Exclusive : ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස…

May 19, 2019 at 10:21 pm | lanka C news
Exclusive : ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස…

වසර හයක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඥානසාර හිමියන් පුද්ගලිකව මුණගැසුනු බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

පුද්ගලික මට්ටමින් පැවති එම හමුව සඳහා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුකාරවරයෙක්, මන්ත්‍රීවරයෙක්, මාධ්‍යය අධ්‍යක්ෂවරයෙක් සහ තවත් එක් අයෙකත් සහභාගී වී තිබින.

පවතින අන්තවාදී ත‍්‍රස්තවාදය ගැන මෙන්ම එම සංවිධාන ගැන ඇති තොරතුරුද බොහෝමයක් ඥාණසාර හිමි විසින් ජනාධිපතිවරයාට එම හමුවේදී හෙලි කර ඇත.

තමනටද පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඥාණසාර හිමියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලකර ඇත. ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට ඉඩ ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කලේය.

අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කරන ලදී.

ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන්, මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් කාලයක් තිස්සේ ජනාධිපතිවරයාට ඉල්ලීම් කර තිබින.

200,477 Viewers

20 Comments to “Exclusive : ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස…”

  1. Huta says:

    onna karanawa Nam Honda wedak

    • Senarath says:

      දැන්වත් දිව පරිස්සම් කරගෙන බුද්ධියෙන් වැඩ කළොත් හොදයි….

      • seaturtle says:

        Senarath would like everyone to be quiet and support his politician masters and NGO MASTERS TOO.
        YES , IT DOES NOT MATTER TO SENARATH HOW MANY INNOCENT PEOPLE ARE KILLED.

      • අසිත says:

        දිව නෙවෙයි කට පරිස්සම් කර ගන්න වෙනවා.

      • විස්කි මැඩම් says:

        නානසාර හිමි කියපු දේ ඇත්ත.
        නමුත් වැඩ කරණ හැටියට හත් පොලේ ගාගන්නවා.

  2. Roshan says:

    Keliya thaapetta.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    එලියට එන එකට අපි කැමතියි හාමුදුරුවනේ, ඒත් එක එකාගේ ලණු කාල ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ජන්ද දෙකට කඩන්න නම් හදන්න එපා. මේක තමයි සිංහලයට තියෙන අන්තිම අවස්තාව. රට ඉල්ලන්නේ ගෝටා ඒක සිහියේ තබා ගත්තොත් හොදයි.

    • jay says:

      Mey hamuruwo nidahas karanne a plan ekata thamayi.

    • Huta says:

      He supported MR. What’s ur problem???

    • Sadda says:

      සැබැවින්ම ඔබ හා එකගයි . මෙයා කුජීත උන නම හදාගන්න ගහන ඊලඟ තුරුම්පුව. ත්‍රිපිටකය ,කුඩු, ව්‍යාපෘති ඔක්කොම අසාර්ථකයි කියල එයාගෙ කටින්ම කිව්වනේ. සිංහලයා තවදුරටත් කැවුම් කන්න යෝධයා පමනක් නොවන බව පසක් කරන්න අපිත් සූදානම් වෙමු.

  4. දප්පුල says:

    ශ්‍රි ලංකා යුධ හමුදාව කොටි ත්‍රස්තයන්ට රසායණික අවිවලින් පහරදුන් බවට ජිනීවා වලදී 
    බොරු සාක්කි දුන් සැන්දෑ එක්නැලිගොඩ නැමැති ද්‍රෝහී ගෑණියි, ඒකිව වාර්ෂිකව ජිනීවා 
    එක්කයන NGO ඩොලර් කුක්කොයි දැන් හිටි පිණුම් ගහයි.

    • දේශයට අප්‍රිය සුනන්ද says:

      ඔවු අපි මේක ලේසියෙන් අත් අරින්නෙ නෑ.

  5. CHAMINDA -SADA STF says:

    THIS IS A GREAT NEWS AND THANK YOU VERY MUCH SIR,
    GREATLY APPRECIATED!

  6. Jay says:

    Meka political game ekak. Feb 4 nidahas nokale eyi? Gotabayage chanda kadana master plan ekakatayi mey lesthi wenne.

  7. Nana says:

    As a monk he should know how to behave, respect law, not to create communal clashes… But talking about extremism is always good.

  8. වී අංගොඩ says:

    Api atherin ne meka lesiyen…….

  9. සේනාලික says:

    නිදහස් කරන්න. හීනෙන් තමයි

  10. sathya says:

    දැන්වත් කට පරිස්සම් කරගෙන බුද්ධියෙන් වැඩ කළොත් හොදයි

  11. seaturtle says:

    Many comments by NGO arse lickers
    Lots of dollars are being spent to vilify this monk

  12. Gihan says:

    Mewa kalinma karanna thibuna dewal. Me hamuduruwanwa nidahas kare neththam janadhipathi thumo bolatai bolage paule untai henama gahanawa. konda kelin thiyagena rata wenuwen theeranayak ganna berinam makabewila yana eka hodai.

Main News