Exclusive : මහින්ද එලවු කුමන්ත්‍රණය ටැමිල්නෙට් වෙබ් අඩවියේ.. ඩයස්පෝරාවේ ඉල්ලීම් 10 ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ..
October 28, 2017 at 12:10 am | lanka C news
මහින්ද ගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සාකච්ඡාවක්, යුරෝපීය රටවල් දෙකක අනුග්‍රහයෙන්, 2013 වසරේදී සිංගප්පූරුවේදී සිදු වූ බව ටැමිල් නෙට් අඩවියේ වාර්තාවක සදහන්ය.
මීට සහභාගි වී ඇත්තේ මංගල සමරවීර, සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල්මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති ) ඇතුළු පිරිසකි.
මහින්ද ආණ්ඩුව පෙරළා දැමීමට මෙහිදී මංගල සමරවීර ඉල්ලා සිටි අතර ඊට කොන්දේසි වශයෙන් දෙමළ බෙදුම්වාදි පාර්ශවය කරුණු දහයක් පාදක කොට ගත් ව්‍යවස්ථා වෙනසක් ඉල්ලා ඇත.
මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති අතුරු කමිටු වාර්තාවේ ඇත්තේ මේ කාරණා 10 ඒ ආකාරයෙන්ම පාහේ ඇතුලත්ව තිබීම විශේෂය.
එමෙන්ම මෙම සිංගප්පූරු මූලධර්ම එලෙසම මීට පෙර එල් ටි ටි කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය දැන් දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වාගෙන ටැමිල් නෙට් වෙබ් අඩවියට පිවිසිමෙන් මේ සියල්ලම ඒ ආකාරයෙන් දැකගත හැකිය.
- රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වඩා වැදගත් වන්නේ භාවිත කරන ලේබල නොව අන්තර්ගතයයි.
- ජනතාවගේ ස්වාධිපත්‍යය, ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය හා ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය මූලික ව්‍යවස්ථාපිත මූලධර්ම හා සාරධර්ම වලට ඇතුලත් විය යුතුය.
- බලය බෙදීම සිදුවිය යුත්තේ නොබෙදුනු රටක් තුල ස්වයන් තීරණ අයිතිය හා පොදු අයිතීන් පිලිගනිමිනි
- විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතුය වන අතර ආණ්ඩුවේ ස්වරූපය පාර්ලිමේන්තුව ක්‍රමය විය යුතුය.
- ශ්‍රි ලාංකීය සමාජයේ බහුවිධ ස්වභාවය සහ ශ්‍රි ලංකාවේ විවිධ ජන කොටස්වල අන්‍යයතාවයන් සහ අභිලාෂයන් ව්‍යවස්ථානුකූලව පිළිගත යුතුය.
- මානව අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තරව පිලිගත් ප්රමිතියවලට අනුකූල වන ආකාරයේ බලගතු නීති පද්ධතියක් තිබිය යුතුය
- බලය බෙදනු ලබන අතර ස්වාධීනවූ අධිකරණ පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයකින්ද සමන්විත වනු ඇත
- වැදගත් රාජ්‍ය ආයතන ස්වාධීන මෙන්ම වගවිය යුතු ය. එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වැන් උසස් තනතුරු සඳහා පත්කිරීම් ජාතික සම්මුතියක් මත විනිවිද පෙනෙන යාන්ත්රනයක් හරහා සිදු විය යුතුය.
- රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ ලාංකික ජන සමාජයේ බහුවිධ ස්වභාවය පිළිබිඹු කළ යුතුය.
- ශ්‍රි ලංකා ජනරජය අනාගාමික රාජ්‍යක් විය යුතුය. බුද්ධාගම සඳහාවූ ප්රමුඛ ස්ථානය මෙන්ම අනිකුත් ආගම්වලට සම තත්ත්වයක සැලකීමද සහතික විය යුතුය
ටැමිල් නෙට් අඩවියේ මුල් ලිපිය මෙතනින්
– FB
ටැමිල් නෙට් කිව්වෙ නැතත්, අපි දන්නව මොංගල් සමරවීරල, ජයම්පතිල කියන්නෙ පර ජාතීන්ට දාව උපන්න රටම පිලිකුල් කරන නරි කියල. මුං එන්.ජී.ඕ. කාරයන්ගෙ ඩොලර් වලට තමන්ගෙ අම්මව උනත් පාවල දෙයි. මේ ජාති ද්‍රෝහීන් තව ටික කාලෙකින් කුනුවෙල මැරිල යයි. ඊට ඉස්සෙල්ල රට පාවල දීල, කෑලි වලට කඩන්නයි මාන බලන්නෙ. මහින්ද මහත්තයත් මේ කාළකන්නින්ට මේ වගේ පාහර වැඩ කරන්න පාර කැපුව. ඒ නිසා නව පරපුර සේරම ඡන්ද ටික මේ බත් බැල ආන්ඩුවට දුන්න.
So, Tissa’s revelations were correct. Why he was sent to the jail??
WE AGREED TO FACTORS MENTIONED IN THE LETTER BUT ONLY SINHALESE BUDDHIST & CATHOLICS & TAMIL HINDU & CATHOLICS MUST GIVE LEGITIMATE RIGHTS AND SUPER MERCY IN THE COUNTRY.