Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

February 14, 2018 at 2:10 pm | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට අරාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.

176 views

44 Comments to “Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ…”

  1. කලවැද්දා මිසින්ග් ඉන් ඇක්සන් ද….පොරේසමෙන් මල්ලිලා…….!!!!!!!

    • කලවැද්දා says:

      කලවැද්දා යුද්දෙන් පසු මිය ගියේය

Main News