Exclusive : තවත් අල්ලං ඉන්න බෑ.. තීරණයක් ගන්නවා..- හකීම්-බදියුදීන් තීරණාත්වකව දැනුම් දේ.. රනිල්ගේ මුහුණ බෙරි වෙයි.. ‘තම්බින්ගේ හැටි ඔහොමමයි’ කියයි..

November 4, 2018 at 9:20 am | lanka C news
Exclusive : තවත් අල්ලං ඉන්න බෑ.. තීරණයක් ගන්නවා..- හකීම්-බදියුදීන් තීරණාත්වකව දැනුම් දේ.. රනිල්ගේ මුහුණ බෙරි වෙයි.. ‘තම්බින්ගේ හැටි ඔහොමමයි’ කියයි..

පවතින තත්වය තව දුරටත් අල්ලාගෙන සිටීමට තම පක්‍ෂයන්ට නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා හා සමස්ත ලංකා මහජන කොංග‍්‍රස් නායක රිෂාඩ් බදියුදීන් මහතා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත.

ඊයේ දිනයේ මෙම තීරණාත්මක දැනුම් දීම අරලියගහ මන්දරියේදී කරද්දී හිටපු අගමැතිවරයාගේ මුහුණ බෙරි වී ගිය බව ඒ ආසන්නේම සිට ඇසින් දුටු පුද්ගලයෙකු ලංකා සී නිවුස් වෙත වාර්තා කලේය.

තම පක්‍ෂ මේ මොහොතේ තීන්දුවක් නොගත හොත් තම පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් නව ආණ්ඩුවට එක්වීම වලක්වාගත නොහැකි බවද පක්‍ෂ නිායකයන් දෙදෙනා දන්වා ඇත.

එනිසා කල හැකි යමක් වෙතොත් තවත් කල් නොමරා කරන ලෙසද ඔවුන් විසින් වික‍්‍රමසිංහ මහතාට ඉතා තීරණාත්මකව දන්වා ඇත.

හිටපු අගමැතිවරයාට මොවුන් දෙදෙනා විසින් මෙම දුනුම් දීම කර ඇත්තේ වෙන් වෙන් වශයෙන් ආසන්න වේලාවල් දෙකකදීය.

මෙම දැනුම් දීම කරද්දී එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත‍්‍රීවරයෙකු ඒ අසල සිට පවසා ඇත්තේ ‘තම්බින්ගෙ හැටි ඔහොමම තමයි’ කියායි.

26 views

23 Comments to “Exclusive : තවත් අල්ලං ඉන්න බෑ.. තීරණයක් ගන්නවා..- හකීම්-බදියුදීන් තීරණාත්වකව දැනුම් දේ.. රනිල්ගේ මුහුණ බෙරි වෙයි.. ‘තම්බින්ගේ හැටි ඔහොමමයි’ කියයි..”

  1. sinha le says:

    ශ්‍රී ලංකාව තුල නැවතත් ජනවාර්ගික අර්බුදයක් සිංහල හා මුස්ලිම් ජනය අතර ගොඩ නැගෙමින් පවතී. මෙයට හේතුව මෙතෙක් මුස්ලිම් ජනයා කෙරෙහි සිංහලය තැබූ විශ්වාසය බිද වැටීම හා සැක මතුවන අයුරින් මුස්ලිම් ජනයා කටයුතු කිරීමයි. මෙයට ප්‍රදාන සාධකය වී ඇත්තේ මුස්ලිම් නිකායවල් වන වහාබි සහ සලෆි යන දෙකෙහි ක්‍රියාවන්ය.

Main News