ජනාධිපතිට විරුද්ද දෝෂාභියෝගයකට සහාය දෙන බව එජාපය කියයි..

July 11, 2019 at 10:12 pm | lanka C news
ජනාධිපතිට විරුද්ද දෝෂාභියෝගයකට සහාය දෙන බව එජාපය කියයි..

පාස්කු ඉරිදා මෙරටට බෝම්බ ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් වගකිය යුත්තෙකු බවට චෝදනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී කියා සිටියහ.

ඔවුන් කියා සිටියේ පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ගෙන ආවොත් ඊට සහයෝගය දීමට සූදානම් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, තුෂාර ඉදුනිල් යන මන්ත්‍රීවරුන් කියා සිටියේ ජනාධිපතිවරයාටද මෙම චෝදනා එල්ල කරමින් දෝෂාභියෝගයක් වහා පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවයි.

එම මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශය එක්සත් ජාතික පක්‍ෂයේ කිසිදු මන්ත‍්‍රිවරයෙකු හෝ ඇමතිවරයෙකු විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීමක් නොකලේය.

25,576 Viewers

5 Comments to “ජනාධිපතිට විරුද්ද දෝෂාභියෝගයකට සහාය දෙන බව එජාපය කියයි..”

  1. 🦋NP says:

    ජනාධිපති වගකීමකින් වැඩ කරල නෑ තමයි එතකොට අහමටිල්ලා තුමා මේ ගැන මෙලෝ දෙයක් දන්නැති බබා. සිංහලයෙක් නම් මේ පාවා දෙන්නා පැත්තකින් හිටියත් UNP එකට නම් න්දෙ නම් දෙන්න එපා උන්ට රටේ ඉන්න හිටින්න බැරි වෙන්න සාප වෙයි නෙමේ වෙන්න ඕන.

  2. රාහුල කොලුවා says:

    පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් තුවලා ලැබූ කාන්තාවක් අදත් මැරිලා කියලා අද ප්‍රවෘත්තිවලට කියවුනා.. මන්ත්‍රීවරු ඒවා සාධාරණ වැඩ කියලා ආණ්ඩුවට පක්ෂව චන්දේ දෙනවා..

  3. sw says:

    කවදාවත්ම ජනාධිපති වෙන්න බැරි රනිල් සහරාන්ගේ පිහිටෙන් ජනාධිපති වෙන්න හදන විශ්වාසභංගයක් ? 21 වෙනිදා ප්‍රහාරයේ පිටුපස සිටින්නේ කවුද කියා හෙළිවෙමින් පවතී.

  4. kawinda says:

    JVP ekata uwamana de siduwenawa. bimal katha karapu de hirunikar anumatha kalaa. katta pennapuwaama e passen duwana thushaara hewath nitharama POINT OF ODER namettha mewage wedata issrahata daanawaa.

  5. කොලුවා says:

    ගෙනාපු එවුන්ගෙම හූනියමකින්ම තමයි එක අතකින් තොලොංචි වෙලා යන්නත් ඕන.

Main News