියට වැඩි කැමැත්තක්… එජාප මන්ත‍්‍රින් 15ක් සූදානම්…

December 30, 2016 at 10:03 pm | lanka C news
EXCLUSIVE : ජනවාරියේ අගමැති වෙනස් වේ.. කතානායක කරු ජයසූරියට වැඩි කැමැත්තක්… එජාප මන්ත‍්‍රින් 15ක් සූදානම්…

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ රජය ඉදිරියට ගෙන යෑම සඳහා නව අගමැතිවරයෙකු අනිවාර්යයෙන්ම පත්කල යුතු බවට රජයේ ප්‍රධාන කොටස්කාර පක්ෂය වන ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයේ සටන ජයගැන්මට බොහෝ ඉඩකඩ නිර්මාණය වී ඇත.

ඒ අනුව කලක් සිට එජාපයේ තිරය පිටුපස සිටි නායකයින් කිහිප දෙනෙකුගේ බලාපොරොත්තුව ද ඉටු වෙන ලකුණු පහළ වෙමින් පවති.

රටේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතනයක හිමිකරුවකු, හිටපු කොළඹ දිස්ත්‍රික්ය නීයෝජනය කල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා කරු ජයසූරිය මහතා සමඟ එජාපයන් 2007 වසරේ ආණ්ඩුවට එකතුවුන තිරෙන් පිටුපස සිට දේශපාලන භුමීකාවක් කරන හිටපු ඇමතිවරයකු මෙන්ම දැනට ජනාධිපති කාර්යාලය ප්‍රධාන නිලධාරියකු මෙන්ම සජිත්වාදියකු මෙම සැලැස්ම ප්‍රධාන භුමිකාව සිදු කරයි.

ඒ අනුව සියලු පාර්ශවයන් එකතුකරගෙන දෙමල හා මුස්ලිම් පක්ෂවල සහයෝගය ලබා ගැනිමටත් විශේෂයෙන්ම දැනට රජයට අහිමි වෙමින් යන සිංහල බෞද්ධ ජනතාව දිනා ගැනිමටත් කරු ජයසූරිය මහතාට හැකි බව ඔහුන් විසින් අදාළ පාර්ශවය දැනුවත් කොට ඇත. එමෙන්ම ඉංදියාව ඇමරිකාව ඇතුළු ප්‍රධාන රටවල් කිහිපයක්ම හිටපු ඇමතිවරයා විසින් මේ සම්බන්ධයෙන් මේ වනවිටත් දැනුවත් කොට ඇත.

මේ අනුව නව අගමැතිවරයා වශයෙන් කරු ජයසූරිය මහතා පත් වූ විගසම එජාපයේ නායකත්වය කරු ජයසූරිය මහතාට එජාපයේ පක්ෂ ව්‍යායවස්ථාව අනුව හිමිවන අතර දෙවෙනි හා තෙවෙනි නායකත්වයට සජිත් ප්‍රේමදාස හා නවින් දිසානායක පත් කිරීම මෙම සැලසුම් කොට ඇත.

මේ වනවිටත් එජාපයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට පමණ අදාළ මාධ්‍ය ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලබදෙන බවත් ඒ අනුව මෙම සැලස්ම ද දිගු කලක් සිට සැලසුම් කරන ලද්දක් බවත් අනාගතයේදි සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වයට ගෙන ඒම මොවුන්ගේ සැලස්ම බවත් ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇත.

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ දි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව සංශෝධනය අනුවද රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පුරප්පාඩුවක් පවතින විට කාථානායක වරයා රටේ ප්‍රධානියා බවට පත් වන ආකාරයෙන් සංශෝධනය සිදු වුනි.

95 views
Main News