නාමික ජනාධිපතිකමට මෛත‍්‍රී පසුබසී.. එජාපයටත් දැනුම් දේ..

April 3, 2019 at 12:01 am | lanka C news
නාමික ජනාධිපතිකමට මෛත‍්‍රී පසුබසී.. එජාපයටත් දැනුම් දේ..

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධන යෝජනාවට ශ‍්‍රීලනිපය කණ්ඩායමේ සහාය ලබාදී, පාර්ලිමේන්තුවෙන් මීළඟ නාමික ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එජාපෙට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල ඇමතිවරයෙකු පැවසුවේ, 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව නාමික ජනාධිපතිවරයා ලෙස යළිත් මෛත‍්‍රීපාල සිරිසේන පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය හා එජාපෙ නායකයන් අතර සාකච්ඡුාවක් තිබෙන බවයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් ප‍්‍රකාශ කළේ, දැනට ඉදිරිපත් කර තිබෙන 20 වන සංශෝධන කෙටුම්පතට සංශෝධන කිහිපයක් එකතු කළහොත් එයට සහාය දැක්විය හැකි බවයි. ඔවුන් තවදුරටත් පැවසුවේ 20 වැනි සංශෝධනය පිළිබඳව ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ පාර්ලිමේන්තුවේදී මුණගැසුණු අවස්ථාවලදී නොනිල සාකච්ඡුා පවත්වා ඇති බවයි.

නාමික ජනාධිපතිකමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේයැයි පොරොන්දු වී සිටින බවත් ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය සහයෝගය නොලැබෙන පසුබිමක එවැනි තීරණයක් ගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඔවුහු කීහ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයට තනි කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීම ශ‍්‍රීලනිපයට විකල්පයක් ලෙස පවතින බව එක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිළේ මන්ත‍්‍රීවරුන් 29ක් සිටින අතර එජාපෙ, දෙජාස, ජවිපෙ යන පක්ෂවල මන්ත‍්‍රී කණ්ඩායම්වල මන්ත‍්‍රීධුර සංඛ්‍යාවද එක්වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඊට මහින්ද රාජපක්ෂ පිළේ මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ පමණ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එජාපෙ ප‍්‍රබලයෙක් අනිද්දා සමඟ කීය.

20 වැනි සංශෝධනය පිළිබඳව කළ විමසීමකදී අදහස් දක්වමින් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ ඊළඟ මැතිවරණය දක්වා තිබෙන කාලසීමාව ඇතුළත 20 වැනි සංශෝධනය සම්මත කළ හැකිදැයි සැකයක් පවතින බවයි. එසේ වූවත් ශ‍්‍රීලනිපය 20 සංශෝධන යෝජනාවට එකඟ නොවෙන්නේ දැනට පවතින මැතිවරණ ක‍්‍රමයෙන් ස්ථාවර ආණ්ඩු බිහි නොවීම නිසා බවත්, එම ගැටලූවට මේ වෙද්දී ජවිපෙ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු කීය. ඒ නිසා එම සංශෝධනයට පක්ෂව ඡුන්දය දීමට හැකියාවක් තියෙන නමුත් ශ‍්‍රීලනිපය තවම ඒ පිළිබඳව නිල තීරණයක් ගෙන නැතැයිද ඔහු කීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසුවේ ශ‍්‍රීලනිප නිල තීරණයක් ගෙන නැති බවත් අනෙකුත් පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සහාය දක්වන්නේ නම් ශ‍්‍රීලනිපයටද සහාය දැක්වීමේ හැකියාවක් තිබෙන බවත් ය.

– anidda.lk

19 views

6 Comments to “නාමික ජනාධිපතිකමට මෛත‍්‍රී පසුබසී.. එජාපයටත් දැනුම් දේ..”

  1. wilson says:

    225 EKATHUWELA KAAPALLA

  2. Gamunu says:

    පළාත් සභා සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය තිබියදී ජනාධිපතිවරණය අහෝසි කිරීමෙන් බෞද්ධ නොවන අයට පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වීමට අවස්ථාව දිය යුතුය. පාර්ලිමේන්තුව විසින් බෞද්ධ මන්ත්‍රී න්ගේ සහායෙන් මුස්ලිම් සහ කතෝලික මන්ත්‍රීවරුන් කතානායක කර ගන්නවා වගේ…ඒ වගේම අගවිනිසුරුවරයා ලෙසත් බොහෝවිට පත් කර ගන්නේ කතෝලිකයන්‍ ය. ඒ නිසා බෞද්ධ යෙක් ජනාධිපති වීම වැළක්වීම සදහා ජනාධිපතිවරණය අහෝසි කරනු…

  3. බන්ඩා says:

    19 වන සංශෝධනය රට දේසපාලනිකව අස්ථාවර කලා නම් ජෙප්පන්ගෙ 20 විධායකය දුර්වල කර පරිධිය ශක්තිමත් කර රට කෑලි වලට කඩනවා නියතය්. අද රටේ යතාර්තය වන්නේ පොහොට්ටුවට චන්දෙ දෙන අය කීයට වත් සිරිසේනට චන්දෙ දෙන්නෙ නැත යන්නය්. ඉතින් 2015 සිරිසේනට ලැබුන ලක්ෂ 62 අද 6.2 ට බැස ඇති බව නොදන්නේ බබ්බු පමනය. ජන(අ)ප්‍රිය සිරිසේනට ඇත්තේ තමාගේ ඉදිරි අනාගතය ගැන චකිතයක් මිස රටේ පැවැත්ම හෝ රටේ අනාගතය ගැන කැක්කුමක් නොවන බව ඔහුගේ මේ කියන වෙන්ඩ කරනමින් මොනවට පැහැදිලි වේ. ඉතින් සිරිසේන සතුටු කිරීම මහාචාර්ය නලීන් හිතන තරම් පහසු කාරියක් නොවේ. එකක් කිව යුතුය. සිරිසේන 20ට සහාය දුන්නොත් ඇඩම් සහ ඊව තහනම් ගහේ ගෙඩි කෑවාට වඩා දරැණු පවක් කර ගන්නවා නිසැකය්. සිරිසේන සිය පවුලම කැඳවාගෙන යන්නේ බුද්ධාගමේ කියන තාවකාලික අපායට නොව ගැලවීමක් නැති යෙහෙවා/අල්ලා ගේ සදාකාලික නිරයටය්.

  4. lalalal says:

    janadipathi kama balu karala dan ithuru tikath kaladala palayan. pimpi nayakaya.

  5. Kadiya says:

    ජනතා කැමැත්ත මතු පැවැත්වෙන චන්දයකදී නොලැබෙන බව පෙනෙන UNP, JVP සහ සිරිසේනගේ SLFP පාදඩ මන්ත්‍රීවරු එකතුකරගෙන 2/3 හදාගෙන ජනාධිපති චන්දෙ අහෝසි කරලා සල්ලිවලට ගන්න පුළුවන් මන්ත්‍රීවරු හට ඕනෑම අමනයෙක් ජනාධිපති කරන්න පුළුවන් විධියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගන්නයි මුන් උත්සාහ කරන්නේ. ඒකට හේතුව සදාකල් බලයේ ඉන්න ඕන පසුගිය වසර 4 කල හොරකම් යට ගහගන්න. නමුත් 2/3 මදි ජනමත විචාරණයකට යන්න වෙනවා. අධිකරණය ලවා ඒ කපොල්ල වහගත්තොත් අරමුණ ඉටුකරගන්න පුළුවන්. ජනතාවට සහ රටට දෙවියන්ගේ පිහිටයි.

  6. Nish says:

    නාමික ජනාධිපති කියන්නෙ බලතල නැතුව, වැඩක් කරන්නෙ නැතුව කකා බිබී, කයිවාරු ගහ ගහ ඉන්න පුලුවන් අමුතු තනතුරක්. අපි බදු ගෙවනවා, ජනාධිපති නාමිකව ආතල් එකේ ඉන්නවා. ජෙප්පොන්ට පිස්සුද ඇත්තට?

Main News