වසන්ත සේනානායක සජිත් පිලෙන් ඉවත් වේ.. සජිත් පිලට ගිනි ගෙඩි 04ක් අවුලයි..

October 23, 2019 at 10:14 pm | lanka C news
වසන්ත සේනානායක සජිත් පිලෙන් ඉවත් වේ.. සජිත් පිලට ගිනි ගෙඩි 04ක් අවුලයි..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ගැන බියක් මතුව ඇති බැවින් තමා ඉන් ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඡන්ද ව්‍යාපාරයේදී ඇති වූ කළකිරීම් පිළිබඳව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් වසන්ත සේනානායක මහතා ප්‍රශ්න රැසක් මතු කර තිබේ.

‘ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී උද්ගත වී ඇති යම් යම් කළකිරීම්’ යන ශිර්ෂපාඨය යටතේ ප්‍රශ්න රැසක් යටතේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත පසුගිය 20වනද මෙම ලිපිය යොමු කර තිබේ.

එම කරුණු වලට අනුව,

  1. එළැඹෙන මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඔබගේ අගමැති අපේක්ෂකයා වන්නේද?
  2. රවී කරුණානායක මහතාට කැබිනට් අමාත්‍යධුරයක් ලබා දෙන්නේද?
  3. රිෂාඩ් බදියුදීන් ඔබගේ රජයක් තුළ කැබිනට් අමාත්‍යධුර හොබවන්නේද?
  4. රවූෆ් හකීම් සහ පාස්කු ප්‍රහාරකයින් අතර සම්බන්ධතා මාධ්‍ය මගින් හෙළි වී ඇති මොහොතක ඔහුව ඔබගේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ ඇයිද

යන්න මෙහිදී වසන්ත සේනානායක ප්‍රශ්න කර සිටියි.

– adaderana

195 views

18 Comments to “වසන්ත සේනානායක සජිත් පිලෙන් ඉවත් වේ.. සජිත් පිලට ගිනි ගෙඩි 04ක් අවුලයි..”

  1. siri says:

    yesterday RB participated to UNP rally at Putlam, so another 3 questions remaining to answer.

  2. Bandq says:

    නොවැම්බර් 17 ජයග්‍රාහකයා බලන්න tv එක ඉස්සරහට යන්න.පරාජිතයා බලන්න කන්ණාඩිය ඉස්සරහට යන්න.

Main News