Exclusive : ජනාධිපතිට දෝෂාභියෝගයක්.. පාස්කු බෝම්බ කමිටුවෙන් වරද පටවයි..

June 10, 2019 at 9:20 am | lanka C news
Exclusive : ජනාධිපතිට දෝෂාභියෝගයක්.. පාස්කු බෝම්බ කමිටුවෙන් වරද පටවයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මුල් පියවර තබා ඇති බව අද ලංකාදීප පුවත්පත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් වාර්තා කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් හෙළිවන තොරතුරු හරහා මෙම දෝෂාභියෝග ගෙන ඒමට කටයුතු කරමින් ඇතැයිද වාර්තාව සදහන් කරයි.

මේ අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම තේරීම් කාරක සභාවේ කටයුතු නතර නොකරන්නේ නම් ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවතත් එම ධුරවල දිවුරුම් දීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.

සිකුරාදා දින පැවති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති අතර මෙම කාරක සභාව මගින් විමර්ශන කටයුතුවලට බාධා සිදු වන බවත් ජාතික ආරක්ෂාව ගැන සංවේදී තොරතුරු හෙළිදරව් වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හටගෙන තිබෙන අතර එමගින් නැවත තවත් දේශපාලන අර්බුදයක් අනිවාර්යෙන් හට ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

81,774 Viewers

22 Comments to “Exclusive : ජනාධිපතිට දෝෂාභියෝගයක්.. පාස්කු බෝම්බ කමිටුවෙන් වරද පටවයි..”

  1. kanishka Tissa says:

    This won’t succeed. Sirisena is the best president whom we, Sri Lankans ever had. Under his watch whatever done in the country became a crowning success. Everything which he put his hand on turned in to gold.

    • සීගිරි says:

      මේ නව යටත් විජත රාජ්‍යය ව්‍යූහය හා ක්‍රියාකාරිත්වය තුලම දියුණුව,යහපත,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෙකි.
      අවුරැදු 71 කාලය තුල විවිධ අගමැතිවරැ,ජනාධිපතිවරැ හා විවිධ රජයන්, ආණ්ඩු හා සන්ධාන අවසානයේ අසාර්කථ වීමත් හා එහෙම වන්නට හේතුවත් තේරැම් කර දිය හැකි එකම විදිය මේ නවයටත් විජිත රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය අපට නොගැලපෙන එමෙන්ම ජාතියට විනාශය ගෙන දෙන දෙයක් බව තේරැම් කර දීමෙන් පමණි.මේ මොහොතේ රටේ එකම යථාර්තවාදී දේශපාලන අවශ්‍යතාව මේ වෙනස අරඹයා පැන නගින ව්‍යාපාරයක් පමණි.
      මේ රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය විසින් පාලකයා ජෝකරයෙක් ,හොරෙක්,දූෂිතයෙක් හෝ ජනතා ද්‍රෝහියෙක් බවට පත් කර අවසානයේ හැමදාම රටට failed state සහතිකය හිමි කර දේ.

      • Me3 says:

        You are quite right.
        But is there anybody to take the initiative, do the sacrifice, and start necessary organization towards making necessary changes?
        Anyway good luck!

      • Just says:

        If this succeeds Ranil W is going to be the President until next Presidential Election.

        Let us see what the JVP do this time. The JVP contributed made him the PM in 2015, without even thinking about RW’s Batalanda saga. Then JVP protected RW and made him the PM again, after the MR-MS abortive constitutional coup which toppled RW Govt for few weeks.

    • piyumi says:

      Sirisena is the worst president we ever had. He always make mess in the country.

    • Kumar says:

      What sort drugs are you on mate?? We live in real plannet. And you??

  2. “අනාවැකි , හරියා ” 2/3 ක පෙන්නනු ඇත.

    [කතානායක විසින් ” ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් “බාරගැනීමට අත්සන් 2/3 ක් තිබිය යුතුය.]

    • ජසයා says:

      නැත. සාමාන්‍ය බහුතරය ප්‍රමාණවත් භාරගැනීමට. සම්මත කිරීමටනම් තුනෙන් දෙකේ බහුතරය අවශ්‍යයි.

    • ජසයා says:

      වැරදියි. යෝජනාව ඉදිරිපත්කරන්න පුළුවන් සාමාන්‍ය බහුතරෙයන්. නමුත් සම්මත කරන්න 2/3 අවශ්‍යයි

  3. සොමි ධර්මරත්න says:

    පරිවාර කියාගන්නා ඇමතිකෙන්කුත් වාහෙන්ට බලෙන් නැග ගන්න බැලුවාලු, මෝදී බෑ කිව්වලු

  4. පොරමෝලා says:

    මහින්ද අගමැතිට දෝෂාභියෝගයක් ආපු වෙලාවේ ජනාධිපති යටි හිතෙන් සතුටක් ලැබූ බව පසුව කල දයාසිරිගේ කතා වලින් නිරීක්ෂණය විය. ඔන්න දැන් එය ඔවුන්ටම කැරකී ඇත

    • ජසයා says:

      මහින්දට ගෙනාවේ දෝෂාභායෝගයක් නෙමෙයි. විශ්වාහ භංග යෝජනාවක්. දෙක පටලවාගන්න ඒපා.

  5. Dewagathi says:

    Methuma Hari Ahinsakai
    Dakkane 15 Paaratama Nikan udablagenai hitiye

  6. SL says:

    රටේ අවාසනාවට සහ උගේ වාසනාවට ඒ.ජ.පෙ නායක කම ,අගමැති කම ලැබුණු රනිල් ජවිපෙ පිහිටෙන් ජනාධිපති වෙන්නද ට්‍රයි එක . මුස්ලිම් අන්තවාදය ට වැට බඳින මදරසා,ජිහාදී අන්තවාදය , නැගෙනහිර අරාබි අක්ෂර සහිත මාර්ග පුවරු, පන්සල් වෙහෙර විහාර විනාශ කරමින් කරන නැගෙනහිර මුස්ලිම් ජනාවාස ,බදියුදීන් ගෙදර යැවීම ,හිස්බුල්ල ගේ අන්තවාදය නතර කිරීම වෙනුවට ජනාධිපති ගෙදර යැවීම රනිල්ට ලොකුවෙලා

  7. ajith says:

    To accept Impeachment, Speaker consider only 1/3 of 225 (75 votes). However, unlike no faith motion, final judgment will come from the Supreme court. Finally, to remove president from the post, 2/3 of MPs need to vote.

  8. RAYMOND says:

    දෝෂාභියෝගය ගේන්න පෙර පාර්ලිමේන්තු සැසිය අවසන් කරාවි ඉන් පසුව ජනාධිපති වරණය කැදවා වි රනිල් ට හුලං

    • චම්පා says:

      දෝෂාභියෝග යෝජනාවක් භාරගත් වහාම, ජනාධිපති සතු පාර්ලිමේන්තු සැසි වාරය කල්තැබීම සහ පාර්ලිමේන්තුව විසිරවීමේ බලය අත්හිටවෙනවා. ව්‍යවස්ථාව කියවලා බලන්න.

  9. අප්පුහාමිගේ මුණුපුරා says:

    මේක වංචාවක්. සිරිසේන බය කර ශ්‍රීලනිප එවුන් ඩහැගෙන ජාතික කියල ආයෙත් ආණ්ඩුවක් හදන්න කරන වංචාවක්

  10. sunimal says:

    රනිල්ව අගමැති කල එකේ විපාක දැන් පළදෙනවා බල මාලු කෑවනම් විඳෝපන් බලලෝ කිව්වලු.

  11. Saradiel says:

    මම යන්නේ කොයි පාරේ
    රනිල් සර් යනපාරේ ( කථා නායක )

  12. Ratnamalala says:

    No Problem ප්‍රේමදාස කළා වගේ පාර්ලිමේන්තු සැසිය කල්දානවා.එච්චරයි.

Main News