මීගමුවේ එජාප විශ්වාසය බංග වේ… පොහොට්ටුව-ශ‍්‍රීලනිප එක්වී ආණ්ඩු පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවෙන්.. උප නගරාධිපති ශ‍්‍රීලනිපයෙන්…

March 23, 2018 at 11:20 am | lanka C news
මීගමුවේ එජාප විශ්වාසය බංග වේ… පොහොට්ටුව-ශ‍්‍රීලනිප එක්වී ආණ්ඩු පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවෙන්.. උප නගරාධිපති ශ‍්‍රීලනිපයෙන්…

මීගමුව නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි නගරාධිපති ධුරය හිමිවිය.

ඒ අනුව ඡුන්ද 25ක් ලබා ගනිමින් දයාන් ලංසා මහතා නගරාධිපති ලෙස තේරී පත් වූ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් උප නගරාධිපති පත් කරනු ලැබීය.

එක්සත් ජාතික පක්‍ෂය රොයිස් විජිත ප්‍රනාන්දු ලබාගත් ඡන්ද ප‍්‍රමාණය 19කි.

මන්ත‍්‍රී ධුර 03ක් හිමි ජවිපෙ ඡන්දය දීමෙන් වැලකී සිටියදී මන්ත‍්‍රී ධුර 04ක් තිබූ ශ‍්‍රීලනිපයේ ඡුන්ද තුනක් පොදුජන පෙරමුණටත් එකක් එජාපයටත් ලෙස ලබා දෙන ලදී.

31 views

8 Comments to “මීගමුවේ එජාප විශ්වාසය බංග වේ… පොහොට්ටුව-ශ‍්‍රීලනිප එක්වී ආණ්ඩු පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවෙන්.. උප නගරාධිපති ශ‍්‍රීලනිපයෙන්…”

  1. Asaranaya says:

    ජයවේවා

  2. ajith says:

    Galle also won by SLPP

  3. Gayantha says:

    Katana saha gallath ape. Jayawewa ! Hunp pissanta honda waide !

  4. KADUWELA SILWA says:

    ශ්‍රි.ල.නි.පයේ සහයෝගය ලබා ගෙන ප්‍රාදේශිය සභා හෝ නගර සභා හෝ පිහිටුවිම මම නම් අනුමත නොකරමි. තනිව පිහිටුවිම හෝ පොහොට්ටුව සමග එකතු වන ස්වාධින මංත්‍රිවරුන් සමග ප්‍රාදේශිය සභා හෝ නගර සභා පිහිටුවිම වඩාත් සුදුසුවේ. ශ්‍රි.ල.නි.පය සමග එකතුවිමෙන් පසුගිය වසර කිපය තුල අමාරුවෙන් ගොඩනගා ගත් පොහොට්ටුවේ ශක්තිය බාල කරවිමක් වගේම ඔවුන් මත යැපිමක් සිදුවෙනවා.
    කලයුත්තේ බලය පිහිටුවිම කල නොහැකිනම් බලය පිහිටුවිය හැකි පක්ශයකට බලය ලබාදි විපක්ශයෙ සිටිම වඩා හොදයි.( see the J.V.P. decision)

    • sajith says:

      SLFP eken contest kale SLPP eken nomination nolabuna pirisak.SLFP siylu dena api pohottuwata dinagatha uthyi.But not with UNP.

  5. Gracian says:

    Dayan wish u all the best
    And endeavor try to make people aspiration,
    Impose tuff rules and regulation to keep city negombo clean
    All the best and
    God bless you

  6. junda says:

    kanna ona unama kabaragoyath thalagoya wenawa kiyanna menna mewata thamai. munta thiyenne balyata kedara kama misa rata gena adarayak nemei .

  7. kadiya says:

    UNP යට කිසිම අවස්ථාවක් නොදිය යුතුයි. නිමල් ලාන්සා නගරාධිපති වෙනකම්ම මීගමුවේ බලය තිබුනේ UNP ය අතේ. කරපු දෙයක් නැහැ. කලේ ඉතාම වටිනා මීගමු කලපුව ගොඩකරලා ගෙවල් හැදුවා. මාළුන්ගේ බිත්තර දමන ස්ථානයන් එයින් විනාශවෙලා මාළු අස්වැන්න අඩුවුණා. අක්කර පනහ සහ තිඹිරිගස්කටුව රුක්අත්තනගස් හන්දිය ප්‍රදේශවල පානීය ජලය සහ අනෙකුත් පහසුකම් වැඩිකරලා නගරය රට තුලට ව්‍යාප්ත කරන එක මඟහැරිය. නිමල් ලන්සා තමයි හිරකඳවුර ප්‍රදේශය දියුනුකලේ. UNP මෝඩයෝ දිගටම හිටියනම් මීගමුවත් කොළඹ වගේම අපායක් වෙනවා. යන්තම් මීගමුව බේරුනා.

Main News