දුරකතන ආනයනය තහනමට සූදානම්…

July 4, 2021 at 10:32 pm | lanka C news
දුරකතන ආනයනය තහනමට සූදානම්…

ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය.

මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන ප්‍රමාණය මේ වන විටත් මෙරටට ආනයනය කර අවසන්ය යයිද ඔහු සඳහන් කලේය.

මෙම වසරේදී ඩොලර් මිලියන 250ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකථන ගෙන ඇති නිසා මෙම තීරණය ගැනීමට සිදුවනු ඇති බවත් පැවසූ නුදුරේදී අවශ්‍ය මොහොතක එය යළි වෙනස් කිරීමට හැකියාව ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.

54,258 views

6 Comments to “දුරකතන ආනයනය තහනමට සූදානම්…”

  1. Deelaka Fer says:

    මොකක්ද යකෝ මේ ජෝක්ස් එක 😂😂😂😂😂 එක වෙලාවකට එකෙක් එක දෙයක් කියනවා…… ඊට පස්සේ වෙන එකෙක් තවත් එකක් කියනවා…….. ආයේ කොහෙවත් ඉන්න එකෙක් වෙනම දෙයක් කියනවා….. 😂😂😂😂 යකෝ මේ ආණ්ඩුව නිකම් මොන්ටිසෝරි පන්තියක් වගේ 😂😂😂😂😂

  2. Darshana abayakoon says:

    ජංගම දුරකථන වලින් නිකුත්වන විකිරණ අංක එකේ පිලිකා කාරකයක්. අනික පාසල් යන ලමයින්ට දුරකතන දීල අන්තර්ජාල පහසුකම් දුන්නම ඒ ලමයි නොමග යනවා. ඒ නිසා මේ වෙලාවේ ජංගම දුරකථන තහනම් කරන්න ගත්ත තීරණය ඉතාමත් කාලොචිත තීරණයක්. බටහිර ජාතීන් හදුන්වා දුන්න ජංගම දුරකතන වෙනුවට අපිට පුලුවන් ආදි හෙලයින් භාවිතා කල, පරවියන් අතේ පනිවිඩ යැවීම. ඊතල විදීම, වැනි සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමට. ඒ වගෙම පාසල් සිසුන්ට පරිසර හිත කාමි, ස්වාභාවික ද්‍රවිය වලින් හදපු වැලිපිල්ල, ගල් ලෑල්ල වගේ දේශීය මෙවලම් වලට නැවත හුරු වෙන්න පුලුවන්. මේ මගින් විදෙස් රට වලට යන ඩොලර් බිලියන ගානක් අපිට නවත්ත ගන්න පුලුවන්. ඒක තමයි අති ගරු ජනාදිපති තුමාගේ සෞභග්යේ දැක්ම.

  3. 🤣🤣🤣🤬 says:

    සූම් සොය සොයා දරුවෝ ගස් නගති
    නාට්‍ය බලන පාසල් ලමයිද දුක් නගති
    ‘ඔන්ලයින් ‘ ඔන්න-ලයින් හඩම නගති
    ලමා අපචාර අඩුවුනු බව සතුටු නගති

  4. Amda says:

    එතකොට ඒව ලන්කාවෙ හදනවද?
    පාසල් ලමයින් ඔන්ලයින් ඉගෙනගන්නෙ මොකෙන්ද??
    ෆෝන් කියන ඒව කැඩෙනව..එතකොට මොකද කරන්නෙ???

    ගොන් විසඳුම් දෙන්නෙ නැතුව ටිකක් මොල පාවිච්චි කරල තීරන ගත්ත නම් තමයි හොඳ…
    නැත්නම් මේ කේවට්ටයො කරන වැඩ නිසා අපකීර්තියට පත් වෙන්නෙ ජනාධිපතිතුමා….

    ආනයනය සීමා කරන්න ලක්ශරි ගූඩ්ස් වල..
    ෆෝන්ස් වල සහ අනෙක් එලෙක්ට්‍රොනික් ගුඩ්ස් වල හයි එන්ඩ් ඒව නවත්තන්න…
    බොරු දේවල් නවත්තන්න…බ්‍රෑන්ඩඩ් අයිටම්ස් නවත්තන්න…
    ලන්කාවෙ හදන්න බැරි ඒව කොහොමත් ගේන්න වෙනව……නැත්නම් මේක සෝමාලියාව වගේ වෙයි

  5. Adonis says:

    Stupid!

    Stop importing high end ranges & LUXURIOUS GOODS…. Phones aren’t luxurious

  6. krishantha says:

    price above Rs.50,000/- (with tax) phone thahanam kalanam iwarane. zoom yana podi ewun tikata phone thiyenna epaya.

Main News