Exclusive : රාජිතට ජම්පර් ලෑස්තියි.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි..

August 1, 2020 at 10:03 pm | lanka C news
Exclusive : රාජිතට ජම්පර් ලෑස්තියි.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි..

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිදු කරන ලද ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු ඇමති රාජිත සේනාරත්නට සහ එවකට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන දෙනොට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

නීති වරයා විසින් විසින් මෙසේ අධි චෝදනා ගොනු කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදු කරන ලද කරුණු විමර්ශනයකින් පසුවයි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇත්තේ අදාල මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අයයි.

ඔවුන් දෙදෙනා දැනටමත් රහස් පොලිසියට සඳහන් කර ඇත්තේ එම මාධ්‍ය හමුව රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පවත්වන ලද්දක් බවත් ඊට මුදල් ලබා දුන්නේ මොහාමඩ් රූමි විසින් බවත්ය.

10,403 views

4 Comments to “Exclusive : රාජිතට ජම්පර් ලෑස්තියි.. සුදු වෑන් කිඹුලන් රජයේ සාක්‍ෂිකරුවන් වෙයි..”

  1. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    හොද වැඩේ.

  2. Love nature says:

    යුක්ති ධර්මේ ජය ගනීවි..!!
    දිළෙන ලෙස දිනිඳා…!!
    නැත්ත නැති වෙයි ඇත්ත හෙළි වෙයි
    යම් දිනෙක මතු දා…!!
    ඔහු එදා…!! පිහිට නොලැබෙයි
    ඔහුගේ සෙවණැල්ලේ…

  3. අතන මෙතන රතන says:

    මේක මාෆියාවක්. රාජිත ප්‍රා කල්ලිය මෙහෙයු බව රටම දන්නවා නමුත් ඌ කැබිනට් ඇමති වෙලා හිටියා 2019 වෙනකම්. කොහිද බං සාදාරණය ටයර් උඩ මැරුණු කොල්ලො කෙල්ලන්ට?

  4. saman says:

    Maha Bank wikunala balayata apu un un ekka dhiiga kewaa wagee. ape wahallunta nikan kiri peni dunna wagee

Main News