ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..

May 3, 2018 at 10:47 pm | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54 ක් පාඩු කල අයි.කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කලේ මන්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

එසේ ප‍්‍රශ්න කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54 ක් පාඩු කල අයි. කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කළේ ඇයි? ‘

ජනාධිපති කාර්යය මංණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ලබා දීම සදහා කෝටි 56 අල්ලස් ලෙස ඉල්ලා ඉන් කෝටි 2 ක් ලබා ගන්ද්දීය.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබද සත්‍ය අප හෙළි කලේ මීට වසරකට පෙරය. ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම් වරයා වූ අයි.කේ. මහානාම කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍ය විකිණීමට කැදවන ලද ටෙන්ඩරයට අනුව වැඩිම ලන්සුව වූ කෝටි 54 ට එය ලබා දුන්නේ නැත.ඔහු එසේ කළේ අල්ලස් ලබා ගැනීමට බව අප රටට හෙළි කළේය.

භාහිර පිරිසක් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වෙත යැවූ බවට අප පොලීසියට පැමිණිලි කළේය.

පරීක්ෂණයකින් පසු පොලීසිය අප වෙත දැන්වූයේ ඔවුන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වෙත යැවූයේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම් වරයා වූ අයි.කේ. මහානාම බවයි.

ජනතා විමුක්ති පෙරමුණද ඔහු ආරක්ෂා කළේය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

181 views