Exclusive : බැදුම්කර කොමිසමේදී හෙලි වූ අයෙක් යලි උපදේශක කරන්නැයි ඉල්ලා අගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්..
October 5, 2017 at 11:51 pm | lanka C news
ශ්‍රී ලංකා මහා බැංකුවේ සිදු වු බැදුම්කර වංචාවට හා එහි ගනුදෙනුවලට සම්බන්ධ යයි බැදුම්කර කොමිසම හමුවේ නම හෙලි වූ ශ්‍රීලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ලෙස සිටි පී සමරසිරි මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස පත් කරන ලෙස කැබිනට් පත්‍රයක් අංක PMO/06/03/CM/67/2017 යටතේ අගමැතිවරයා විසින් පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එමෙන්ම බැදුම්කර මිලදීගැනීමේදී අඩු පොලියකට ලංසු තබන්නට රාජ්‍ය බැංකුවලට රේඛීය අමාත්‍යවරයා ලෙස එවකට මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක උපදෙස් දුන් බව මෙරටේ ප්‍රධාන රාජ්‍ය බැංකු 3 වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරින් බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබදුන් බව ඒ අතර වාර්තා වේ.
ඊට අමතරව බොහෝ දෙනෙකුට අතපසු වූ හෝ පැහැදිලි නොවූ කරුණ නම් ඒ ඒ බැංකුව මගින් ලංසු තැබිය හැකි උපරිම මුදල පිලිබදව කොන්දේසියක්ද රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් එදා එම රාජ්‍ය බැංකු 3ට පැනවු බවත් එය මහබැංකුව අවසානයේ නිකුත්කල බැදුම්කර ප්‍රමානයට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයක් බවත් එහිදි හෙලිදරව් වී ඇති අතර රාජ්‍ය බැංකුවලට ව්‍යාපාරික අවස්තාවක් මග හැරුනේ මේ අනුව බවත් සාක්ෂිවලදි හෙලිදරව් වී ඇත.
තවද සේවක අර්ථසාදක අරමුදලට EPF කොහෙත්ම ලංසු නොතබන ලෙස රහස් නියෝගයක් ප්‍රධානියෙක්ගෙන් ලැබී තිබුනි. ඒ එවකට හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රගේ බෑනාගේ පර්පුචුවෙල් ට්රෙසරිස්ට රිසි සේ තම ලංසු තැබීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමටයි. එමෙන්ම සේවක අර්ථසාදක අරමුදල ශ්‍රීලංකා මහා බැංකුව යටතේ පාලනය වන අතර අදාළ රේඛීය අමාත්‍යවරයා වනුයේ ආර්ථික සංවර්ධ කටයුතු භාර අමාත්‍යවරයා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය.
එමෙන්ම බැදුම්කර වංචාව නිසා සාමාන්‍ය ජනතාවගේ මුදල් ට්රීලියනක් වංචා කලා යැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පැවසු බැව් පසුගිය දා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පලවුවා ය.
ඒත් මෙසා විශාල වංචාක් රටේ සිදු වී ඇති අවස්ථාවක ඊට සම්බන්ධ පුද්ගලයින් නිරුපද්‍රිතව තමන්ට රිසිසේ තනතුරු බෙදා ගනිමින් සියලු වරප්‍රසාද භුක්ති විදිමින් රටේ ජනතාවගේ බදු මුදල්වලින් පෝෂණය වෙමින් සිටීම යහපාලන ආණ්ඩුවේ කැපී පෙනෙන ලක්ෂණයකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ලෙස සිටි පී. සමරසිරි උපදේශකයකු ලෙස පත් කරන ලෙස පසුගිය අගහරුවාදා ඉදිරිපත් කල කැබිනට් පත්‍රය සමාජ ජාලා ඔස්සේ පල වී තිබින.
HORA…….