Exclusive : විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න…

November 10, 2017 at 10:09 pm | lanka C news
Exclusive : විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න…

විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි.

එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දුන්හ.

ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල ඔවුන් ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද සංගමය කියා සිටියහ.

සැබෑ ලෙසම එම වාසිය ජනතාවට ලැබීමට නම් රීකන්ඩිෂන් හා බෑන්ඩ් නිව් ලෙස පනවා ඇති සීමාවන් ඉවත්කල යුතු යයිද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.

වීඩියෝව මෙතනින්

4 views

7 Comments to “Exclusive : විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න…”

  1. ගමරාළ says:

    මේ යහපාලු නපුංසක ආන්ඩුවෙ වැඩ ඉන්න එවුන්ගෙ හැටියට තමා. මුකයෙන් කතා කලාට අධොමුකයෙන් කෙලීමයි පුරුද්ද.

  2. Trumph says:

    වහන්සේ ආනයනය කරන හොර හැත්ත කොහොම කලත් මිල අඩු කරන්නේ නැත

  3. Sisira says:

    කොහොමද මංගලගේ ඇරිල්ල සැපද?

  4. සසනිකා ජයලත් says:

    වාහනවල ගණන් අහන්න යන්නවත්, පාරට බහින්න බැරි තත්වයක් තියෙන්නෙ තාත්තේ.

  5. tilak says:

    වෙන රටවල වසරක් පාසා වාහනේ මාර්කට් එක බහිනවා . අපේ ලංකාවේ එකේ අනිත් පැත්ත .

  6. Saman says:

    අපේ රටේ වාහන මිල හැමදාම වැඩිවෙන්නේ ඩොලර් එක ඉහලගොස් රුපියල නිසයි. අමතරකොටස් පවා මිල වැඩිවෙන්නේ ඩොලර් වලින් ගන්න වෙන නිසා. ලෝකේ හැම රටක්ම බදු වැඩිකරනවා වෙනුවට රජයේ වියදම අඩුකිරීමද කරනවා. ලංකාවේ නම් රජයේ වියදම තව දෙගුණ තෙගුණ කරලා එක පියවගන්න බදු වැඩිකරනවා.