Exclusive : බැසිල් රාජපක්ෂ හා සිරසේ සංඛ්‍යාත හොරකම..
October 10, 2017 at 11:05 pm | lanka C news
– මෙම උපුටා ගන්නා ලද්දේ මහින්ද පතිරණගේ ෆේස්බුක් පිටුවෙනි..-
සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්රවෘත්ති සම්ප්‍රදායන් පවා කඩා දමමින් ප්රවෘත්ති විකාශය අතර තුර ප්රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොර ව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය. බැසිල්ට ඇණගෙ ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ ය. මල්වාන ඉඩමේ සිට දිවිනැගුම හරහා ජී අයි බට දක්වා ගියේ ය. එහෙත් පොඩි වූයේ කාගේ වළං ද? සිරසේ ම වළංම ය. බැසිල්ට කුමන අවලාද නැගුව ද ඔහු ඉතා නිවැරදි ව කළ චෝදනාවට පමණක් සිරසට පිළිතුර දීගත නොහැකි විය. අප අසන්නේ සිරස ජාතික සංඛ්‍යාත හිමි කර ගත්තේ කෙසේ ද යන්න ය.ව්‍යාජ දූෂණ විරෝධී සටන් පාඨ ගෙන රටපුරා යන සිරස එය හෙළි කළ යුතු ය.
රුපියල් බිලියන 5ක් හෙවත් කෝටී 500ක් පමණ වටිනා ජාතික සංඛ්‍යාත පරාස එක් මාධ්‍ය සමාගමකට පමණක් අතයටින් දීම ලංකා මාධ්‍ය ක්ෂේත්රයේ දූෂිත ම වංචාවයි. අදාළ සංඛ්‍යාතයක් හිමි කර ගැනීමට නම් ටෙන්ඩර් පටිපාටියේ දී ලකුණු 60කට වඩා ලබාගත යුතු ය. එහෙත් සිරස එය ලබා ගන්නේ එකදු ලකුණක් හෝ නොගෙන ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව බව ඔබ දන්නෙහි ද?. මීට එරෙහි වූ මුහුන්න් කානගීට තම ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. මේවාට ඉඩ දිය හැකි ද? මෙහි ඛේදවාචකය නම් අනාගතයේ දී සිදු කරන ජාතික ඩිජිටල්කරණ මෙහෙයුමේ දී මෙම සංඛ්‍යාත ශ්‍රී ලංකා රජයට භාවිතයට ගැනීමට තිබූ අවස්ථාව දැන් එක් පුද්ගලයෙකුට පමණක් හිමිවීමයි. බොහෝ අය එවක අවලාද නැගූ නෙළුම් කුළුන ඉදි කිරීම සැලසුම් කළේ ඉහත ජාතික ඩිජිටල්කරන මෙහෙයුමේ එක් ප්‍රධාන පියවරක් ලෙස බව ඔබ නොදන්නවා විය හැකි ය. එහෙත් එය ඉදි කොට අවසන් වන විට එම කුළුන හරහා ලංකාව පුරා එකම තැනකින් බෙදා හැරීමට නියමිත ව තිබූ සංඛ්‍යාත පරාසයන් දැන් ජාතියට අහිමි කර තිබේ. ඒ අනුව, අනාගතයේ දී රජයකට ද සිදු වන්නේ මහාරාජා හරහා සංඛ්‍යාත ලබා ගැනීමටයි. අනෙත් කාරණය නම්, මෙවා හිමි සමාගමකට ලංකාවේ මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යා හැකි වන වා පමණක් නොව අනෙත් සියළු මාධ්‍ය ඊට යටත්ව කටයුතු කිරීමට ද සිදුවීම ය. එහෙත් මේ ගැන සෙසු මාධ්‍ය පවා නිහඬ වීම පුදුම සහගත ය. එවන් තත්වයක් තුළ මේ පොදු සම්පත මහාරාජා සමාගම සිරිසේනගේ සහායෙන් මංකොල්ලා කන ලද බව බැසිල් විසින් හෙළි කිරීම සිරස නම් ගැරඬිාට භූමිතෙල් ගැසුවාක් වැනි වී තිබේ.
සිරස තම මාධ්‍ය කඩතුරාවට වහං වී තම සොරකම් වසාගෙන සිටීම රටට හෙළි කිරීම ඇරඹිය යුතු ය.
ඇත්ත වශයෙන් ම මහාරාජා සමාගම ලංකාවේ ජාතික සංඛ්‍යාත හොරකම් කොට ජාතියට කළ ඒ මහා නින්දා සහගත පාඩුව ගැන ලංකාවේ පළමු වරට දේශපාලකයෙකු ලෙස ප්‍රසිද්ධියේ හෙළි කර සිටියේ බැසිල් පමණි. අවාසනාව වන්නේ මේ ප්‍රසිද්ධ සොරකම ගැන ලංකාවේ බොහෝ දෙනා හොඳින් දැන සිටියදීත් ඒ ගැන වචනකුදු කතා නොකිරීම ය. දේශපාලකයින් හෝ මාධ්‍යවල දූෂණ විරෝධී වීරයින් ලෙස කටමැණ දොඩවන සංවිධාන හා පුද්ගලයින් සිරසේ සොරකම ගැන දැන දැන ම හෙළි නොකර සිටින්නේ ඔවුන්ට මාධ්‍ය ආවරණ අහිමි වේ ය යන බියෙනි. මෙසේ බියගුළු විය යුතු ද? මීට තිතක් තැබිය යුතු ය. මාධ්‍ය පුද්ගලික වුව ද ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජාතියට අයත් මහජන සංඛ්‍යාත තුළ ය. බසය පුද්ගලික වුන එය දුවන්නේ, රජයේ මහාමාර්ගවල රජයේ බලපත්‍රය යටතේ මෙනි. ඒ අනුව, කිසිවෙකුට පිස්සු කෙළිය නොහැකි ය. බිය වැද්දිය නොහැකි ය. අපි බිය නොවෙමු. තර්ජනවලට තැති නොගනිමු. බැසිල් රාජපක්ෂට බිය වන්නට දෙයක් නැත. තමන් ගැන කුමන අවලාද නැගුව ද ජාතියෙන් එක් සතයකුදු සොරකම් කර නැති බව බැසිල් දන්නේ ය. කිසිවෙකු නොකළ දෙය ඔහු කළේ එනිසා ය. අනාගතය බොහෝ දේ තීරණය කරනු ඇත.
– මහින්ද පතිරණ FB
We thought that Roshan is a good media person. Now we can understand, he also a “Katu kana ballek” . To job and money, he will do any stupid things.
සිරසේ සංඛ්‍යාත හොරකම සම්පුර්ණයෙන්ම සාධරණියි. නිත්යානුකුලයි.එය සාධාරනිකරනය කරන්නට ප්ර්වුර්ති විකාශය අතර තුර මැදිරයට කඩා පැන හදිසියේ උදුබුරුලෑමේ අසම්මත රහස පුහුල් හොරා කරන දැනෙයි යන කතාවම නේදෝ මට සිතේ. පිහදාගනියව් යකුනේ තොපේ පුහුල් අළු. රටේ සමනය ජනතාව තොපටත් පුහුල් කපලා බඩ උඩ තියලා කපන තොවිල කොඉවෙලාවක හරි එවි.
ලෝකයේ වෙනත් බොහෝ රටවල් සමග සාපේක්ෂව බැලීමේදී ලංකාවේ දියුණු ජනමාධ්‍ය නියාමන ක්‍රමවේදයක් නොමැත. එනිසාම ජනමාධ්‍ය කර්මාන්තය මහරාජා වැනි ප්‍රාග්ධන හිමි මුදලාලි සිටුවරුන්ගේ ග්‍රහණයට පත්වීම නොවැලක්විය හැකිය. මෙහි පවතින අනතුර වන්නේ මාධ්‍ය කර්මාන්තයේදී භාවිතයට ගැනෙන සංඛ්‍යාත රටේ පුරවැසියනට අයත් මහජන දේපලක් වීමත් එය රටේ ජාතික ආරක්ෂාව උදෙසා අති සංවේදී ප්‍රභවයක් වීමත්ය. එබැවින් මේ විදුලි සංදේශන සංඛ්‍යාත රාජ්‍ය විමර්ශණයකින් යුතුව නියාමනයකට යටත් විය යුතුමය.
විශේෂයෙන් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජපානය, මෙන්ම ඉන්දියාවේ පවා වේ සඳහා ශක්තිමත් රාජ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇත. එත් අපේ රටේ දී සංඛ්‍යාත මිලදී ගැනීම හරියට සති පොලකින් සිල්ලර බඩු ගන්නවා වැනි සරල ක්‍රියාවක් බවට පත් වී ඇත.
වීශේෂයෙන් කිලි මහරාජා වැනි කිසිඳු විචාරයක් නැති ඔහු සතු මාධ්‍ය නාලිකා මල්ටි බැරල් මෙන් භාවිතා කරන අයෙකු අතට මෙම සංඛ්‍යාත පත් වීම හරියට වඳුරට දැලි පිහියක් ලැබුන වැනිය. මේ වෙනුවෙන් සම්මාදම් වූ අයට යම් දිනක සිදු වන්නේ සර්පයා රෙද්ද පල්ලේ දමාගත් විට සිදුවන අත්දැකීමට මුහුණ දීමටය. ඒ වන විට රට අනතුරේ වැටි අවසන්ය.
dissa
me sankhyata sokame baeraerum prathiphala roshan kiyana pendage kadapaeneema wisinma paehaedili way.