නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය.. ජනපතිගේ නිර්දේශය ව්‍යවස්ථා සභාවේ අනුමතයි.. නව විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න..
April 26, 2019 at 11:20 am | lanka C news
නව අගවිනිසුරුවරයේ ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබූ ජයන්ත ජයසූරිය මහතා නම මෙසේ අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත.
ඒ අනුව එළැඹෙන 28 වන දින අගවිනිසුරු නලින් පෙරේරා ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසු ජයන්ත ජයසුරිය මහතා නව අගවිනිසුරු ලෙස ධුරයේ දිවුරුම් දෙනු ඇත.
අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කරන ලද චූලන්ත වික්‍රමරත්න මහතා විගණකාධිපති ලෙස පත් කිරීමටද අනුමැතිය දී ඇත.