Exclusive : ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනී..

March 22, 2017 at 12:18 am | lanka C news
Exclusive : ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනී..

1949 අංක 17 දරන ශ්‍රීලංකා යුධ හමුදා පනතේ 8 (1) උප වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අණදීමට සුදුසු යෝග්‍ය පුද්ගලයකු යුද හමුදාවට පත් කල යුතුය. 8. (1) The President shall appoint a fit and proper person to command the army. 8 (2) එසේ උප වගන්ති (1) යටතේ පත් කරනු ලබන පුද්ගලයා යුද හමුදාපති ලෙස තනතුර ලබා දිය යුතුයි. (2) The person appointed under subsection (1) of this section shall be designated Commander of the Army.

එම පනතේ 2 (2) අනුව ශ්‍රීලංකාවේ යුද හමුදාවේ සිටින සියලුම හමුදාවේ සමාජිකයින් වෙනුවෙන් අණ දෙනු ලබන්නේ එම පනත යුද හමුදාපතියි. පනත අනුව යුද හමුවේ ප්‍රමාණය පනතේ වගන්ති 2 (1) අනුව ශ්‍රීලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි. එමෙන්ම එහි 2 (2) වගන්තිය අනුව ශ්‍රි ලංකා යුද හමුදාව යනු a. නිත්‍ය බලකාය b. නිත්‍ය උප සේවා බලකාය Reserve, c. ස්වේච්ඡා බලකාය Volunteer, සහ ස්වේච්ඡා උප සේවා බලකාය වලින් සැදුම්ලත් ය.

යුද හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වන්නේ යුද හමුදාපතිවරයා ය. රජයේ එකාබද්ධ අරමුදලේ මගින් ශ්‍රීලංකා යුද හමුදාව නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයන අතර සියලු වියදම් පාර්ලිමේන්තුවට යටත්ව රජයේ විගනකාධිපතිවරා විසින් පූර්න විගනයක් සිදු කොට වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරයි.

එමෙන්ම යුද හමුදාවේ පනත අනුව එහි 2 (1) සහ 2 (2) අයත් සියලු සාමාජිකයින් සම්බන්ධව පරිපාලන විනය යුද හමුදා නීතිය අනුව ක්‍රියාත්මක කිරීම යුද හමුදාපතිගේ පුර්ණ වගකීමකි.

යුද හමුදාව තුල ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට කිසිම පරිපාලන කටයුත්තක් සිදු කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන පනත තුල සපයා නැත. ආරක්ෂක ලේකම් වරයාට හැකිවනුයේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති තීරණයන් රජය වෙනුවෙන් යුදහමුදාපති ලවා කරවා ගැනීම පමණකි.

රටේ නිතිය එසේ වුවත් මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රහස් පොලිසිය වෙත ලබා දුන් කට උත්තරය අඩංගු බී වාර්තාව එජාපයට හිත්වත් වෙබ් අඩවියක් විසින් ප‍්‍රචාරය කර ඇත.

කට උත්තරය අනුව එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ගේ දැනිම නොමැතිව හමුදාව තුල වෙනත් ආයුධ සහිතව කල්ලියක් 1949 අංක 19 දරන ශ්‍රීලංකා යුධ හමුදා පනතට පටහැනිව සිටී බවක් හැගවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 30 (1) අනුව ජනාධිපතිවරයා සේනාධිනායක යාය, එහෙත් යුද හමුදාවේ අභ්‍යන්තර පරිපාලනය මෙන්ම එහි සියලුම සාමජිකයින්ගේ විනය බලධාරියා මෙන්ම යුද හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වන්නේ යුද හමුදාපතිවරයා ය.

ඒ අනුව යුද හමුදාවේ ප්‍රධාන මූලස්ථානය කොළඹ පිහිටා තිබෙන අතර යුද හමුදාපති රාජකාරි වාර්තා කරනුයේ යුද හමුදා මූලස්ථානයටයි. එසේනම් මූලස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් ඇතුලත තිබෙන මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ට්‍රිපොලි හමුදා කදවුර හෝ එහි අනු කණ්ඩ සම්බන්ධව අවබෝධයක් නැහ කීම පිලිගත හැකි ද? එමෙන්ම තමන් යටතේ ඇති හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ගැන අවබෝධයක් නැති බව පැවසීම විහිලුවකි. මේ අනුව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය කිරීමට හිටපු හමුදාපති ලෙස ලෙෆ්ටින්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා ලබා දුන් අණ සම්බන්ධව විශාල සැකයක් මෙන්ම ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාවට නැගෙනු ඇත.

එමෙන්ම ශ්‍රීලංකාවේ යුද හමුදාපති ලෙස මෙතරම් වගකීමෙන් තොර පුද්ගලයකු යුධ හමුදා පනතේ 8 (1) උප වගන්තිය අනුව යුද හමුවේ අණ දෙන නිලධාරියා ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධව ජනතාව ප්‍රශ්න කරනු ඇත.

B වාර්තාව මෙතනින්
යුද හමුදා පනත මෙතනින්

18 views

18 Comments to “Exclusive : ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනී..”

  1. වෙල්විදානේ ඇමති කට්ටක් ගන්නයි සුපිරිවාහන ගන්නයි තමන් ගේ අම්මා අප්පා හරි පාවාදෙන එකෙක් කියලා මුලු රටටම ඔප්පුවී හමාරය​??????????????

  2. Dushantha says:

    දෑන් මේ කලවෑද්ද කියන සාක්කියෙන් කියන්නෙ හමුදාව මෙහෙයවලා තියෙන්නෙ ගෝටා කියන එකනෙ. එතකොට කලවෑද්ද නිකන්නෙ ඉඳලා තියෙන්නෙ. මේවාගේ මිනිහෙකුට මොකටද ෆීල්ඩ් මාෂල් පට්ටමට්ක් දුන්නෙ? ෆීල්ඩ් මාෂල් කමත් ගෝටාටම දීලා දාන්ඩ.

    • nanayakkara says:

      පට්ටම ඇත්ත -මම ජනපති වූ දිනයට මහින්ද මැතිදුට සහ ඝෝඨාභය මැතිදුට ෆීල්ඩ් මාෂල් පදවි වලට උසස් කරනවා.මහ බංකුව කොල්ලකාලා රට විකිණීමට දායක වූ සැමට දේශද්‍රොහීන්ට ජාතීද්‍රෝහීන්ට දෙන දඩුවම් දෙනවා.

  3. pp says:

    MR la sinhayek karapo SF wa ranil kokkek karapo ikmana .ane wirayekta giya kalak.

Main News