Exclusive : රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා.. එජාපයට තුන්බිය ඇති කරමින් රංගෙ බණ්ඩාර කියයි..[Video]

March 26, 2018 at 10:19 pm | lanka C news
Exclusive : රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා.. එජාපයට තුන්බිය ඇති කරමින් රංගෙ බණ්ඩාර කියයි..[Video]

අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය ලබා දීමට හෝ ඡුන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන් අත්සන් නොකල බවත් කිරීමටද අදහසක් නැති බවත් ඔහු සදහන් කරයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන තමනට කිසිදු විශ්වාසයක් නැති බවත් කී ඔහු මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද පෙන්වා දෙයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමිනි.

25 views

15 Comments to “Exclusive : රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා.. එජාපයට තුන්බිය ඇති කරමින් රංගෙ බණ්ඩාර කියයි..[Video]”

  1. Silva CC says:

    කටේ මසුරන් දාන්න වටින ටෝකක් නේ….?

    යකෝ ආනමඩුවේ නේ බොල වැඩ්ඩො ඉන්නේ …!

  2. සිංහබාහු says:

    එළ ක්ෂීරම්ස් !

  3. එඩ්වඩ් ලැනරෝල් says:

    මෙයා මේ ඇමතිකමක් බලාපොරොත්තුව ඉඳල ඒක හබක් උනහම තප්පුලනව. ඇත්තටම එදා මෙදාතුර එජාපයට පහලවූ විශිෂ්ටතම නායකයො අපේ රනිල් වික්‍රමසිංහ ශ්‍රීමතාණෝයි. එතුමන් දිවි පරදුවට තබා රැකගැනීම අද යුගයේ ජාතික අවශ්‍යතාවයයි.

  4. Walter says:

    Edword lanarol has a brain? Where?

  5. Nim says:

    ALA KIRI
    RUPAWAHI SUNWADA WALA
    MOHUGE KATHA WALATA NAM
    KAMATHI NAHA

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    එඩ්වඩ් ලැනරෝල් යන නමින් පෙනී සිටින කලවම් ලේ ඇති විදෙශික නම් ඇති ස්වදේශික කලු සුද්දාට වෙන විකල්ප නෑ….ඒ නිසා ට්රිලියන ⁣මුදල් හොරා කෑවත් සමලිංගික විශය පාසැල් වල පෙල පොත් වලට ඇතුල් කලත් එයා වෙනුවෙන් කඩේ යනවා…

  7. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මගේ අවවාදය – රනිල්ව දිගටම තියාගන්න – තව අවුරුදු එක හමාරයි – අනිත් දේ දැන් සිරිසේන මළෙන් ඉන්න නිසා එයැයිට ව්‍යවස්ථාව ගේන්නත් බෑ – එට්කා ගහන්නත් බෑ –

  8. hari says:

    HARIYATTAMA HARI PARTY has to clean by CMC good work Rangana Bandra

  9. ගමේ යූඒන්පී කාරයෙක් says:

    ජේඅාර් නායකත්වයෙ සහ බලයෙ සිටි කාලයේ එජාපයේ දෙවෙනි පෙල නායකයන් රැසකට ඉදිරියට එන්න ඉඩ දුන්නා, මග සැලසුවා. ලලිත් ගාමිනී ප්‍රේමදාස වැනි නායකයන් අතර තරඟයක් අැති කර ඔවුන්ට වැඩ පෙන්වන්න අවස්ථාව දුන්නා. අන්තිමට පක්ෂය නොකඩා එකට තියා ගෙන ප්‍රේමදාසට බලය පැවරැවා.

    දැන් වසර 23 කට වැඩිය රනිල් එජාප නායකත්වයේ ඉන්නවා. ජනප්‍රිය හෝ දක්ෂ හෝ හැකියාව හෝ අැති දෙවෙනි පෙල කිසිම නායකයෙකුට ඉදිරියට එන්න අවස්ථාවක් දෙන්නෙ නැහැ. කැපිලි දමනවා. කොළඹ හතේ පර ගැති ගජ මිතුරැ සෙට් එක සහ සමනලයො කෘත්‍යධිකාරී මන්ඩලය අරක් අරගෙන සිරිකොතේ තනතුරැ බදාගෙන. එජාප මංත්‍රිවරැනි රංගෙලට වසන්තලට එක් වී රනිලා පන්නමු.

  10. Lahiru says:

    Mea yakaa gedarata tamaa!

Main News