මහින්දගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්… තම නායකත්වය පිලිනොගන්නා අය කවුදැයි අසයි…

June 16, 2018 at 9:20 am | lanka C news
මහින්දගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්… තම නායකත්වය පිලිනොගන්නා අය කවුදැයි අසයි…

– මෙම පුවත උපුටා ගන්නා ලද්දේ දේශය පුවත්පතිනි..

ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.

ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම ගැන දොස් පැවරීය.

එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය. තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.

– deshaya

40 views

8 Comments to “මහින්දගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක්… තම නායකත්වය පිලිනොගන්නා අය කවුදැයි අසයි…”

  1. කොල්ල says:

    බොරු බයිලා… අනිත් උන්ට චන්දෙ දෙන්න එන්න කියල, මෙයයි නාමලුයි දෙන්නම ගෙදරට වෙලා හිටියා… මුලින් නායකයා ආදර්ශමත් වෙන්න ඕනේ..

  2. sandra says:

    All 3 satakayas were absent. Wedi Bana.

  3. dgf says:

    ඉස්සර ජනාධිපති වෙලා ඉන්දිද්දී කල වගේ ගැනුන්ව පෙන්නලා Game ගහන්නයි, ආච්චි අම්මලා , පොඩි ළමයින් ඉඹලා ජනතාව රවට්ටන්න මධ්‍යා සංදර්ශන දන්නේ නැතුවා මේ රටේ සංස්කෘතියයි බටහිර මාෆියාවයි වෙන වෙනම හදුනාගෙන ,, ගෝලීයකරණ මාෆියාවට එරෙහිව මේ රටේ පිරිමින්ද සමග කොන්ද කෙලින් තියාගෙන ඉදිරිපත් වුනොත් හොදයි

  4. DasunPerera says:

    He need to explain why he, Chamal and Namal didn’t vote on that day. Is he loosing his mind now?

  5. හේමන්ත says:

    ආ…! දේශය නේ…

  6. karu 1 says:

    මහින්ද මතිදුනි, විපක්ෂ බලවේගය ගොඩ නැගෙන්නේ ඔබ වටායි. එසේ නැතුව ඔබ පවුලේ සාමාජිකයන් ගේ ක්‍රියාකලාපය මත නොවයි. ඔබට් මිනිසුන් ආදරය කරන්නේ ඔබ මෙරටට සැබෑ නායකත්වයක් ලබාදුන් නිසයි. එබැවින් ඔබ කුමන ක්‍රියා කලාපයක් ගත්තද ජනතාව එය අනුමත කරනු ඇත. ඔබ කිසිවිටක දුර්වල බ නොසිතන්න. විපක්ෂය සමග මිනිසුන් සිටුනුයේ ඔබ නිසයි. ඔබගේ නායකත්වය හෑල්ලු වීමට කිසි විට ඉඩ නොදෙන්න. ඔබ ලඟට ඔබ පවුලේ වැඩියෙන්ම කමතිචරිතය ගෝටභය මහතා.

  7. නිදහස් says:

    ඔබතුමා දේශපාලන වශයෙන් විනාශ කර සතුටු වන බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මප්පිල, ප්‍රසන්න රණතුංග, වැනි බොරු කාරයන්ගෙන් බේරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.

Main News