EXCLUSIVE : ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල හෙලිවේ.. සම්පුර්ණ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..

December 4, 2016 at 10:46 pm | lanka C news
EXCLUSIVE : ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල හෙලිවේ.. සම්පුර්ණ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..

නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් ගාල්ලේ දි කල ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන් වී ඇති බවක් හැඟව්මට හේතුවෙන් FCID ය මේ වනවිටත විමර්ශන ආරම්භ කොට ඇත.

2016/07/07 දින වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවෙන් මේ ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා ලෙහෙසියෙන්ම කාගේ නොසැලකිල්ල නිසා මේසා විශාල මුදලක් වැඩකට නොගෙන මෙතෙක් අතහැර දමා තිබේද ? ඒ කුමන කරුණ නිසාද පැහැදිලි කර ගත හැකිය.

ඉහත මුදල් නිකුත් කිරීමට ප්‍රථම එනම් 2014/04/31 දින කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගිවිසුම නීති පති වෙත යොමු කොට ඒ සඳහා එකඟතාවය ලබා ගත් බව කැබිනට් පත්‍රිකාවේ 2 වෙනි පිටුවේ 3 වන ඡේදයේ පැහැදිලිව සඳහන් වේ.

එමෙන්ම 2 පිටේ 4 වන ඡේදයේ සඳහන් වන්නේ එම සමාගමට අත්තිකාරම් මුදලේ මූලික 5% සඳහා ඇ ඩොලර් 29,989,000 ක් එනම් රුපියල් මිලියන 450 ක් පමණ 2015 ජනවාරි 7 වෙනිදා අමතර ගෙවිමට අනුමැතියය.

එම ඡේදයේ තවදුරත් සඳහන් කොට ඇත්තේ “අත්තිකාරම් මුදලේ මූලික 5% ගෙවීම් කොන්ත්‍රාත්කරු හට සම්පූර්ණයෙන් ගෙවා නොතිබු හේතුවෙන් සහ එවකට සිදු වූ දේශපාලන වෙනස්කම්ද හේතු පාදක කරගනිමින් ව්‍යාප්තියේ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා සේවායෝජකයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත උපදෙස් ලබා දි නැත.” යන්නයි.

ඒ අනුව සේවායෝජකයා යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයයි. එනම් 2015 ජනවාරි 8 නව රජයේ වාරිමාර්ග අමාත්‍යවරයා දුමින්ද දිසානායකය, වර්තමානයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසාය, කෝටි 420 ක් මුදල් ලබා ගන්නා අවස්ථාවේ අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වාය.

001 002 003004

37 views

10 Comments to “EXCLUSIVE : ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල හෙලිවේ.. සම්පුර්ණ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..”

  1. Gura says:

    මෙතුමාට ආයෙත් රෙද්දේ ගිහිල්ල වගේ….?

    හුටංට කියල හෝද ගත්ත නං…. ගන්දස්කාරේ බැහැ.

    • මටහිතුන ඇමතිතුමා උපමා උපමේය මනාවට ගලපා මාද්‍යයට බමරු නොදුටු මල්ගැන සිංදු කියද්දි මෙයාගෙ සියබල ගහේ එක කරලක්වත් හැදිලම නැද්දෝ?කියල. ඔන්න බලන්නකෝ ඒකෙත්හැටි, නිල්වලා ගගේ මෝයකටින්ම ඇමතියගෙ සියබල ගෝනි නෙවෙයි කන්ටේනර් ගනන් මතුවුනා කියහන්කො එහෙනන්, “කොහෙද සොයිසො උබ හැංගුවෙ නිල්වලා මිලියන් මල”

  2. ගම්බාරේ says:

    රටේ අවාසනාවකි. ජනාධිපතියට රටේ නිතීය ගැන අවබෝධයක් නැත. ඇමතිකම් කලාට පරිපාලන ගැන අවබෝධයක් නැත. ගිවිසුමක් ගැන අවබෝධයක් නැත, කොටින්ම තම අමාත්‍ය මණ්ඩලය ගැන අවබෝධයක් නැත. මෙහෙම ගියොත් රට කොහේ ගිහිං නතරවෙයිද?

    • Alapaluw says:

      ගම්බාරේ ඔබ සීයට සීයියක් හරි මොවුට ඇමති කමක් කරාට මුළු රටක පාලනයක් කිරීමට දැනුමක් නොමැත මේවැනි නුගත් දෙසපාලකයෙක් රජවුවිට එය දැනෙන්නේ පොරෝහිතයන්ටවත් අග්‍රපුරෝහිතයන්ටවත් නොව අසරණ රටේ පුරවැසියාට පමණි.මොකද මේවන් පාලකයෙක් රජවුවිට සේසු ඇමතිමණ්ඩලය මොවුව ආරක්ෂා කරති.එය ඔවුට තිබෙන ආදරයව්ත් හිතවත් කමකට නොව.ඒ අයගේ පැවැත්ම උදෙසා මිස වෙනත් කරුණකට නොව. මේය අපගේ කරුමෙට පහළවුණු නුගත් පාලකයෙකි,මෙය අපටනොව අපගේ පරම්පරාවටම දැනෙනවා නියතයි.මක්නිසාද වැටුණු තැනිනින් සිට නැවත ගොඩනගාගන්න යන කාලය මත සහා රට මුළුමනින්ම කාබාසිනියා කරබවින්. අනෙක මේවන් ග්‍රමසේවකයෙකුගෙන් මේයට වඩා දෙයක් අපිට බලාපොරොත්තුත් වියනොහැකිය.

  3. රාජ්‍ය සේවක says:

    මෙහෙව් රටක කොහොමද රාජ්‍ය නිලධාරින් තීරණය ගන්නේ. ?

    • Sihala Yaka - සිහල යකා says:

      yes. වාරිමාර්ග නිළධාරීන්ට කරන්න දෙයක් නෑ. ප්‍රොජෙක්ට් එක කැන්සල් කරලත් නෑ. කරන්න දෙන්නෙත් නෑ. වැඩ බැරි ගොන් ඩබල​.

      මේ නිල්වලා ප්‍රොජෙක්ට් එකත් පෝට් සිටිය වගේම තවත් එකක්.
      මේ රජය ආපු ගමන් වැඩ නැවැත්තුව​.
      දැන් අනුන් ට බනින්න ගිහින් හත් පොලේ ගා ගන්නව​. විශාල ප්‍රොජෙක්ට් වල ​ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන එක සාමාන්‍ය දෙයක්. ඒක කලේ මහින් ද රාජපක්‍ෂ නොවේ. අදාල අමත්‍යංශයේ ඉංජිනේරු අද්‍යක්‍ෂක ලා.
      මේ රජය ආපු ගමන් වැඩ බ්ලොක් කරල දැන් වැඩ පටන් ගත්ත අයට බනිනව​.
      වැඩ කරලත් නෑ ඒත් සල්ලි ආපහු අරගෙනත් නෑ කියා තමයි FCID එකට පරීක්‍ෂාවට​ යොමු කරපු චෝදනාව.

      මේ චෝදනාව කරපු හරක දන්නෙ නෑ සල්ලි ගෙව්වෙ මහින් ද මහත්තයගෙ රජය කාලෙ උනාට ඒ සල්ලි පුද්ගලික සමාගමක් ලඟ වසර 2 ක්ම තියාගන්න ඉඩ දුන්නෙ මෛත්‍රී මහත්තයගෙ රජය කාලෙ බව​.
      කවුද දන්නෙ නෑ ඒ ගොන් හරක​. ඒ ගොන් හරක හිතන් ඉන්නෙ මහින් ද සල්ලි හංගගෙන ඉන්නව කියල .

  4. Notthischange says:

    Ara langama bus walata una wage meketh kohe hari Mahinda gawanna potak athi…

    • Hopper Bra says:

      ඒක තමයි උත්සාහ කලේ. ඒත් මතක නෑ කවුද අවුරුදු දෙකක් තිස්සේ රට පාලනේ කරන්නෙ කියල​.
      වසර 2 ක් තිස්සේ වැඩ නොකර පුද්ගලික ගිණුමක සල්ලි තියන් ඉන්නව කියල තමයි චෝදනාව​.

  5. ගමරාල says:

    ලොක්කට වුනේ අර ලී කූඤ්ඤෙ ගලවපු වදුරට වෙච්ච දේ…? දැන් නැට්ට හිරවෙලා දගලනවා….

  6. singha says:

    මෙන්න වීදුරු ගෙවල්වල ඉදන් මහින්දට ගල් ගහන නියම හොරු.මේවා එලයට එයි කියා බයටයි මුන් රටට හෙනගැහුවත් හැම පණතකටමඅත් උස්සන්නේ. මුන්ව රටිනුත් පැන්නීම ජනතාවගේ වගකීමයි.

Main News