Exclusive : රටම බලා සිටි ඇමති මාරුවේ යෝජිත වෙනස්කම් මෙන්න..

February 24, 2018 at 9:20 am | lanka C news
Exclusive : රටම බලා සිටි ඇමති මාරුවේ යෝජිත වෙනස්කම් මෙන්න..

කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සවස ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරනවා.

වාර්තා වන අන්දමට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයටද අභියෝගයක් වී ඇති බව සඳහන්.

ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.

මෙම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබෙනවා.

ලක්ෂ්මන් – කබීර් සුහද මාරුවක
ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අමාත්‍ය මණ්ඩල විෂය මාරුව හමුවේ ඇතැම් එජාප අමාත්‍යවරුන් අතර ඇමති විෂය සුහද මාරුද සිදුවූ බවය.

එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම විෂය කබීර් හෂීම් අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම මෙතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විෂය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතත් හුවමාරු කරගෙන තිබෙන බවද වාර්තා වනවා.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එය භාරදුන් බවයි කියවෙන්නේ.

තවද අමාත්‍යධුර 05ක් විශේෂ අධීක්ෂණ අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර තිබෙනවා.

ඒ තුළ එජාපය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේමසිංහ, රවීන්ද්‍ර සමරවීර යන 4 දෙනා යෝජනා වී තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතිරි එක් අමාත්‍යධුරය වෙන්කර ඇති බවත් වාර්තා වනවා.

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව සඳහන්.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.

කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ..

– webgossip.lk

78 views

37 Comments to “Exclusive : රටම බලා සිටි ඇමති මාරුවේ යෝජිත වෙනස්කම් මෙන්න..”

  1. lion says:

    සිංහල රටේ මුස්ලිම් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලැජ්ජා වෙයල්ලා

  2. එකම නළුවෝ එකම නාටකේ says:

    අනේ හුටං. මොනවද මේ කොරන්නේ. කොටියාගේ වලිගෙ අල්ලන් ගහ වටේ කැරකෙනවා. කොයි වෙලාවක හරි උඹ කනවා පුතේ. ඉගිය තෝරා ගන්න බැරි හරක්ට මොන මගුල්ද?මාරු කොලේ අනනවා කිව්වේ දැඩි තීරණ කිව්වේ මේ සම්බෝලේටද? යකෝ පොල් සංබෝලයි බතයි කෑව අපට දෙන්නේ me පිළුණු සැලඩ් කොළ සම්බෝලේද. බොරු එපා.වංචා එපා..මේ පුටුමාරුව හිසේ රදේට කොට්ට මාරු කොලා වගේ තමා.

  3. ශ්‍රි ලංකාව සීරුවෙන් හිටපං කළ වැද්දෙක් ආවෝ, මාධ්‍යය මල්ලිලා සීරුවෙන් හිටපං වදකයෙකේ ආවෝ

  4. සාමය අනේ මගේ කට කළ වැද්දා දන්න සාමය ඡන්ද 5000 න් පාර්ලිමෙන්තු ගිහිං දැන් සාමය පෙන්නන්න ඇවිත්. දැන් මුත් අපිට නීතී මවයි. කෝ මේ සිරී ඔයා දොයිද කෝ අනේ ඔයාගේ මඩු වගිගෙයි, මොට කඩුවයි. එක ඇහැට ඇඩෙනවා අනේ නීතී හා සාම ඇමති දිවුරුමි දෙන කොට.

  5. David Milli-banda says:

    Whether you stir it to the left or right, the porridge pot is the same led by the Bond scam Mater mind.

    Don’t know whether Fonny will put the Bond scam Master Mind behind bars first if he is going to do things to the letter of the Law.
    That is the right thing to do. ” Athay paththu” ?

  6. Raawana says:

    SF ta gelapena emathi padaviya.me rate neethiya akuratama kriyaathmaka kale nethnam, paadadayo raja karanawa.

  7. Love nature says:

    රටේ ලොකුම හොර නායකයින් හඳුනාගන්නේ කෙසේද? ඕනවට වඩා මහජනයා වෙනුවෙන් ඉතාම උනන්දුවෙන් වැඩකරන බව නිතර කියවනවා නම් , තමන්ගේ නම, පින්තූරේ හැම තැනම ප්‍රදර්ශනය කරමින් මහජන මුදල් නාස්ති කරනවා නම් ඒ අනිවාර්‍යයෙන්ම හොරෙකි. වැඩ කරන මිනිහ එච්චර කියවන්නේ නෑ. .

    අවසාන ලෙස කියන්න තියෙන්නේ රටේ මිනිස්සු නූගතුන් යුත්තන් වී සිටිනතාක් කල් හොර නායකයන්ට රට විනාශ කිරීමට ඉදිරියටත් හැකිවනු ඇත.

  8. එංගල්තිනා says:

    මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මැතිතුමාගෙ අහිංසක, අසරන ගෘහ සේවිකාව,
    ධනවතීව දියතලා හමුදා
    කඳවුරේදී බලහත්කාරයෙන් දූෂණය කරල ඇයව සදාකාලික
    උන්මන්තකයෙක් කරපු පොන්සේකාට නීතිය හා සාමය
    පිලිබඳ ඇමතිකම දෙන්ඩ රනිලට අමු කැවිලද?

Main News