Exclusive : පීඩන අවපාතය ‘ඔකී’ සුළි කුණාටුව වෙයි.. මහා ගංවතුරක්..
December 1, 2017 at 10:33 pm | lanka C news
දිවයිනේ නිරිත දිග බෑවුමේ ඇතිව තිබෙන අධික වර්ෂාපතන තත්වය හේතුවෙන් නිල්වලා ගග පිටා ගලා මහා ගං වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මේ තත්වය මත මාතර, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ, අකුරැස්ස, අතුරලිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි විමසිල්ලනේ සිටිය යුතු බවයි.
මේ වන විට ගිං ගගේ ජල මට්ටමද සුළු ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති අතර ඉදිරියේදී එයද තවත් ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නිල්වලා ගගේ පානදුගම ජල මාපාංකය දැක්වෙන්නේ මීටර 6.96ක් ලෙස වන අතර එය මහා ගංවතුර තත්වයක් වන මීටර 6.50 ඉක්මවා යාමකි.
දින කිහිපයක් තිස්සේ ශ්රි ලංකාවට බටහිද දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර 800ක පමණ දුරකින් ස්ථානගතව ඇත්තේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමිනි.
ඉදිරි දින දෙක තුනක කාලයේදීද මේ හේතුවෙන් ශ්රී ලංකාවට වැසි අපේක්ෂා කරන බවත් ඉන් පසු එය ක්රමයෙන් පහව යනු ඇති බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
ඇති වූ අපදා තත්වය නිසා පුද්ගලයින් අඅ දෙනෙකු මිය ගොස් ඇති අතර පවුල් 18,752ක පුද්ගලයින් 61,125ක් පීඩාවට පත් වී සිටිති.
අයහපත් කාලගුණය දිස්ත්රික්ක 15 කට බල පා ඇත.
ME KALAKANNI ANUDUWA AWADA IDAN APADA – MUSALAYO
අහස පොලව නුහුලන අපරාධ කරනකොට මෙහෙම වෙනවා. ඒත් ඉතින් මේව වෙන්නෙත් අපිට ගෙවන්නෙත් අපිමනෙ.