Exclusive : රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ..

February 14, 2018 at 10:46 pm | lanka C news
Exclusive : රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව අගමැතිවරයෙක් පත් කර ආන්ඩුව ගෙන යාමට එම සන්ධානය බහුතර බලය පෙන්වීමට සූදානම් වෙයි.

මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්දානය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන කටයුතු කිරීමට සූදානම් නැති බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බවත්ය.

ජනාධිපතිවරයා විසින්ද මෙම ඉල්ලීම පිලිගෙන ඇති අතර ඉදිරි දිනක හෝ දෙකක් කාලය ඇතුලතදී පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුට වැඩි පිරිසකගේ අත්සන් සහිග ලිපියක් ජනාධිපතිවරයා බාර දීමට නියමිතය.

එජාපය ඉවත් කරන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් විපක්‍ෂයේ සිට ඊට සහයෝගය ලබා දෙන බවත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිය යුතු බවත් ඒකාබද්ද විපක්‍ෂය දැනටමත් සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ බහුකර බලය පෙන්වීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දී තිබූ කාලය අද පස්වරුවෙන් අවසන් වී ඇත.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 30කට ආසන්න පිරිසක් නව ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි.

පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා බොහෝ විට නිමල් සිරිපාලද සිල්වා මහතා විය හැති බවදටද වාර්තා වෙයි.

146 views

43 Comments to “Exclusive : රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ..”

  1. Ravi says:

    මේ මැතිවරණයේදී ලොකුම පරාජිතයා ජනාධිපති.

    එහෙම එකේ ජනාධිපනේ ඉල්ලා අස් වෙලා අලුත්
    ජනාධිපතිවරණයක් කැඳවන්න ඕනේ නැද්ද?

    අපි ජනවාරි 8 ප්‍රතික්ෂේප කරපු එකාබද්දේ මන්ත්‍රීවරු එක්ක
    සන්දාන ගත වෙන්නේ කොහොමද මයිත්රිපාල ජනාධිපති?

    අලුත් පාර්ලමේන්තු මැතිවරණයක් තියෙනවනන්, ඒට
    ඉස්සෙල්ල අලුත් ජනාධිපතිවරනයකුත් තියෙන්ඩ ඕනේ නේද?

    මොකද මේ මැතිවරණයෙන් අගමැති විතරක් නෙමෙයි, ජනාධිපතිත් පරාදයි.

    මෙතන වෙන්නේ හදන්නේ මයිත්රිපාල ජනාධිපති පරාජය තනික අලියට
    පටවල තමන් බේරෙන්ඩ නේද?

    මේ වෙන වැඩේ තනිකර සදාචාර විරෝධී.

  2. Kandyan says:

    Eksath nidahas sandanaya balayata apuhama palamuwa ma karanna thiyana de, Janadipathi thumata erehiwa “No Confidence Motion” ekak genena ekai.

  3. Karu says:

    අපි තරහයි නාට්‍යය ඉවරයි.
    ඊ ළඟට ‘ඔක්කෝම හරි’ චිත්තරපටිය.

  4. Geetha says:

    Ratata wela thiyena haniya imak konak naha pana athi minihek ona. Nidikumbarayo dagena godaganna puluwanda?

  5. 10 වෙනිදට කලින් හිටියේ සාමකාමී මිස්ට ක්ලීන්ය. දැන් ඉන්නේ ජනතාවගෙන් බැට කෑ හක්ක පටාස් කෑ වල් අලියෙකි .
    මින්පසු රටට වීමට ඇති හානිය ඉතා දරුණුය .
    එම නිසා මෙය ඉතා කාලෝචිත තීරණයකි . ගෝඨාභය , ගෙවිඳු වැනි විද්වතුන්ද ජාතික ලැයිස්තුව හරහා හෝ මෙයට එක කරගතහොත් පොදු ජන අශීර්වාදයද වැඩිවේ.

  6. රාහුල මල්ලී says:

    එක් රැයකින් සිදුවූ ප්‍රබල ඡනතා ප්‍රහාරයකින් ප්‍රධාන පක්ෂ දෙකේ සියල්ලෝම කකුල් දෙකෙන් අල්ලා පොළවේ ගැසීම නිසා බරපතල ලෙස මහ මොළය සහ කුඩා මොළය අක්‍රීය වී ඇති හෙයින් කරන්නේ කුමක්දැයි ඔවුන්ටම නොතේරේ…

  7. sam says:

    Ane Huke ….Wena deayak gana Kathakarapallaaa…

  8. Nim says:

    N SIRIPALA NATHUWA WENA KENEK
    ATHEMA NADDA?
    HORU DAGENA ?

  9. prasanna says:

    මහින්ද ගෙ බයියෝ කියන්නේ දියුණු සමාජයකට නොගැලපෙන වහල්ලු ( අති බහුතරය ) – එක උදාහරණයක් දෙන්නම්

    හෝමාගම තියනවා වෑකන්ද පාර කියල – හෝමාගම කඩුවෙල පාරේ – හබරකඩට යන පාර එකේ එක තැනක තියනවා / තිබුනා අතුරු පාරවල කාර්පට් කරලා ගහල තියන boards එකක් මහින්ද, බැසිල් photos තියන – අනික රනිල් මෛත්‍රී …පසුගිය දා පැවති මැම්බර් චන්දෙ දිනල දවස් තුනක් ගියේ නැහැ , රනිල් සහ මෛත්‍රී ඉන්න board එක කඩල විනාශ කරල – මහින්ද, බැසිල් ඉන්න එක මීට අවුරුදු 03 ක් හෝ ඊට වැඩි කාලයක් එසේම තියනවා ….ඉතින් බයියෝ කියන්නේ දියුණු සමාජයකට නොගැලපෙන උන්මන්තකයෝ රැලක්…

  10. nishantha says:

    yaha paalanee… rata keevanee…. den sanepanee….sepaneee…….!

Main News