මංගලගේ හා කබීර් හෂීම්ගේ ආයතන ගණනාවක් ඉවත් කරන්නැයි අගමැති විසින් ජනාධිපතිට දන්වයි…

August 30, 2019 at 12:40 pm | lanka C news
මංගලගේ හා කබීර් හෂීම්ගේ ආයතන ගණනාවක් ඉවත් කරන්නැයි අගමැති විසින් ජනාධිපතිට දන්වයි…

ඇමැති කබීර් හෂීම් මහතා විසින් දරනු ලබන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්තාව ඇතුළු ආයතන ගණනාවක් ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම එසේ ඉවත් කරනු ලබන සියළු ආයතන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවරන ලෙසද ඉල්ලීමක් කර ඇත.

අගමැතිවරයා විසින් මෙම ඉල්ලීම් දෙකම ලිඛිකව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කර සිටියේය.

මේ අතර වාර්තා වන්නේ මුදල් ඇමති මංගල සමරවීර මහතාට අයත් රාජ්‍ය බැංකු දෙක තවත් ආයතන කිහිපයක් ඉවත් කළ යුතු බවට අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට වාචිකව දන්වා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ගැන ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

51 views

9 Comments to “මංගලගේ හා කබීර් හෂීම්ගේ ආයතන ගණනාවක් ඉවත් කරන්නැයි අගමැති විසින් ජනාධිපතිට දන්වයි…”

  1. Hesh says:

    ඒකනම් හොදයි. මොන්ගලයා මහජන බැන්කුව විකුනන්න ඩීල් ඔක්කොම දාලා තිබුනෙ

  2. රන්බණ්ඩා says:

    පටන්ගත්තු මුල්ම දවසෙ ඉඳන් වෛරයෙන් දේශපාලනය කොරලා, විහින් අත්තටු කපාගෙන…දැන් ඉතිං කියන දේ කොරන්න වුණු අත් උදව්කාරයකුගෙ තැනට රටේ ජනාධිපති වැටිලා ඉන්නේ බොලව්.

    • රාහුල කොලුවා says:

      නිකං ඡනාධිපති නෙවෙයි වැටිලා ඉන්නේ.. රටේ විධායක ඡනාධිපති…

  3. Smith says:

    KALAKADI RAHA KALAKADI WAHA WENAWA KIWWALU!

  4. wije says:

    It is unbelievable that Mangala is backing a person who tries to leave a burden for the society introducing dependents.

  5. Upul says:

    Why these changes suddenly? Is it because they support Sajith or are they really incompetent? RW, please note that hatred cannot be overcome with hatred.

  6. Gotaimbara says:

    I think Ranil wants to give all these to Hirunika

  7. sunimal says:

    අලිබබා සහා හොරු ටිකේ වෙනසක් නැහැ

  8. Buruputha says:

    Avamangalayava Banku valin ivath karanava nam ithama hondai. Ai uoo danatamath mahajana bankuva vikineemata yojanava parliament ekata genath thiyenne. ME vage kalakanniyanva ella marala daanna one. Mr.Been ta danvath therenavada SAMANALAYAGE PATA.

Main News