EXCLUSIVE : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වේ.. අගමැති ඉවත් කරන්න විශ්වාස භංගයක්.. ජනාධිපති නීතිපති මතය විමසයි.. අවසන් සාකච්චාවේ ප‍්‍රතිඵල මෙන්න..

February 18, 2018 at 10:32 pm | lanka C news
EXCLUSIVE :  ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වේ.. අගමැති ඉවත් කරන්න විශ්වාස භංගයක්.. ජනාධිපති නීතිපති මතය විමසයි.. අවසන් සාකච්චාවේ ප‍්‍රතිඵල මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්චා පවත්වා තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග පැවති සාකච්චාවේදී තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

එමෙන්ම අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් කටයුතු කරන ලෙසත් එසේ නොකලහොත් තමන් නීතිපතිවරයාගේ අදහස් විමසන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මේ බව සනාථ කලේය.

මේ අතර ජනාධිපතිවරයා හමුවීමෙන් පසු අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට සමග පවසා ඇත්තේ තමන් අගමැති ධුරයේ කටයුතු කරන යහපාලන ආණ්ඩුව තව දුරටත් ඉදිරියට යන බවත් කැබිනට් සංශෝධනයක් බදාදාට සිදුවන බවත්ය.

104 views

21 Comments to “EXCLUSIVE : ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වේ.. අගමැති ඉවත් කරන්න විශ්වාස භංගයක්.. ජනාධිපති නීතිපති මතය විමසයි.. අවසන් සාකච්චාවේ ප‍්‍රතිඵල මෙන්න..”

  1. බන්ඩා says:

    හැම දේටම උත්තර නීති පොතෙන් හොයා ගන්න පුලුවන්ද? රටක සදාචාරයක් තියෙන්න ඔිනෑ. ලංකාවෙ අපිට නැත්තෙත් ඒකමය්. රට තියා පක්‍ෂෙවත් එකට තියා ගන්න බැහැ කියල තේරෙන කොට හරිනම් අගමැති පක්‍ෂෙට කියන්න ඔිනැ සුදුසු කෙනෙක් පත් කොර ගන්න කියල. නමුත් අපේ ඉන්න අගමැති නම් දුම්මල ගහලවත් එලවන්න බැරි කෙනෙක්.

  2. ගමරාල says:

    යූ.ඇන්.පියත් එක්ක සම්මුති ආණ්ඩු හදන්න ගිහින් අන්තිමට මේ රටට ගෞරවාන්විත සේවාවක් කල ශ්‍රීලනිපය නැත්තටම නැති කල ශ්‍රිලනිප නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ සහ එම පක්ෂය පෝෂණය කර ඉදිරියට ගෙන ගිය සිරිමාවෝ මැතිනියගේ කණිටු දියණිය වන චන්ද්‍රිකාට උපහාර උලෙලක් පැවැත්විය යුතුය…

  3. amarapaala says:

    Thilangayata Mekath Sooduwak…

  4. යැන්කින්ටත් නමස්කාර්
    හුඅන්පින්ලටත් නමස්කාර්
    දුවපියව් විපක්සේට බුලත් පිනාර්ස්
    මං උපන්ගෙයි හුආන්පීකාර් !!!!!හිටං…..

  5. බංගේ ගේනවා බහුතරේ හොයනවා
    අනෙ ඒකත් නෑ කඩු මිට අහුවෙනවා
    ඇපත් නැතුව එකත් පරදිනවා
    නව ගිලෙනව …අපි ඩබල කුකුල් ඩාන්ස් දානවා ..තද…තද….අගමැටි….!!!!

  6. podi saadu says:

    me ratata me aula kale kaalakanni sirisenaya. podu jana eksath peramunata thani balayak pihituwanna lebenna thibba chanda welekkuwe me kaalakanniya.ada me rata moonadeela thiyana kaalakanni thathwe nirmanaya kale me kaalakanniya. nethnam me rata hodata giya ratak

  7. Susil says:

    Can Maitri trust so called SLFP politicians. They worked against him. If so why he is trying to work with them

Main News