Exclusive : පුංචි ඡන්දයේ මහා මගඩියක් හෙලි වෙයි.. පොහොට්ටුවට තවත් මන්ත‍්‍රී ධුර 200ක්.. තවත් සභා 36ක්..

February 28, 2018 at 10:00 am | lanka C news
Exclusive : පුංචි ඡන්දයේ මහා මගඩියක් හෙලි වෙයි.. පොහොට්ටුවට තවත් මන්ත‍්‍රී ධුර 200ක්.. තවත් සභා 36ක්..

පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ගණනයේදී ඉතා බරපතල වරදක් සිදුව ඇති බව ඒකාබද්ද විපක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී සදහන් කලේය.

ලයිස්තුවලින් මන්ත‍්‍රීවරුන් පත් කිරීමේදී මෙම බරපතල දෝෂය සිදුව ඇති බවත් එය නිවැරදි කිරීමෙන් තවත් මන්ත‍්‍රී ධුර 200ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව තවත් පළාත් පාලන ආයතන 36ක කිසිදු ගැටළුවකින් තොරව සභාවන් පිහිටුවිය හැකි බවත් ඔහු සදහන් කලේය.

මෙම වැරදි ගණනය සම්බන්ධයෙන් මැතිවරන කොමිසමට පැමිණිලි කල බවත් එහි එක් සාමාජිකයෙකු විසින් එය පිලිගත් බවත් කී මන්ත‍්‍රීවරයා ඉදිරියේදී මෙය නිවැරදි වනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

එසේ නොවන්නේ නම් අධිකරණය හමුවට ගොස් සාධාරණය ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

341 views

20 Comments to “Exclusive : පුංචි ඡන්දයේ මහා මගඩියක් හෙලි වෙයි.. පොහොට්ටුවට තවත් මන්ත‍්‍රී ධුර 200ක්.. තවත් සභා 36ක්..”

  1. Aurora says:

    යහපාලනය යනු බොරු නිපැයුම් කර්මන්තශාලාවකි. මුන් කියන්නෙත්, කරන්නෙත්, හිතන්නෙත් බොරුමය. ඒකටම ගැලපෙන මැතිවරණ කොමිසමේ සභාපති.

  2. daham says:

    ammapa e vage amana waradda kalaa nam ehema karapu unwa ellannane watinne.

  3. Notthischange says:

    Dan Jeppange hasireema adyanaya karamu…

  4. බබා උක්කුන් says:

    මොකක්ද ඔය වැරැද්ද. අපිට ටිකක් පැහැදිලි කරන්න ගණන් කරන ක්‍රමය. අපිත් කැමතියි ගණනය කරලා බලන්න.
    අපි එදා ඉදලම කිව්වා ඔය පවුල් රැකා විශ්වාස කරන්න එපා කියල. ඕක අර රට පාවල දෙන එකාගේ සහෝදරයනේ.
    මුගේ පැන්ෂන් එක නවත්තල ජම්පරේ අන්දන්න ඕන.
    ලබන චන්දෙදි හොදට මතකතියාගන්න චන්ද පොළේදීම චන්ද ගණන් කරලා ප්‍රතිපල පක්ෂ නියෝජිතයන්ට ගන්න කටයුතු කරන්න.

  5. LAHIRI says:

    Well done Sunil !

  6. නයා.... says:

    මේ අළුත් ඡන්ද ක්‍රමයේ තියෙන වාසිය තමයි ඡන්ද දායකයාට ඉතාම පහසු හා සරල ක්‍රමයකට තම ඡන්දය භාවිතා කල හැකි වීම.
    ඒ නිසා හිතා මතා ප්‍රතික්ශේප කරන ඡන්ද හැරුනු විට නරක් වූ ඡන්ද තිබීමේ අනුපාතය ඉතාම අවම වෙනවා.

    ඒත් මෙහි ඇති භයානකම පැත්ත මන්ත්‍රී වරුන් තෝරා ගැනීමේ ක්‍රමයේ ඇති සංකීර්ණත්වයයි.
    එහිදී මන්ත්‍රී ආසන ගනනය කිරීමට පනතේ අදාල විධිවිධාන පනවා තිබෙනවා.
    ඊට අමතරව ඒ පිළිබඳ චක්‍ර ලේකයක් නිකුත් කොට තියෙනවා.

    මෙහිදී චක්‍ර ලේකනයෙයි සඳහන් තෝරා ගැනීමේ පටිපාටිය පනතේ පටිපාටිය හා නොගැලපීමක් ඇතිවී ය්හියෙනවා.
    මේය යමෙකු චේතනාත්මකව කල දෙයක්ද නැතිනම් අත් වැරදීමක් දැයි කීම අපහසුයි.

    කෙසේ නමුත් මේ වැනි වරදක් ඇතිවිට පිළිගත් සම්ප්‍රදායනම් පනතට මුල් තැන දීමයි ලු.

    එහෙත් මෙහිදී ගනනය කිරීම් කර ඇත්තේ චක්‍ර ලේකනයට මුල් තැන දෙමින්. අන්න ඒ වරද නිසා සේම සභාවකම වාගේ අනවශ්‍ය වැඩි මන්ත්‍රී ආසන ගනනක් ඇතිවී තියෙනවා. එල්ලෙන ආසන නමින් ඒවා හැඳින්වෙන්නේ.

    ඒ දෝශය නිසා ඇප අහිමිවන අඩු ඡන්ද ලැබූ පක්ෂ හා කණ්ඩායම් වලට මන්ත්‍රී ආසන හිමිවී තියෙනවා.

    එහි ප්‍රථි පලයක් ලෙස වැඩිම ඡන්ද ගත් පක්ෂයට හෝ කණ්ඩායමට සභාව පිහිටුවීමේදී ලැබිය යුතු පැහැදිලි බහුතරය අහිමි වී තියෙනවා.

    මේ වරදේ අවාසිය කොළඹ නගර සභාවේදී එහි ජයග්‍රාහක් යූ එන් පි යටත් විඳින්නට වෙලා තියෙනවා. ඒත් පැහැදිලි බහුතර නොලැබූ බොහෝමයක් වූ පොහොට්ටුව ජයග්‍රහනය කල සභා විශාල ගනනක් තුලදී මේ අසාධාරනය පොහොට්ටුවට එරෙහිව සිදුවී ඇති බවකුයි පෙනෙන්නේ.

    මේ ගනනය කරන ආකාරය මෙහි පැහැදිලි කලත් එය වටහා ගැනීම පහසු නැහැ. ඉතා සංකීර්ණ ක්‍රමවේදයක්.

  7. නයා.... says:

    උදාහරණයක් ලෙස කෝට්ටේ නගර සභාව ගනිමු.

    එහි ප්‍රකාශිත මුලු ඡන්ද ගනන 53,298 කි,

    යෝජිත ආසන ගනන
    කොට්ඨාශ ආසන 21ක්
    ලැයිස්තු ආසන 14 ක් වශයෙනි.

    එවිට මුළු ආසන ගනන 35කි.

    එවිට එක් ආසනයක් දිනා ගැනීම සඳහා පක්ෂයක් හෝ කණ්ඩායමක් ලැබිය යුත්තේ චන්ද 53,298 / 35 = 1522 කි
    මේ බෙදීමෙන් පසු එක් එක් පක්ෂය හෝ කණ්ඩායම ලබා ගන්නා පූර්ණ සංඛ්‍යාව අනුව ආසන හිමිවනු ලබන අතර ඉතිරිය ආසන සංඛ්‍යාව අසම්පූර්ණ වූ විට පිරවීම පිණිස භාවිතා වේ (කොටයෙන් පිරවීම )

    ඒ අනුව එක් එක් පක්ෂය ලබා ගන්නා ආසන සංඛ්‍යාව

    එජනිස 7676 / 1522 = 5.04 = 5
    එජාප 17990 / 1522 = 11.8 = 11
    ජවිපෙ 4885 / 1522 = 3.02 = 3
    ශ්‍රීලපොපෙ 22068 / 1522 = 14.49 = 14
    Oණ්FF 522 / 1522 = 0.34 = 0
    Oණ්F 35 / 1522 = 0.02 = 0
    ස්වා. 113 /1522 = 0.07 = 0

    මෙයින් පොදුජන පෙරමුන ආසන වශයෙන් 18ක් දිනාගෙන ඇති නිසා ඔවුන්ට චන්ද සංඛ්‍යාව අනුව ලැබෙන ආසන ගනන ඉක්මවා ඇත.
    එම නිසා ඔවුන්ට ආසන 18ක් ම ලැබෙයි.
    අවිට ඉතිරි පක්ෂ හා කණ්ඩායම් එකතුව ආසන 19ක් ලබාගෙන ඇත.
    මුලු එකතුව ආසන 37 කි

    සභාව සඳහා යෝජිත ආසන ගනන වන ආසන 35 පසුකර දැනටමත් ආසන දෙකක් වැඩිපුර එකතු වී ඇත.

    එසේ වූ කල අර කොට වලින් පිරවීමේ අවශ්‍ය තාවය පැනන් නගින්නේ නැත.

    එහෙත් ඡන්ද ප්‍රථිපල අනුව බලන කල එජාපය සතු වූ 0.80ක හෙවත් 1217 ක චන්ද කොටස (කොටය ) වෙනුවෙන් මෙහිදී ආසනයක් පිරිනැමී ඇත.

    ඒ අනුව සභාවෙහි මුලු ආසන ගනන 38ක් දක්වා ඉහල යන අතර සභාවේ බහුතරය පිහිටුවීම බරපතල ගැටළුවක් බවට පත් වෙයි.

    මේ වෙනස සිදු වී ඇති ආකාරය පටලැවිලි සහිතය.

    • ranaweera gunasena says:

      ගණිතය නිගාමී විෂයකි .ප්‍රායෝගික කරුණුවලට ගැලපෙන පරිදි ගණිතය සකස්කර ගන්නවා මිස ගණිතයට අදාල විදියට ප්‍රායෝගික කරුණු සකස්කර ගත නොහැකිය.එම මූලික කරුණ නොදත් බක පණ්ඩිතයන් හැදූ ක්‍රමයක් වෙන්න ඇති .බැලු බැල්මට පේන්නෙ මෙතන ඇත්තේ අනුපාත ක්‍රමය පමණක් බවයි .

    • කිරිමල්දෙනිය​ says:

      මචන් මෙතන ප්‍රකාශිත මුලු ඡන්ද ගනන 53,298 35න් බෙදන්නේ නැතුව ලැයිස් තු ආසන ගණන වන 14න් බෙදුව නම් හරි නේද​? මොකද ඔය 35න් 21 කොට්ටාශ වලට අයින් කරල ඉවරයිනේ..

    • නයා.... says:

      කිරිමල්දෙනිය කියන කථාවෙ ඇත්තක් තියෙනවා.
      ඒත් ඒ චන්ද 53298 ඇතුලෙදිම තමයි පොදුජන පෙරමුණ ආසන 18ක් දිනාගෙන සිටින්නේ.
      ඉතින් ඒක නොසලකා හරින්න බැහැ.
      සමස්ථ ආසන 35 සඳහාම මේ ඡන්ද ගනන ගනන් බැලිය යුතු වෙනවා.

      අනෙක ඉහත දක්වා තියෙන්නේ මා දන්නා තරමට පනතේ ගනනය කල යුතු යැයි දැක්වෙන ආකාරයටයි.

      පනතේ සඳහන් ආකාරය හා මා කල ඉදිරිපත් කිරීමේ නොගැලපීමක් ඇත්නම් එය පෙනවා දීම සුදුසුයි.

  8. Aba says:

    Pl institute legal action without delay.

  9. silav says:

    Mekaaata Thamai Kiyanne Ala Hapa Kerumaa…

  10. mali says:

    everything has been done by someone who has very obvious relationship with Tamil diaspora and UK and USA even sinhalese vote they can not get the majority and rule but tamils they can get it.This whole thing should be scrapped and people go back to very simple voting system which we had before 1978 constitution.Otherwise this whole thing is going to be a confusion and people like chandrika ranil can get the things the way they want by doing computer tricks.

Main News