Exclusive : විමල්ගේ කතාවට පොහොට්ටු නායක මහින්ද ප‍්‍රතිචාර දක්වයි..

February 9, 2021 at 10:02 pm | lanka C news
Exclusive : විමල්ගේ කතාවට පොහොට්ටු නායක මහින්ද ප‍්‍රතිචාර දක්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවක් විමල් වීවරංශ මහතා ප්‍රකාශ කල බවක් තමන් නොදන්නා බවයි.

අගමැතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීම අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය.

එම හමුව සඳහා සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ තමන් පුවත්පතට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමක් ගැන නොව ජනාධිපතිතුමන් දේශපාලන පක්‍ෂ ව්‍යුහයක් තුල නොමැතිවීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අතර සමීප සම්බන්ධතාවයක් ගොඩ නොනැගෙන බවයි. එනිසා ජනාධිපතිටද පක්‍ෂය තුල ඉහල තනතුරක් දිය යුතු යයි තමන් අදහස් පල කල බවද ඔහු සදහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන් එය තේරුම් ගත් බවත් තමන් ඉවත් කිරීමක් කල යුතු බවට සඳහනක් තමන් නොදුටු බවත්ය.

කෙසේ වෙතත් මෙම ගැටුම තවදුරටත් අරන් යා යුතු නැති බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

උණුසුම් තත්වයක් ඇතිවෙතැයි අනුමාන කර තිබූ එම පක්ෂ නායක රැස්වීම එවන් තත්වයක් ඇතිව නැත.

190,738 views

22 Comments to “Exclusive : විමල්ගේ කතාවට පොහොට්ටු නායක මහින්ද ප‍්‍රතිචාර දක්වයි..”

  1. රන්බණ්ඩා says:

    මෙතන තියෙන්නෙ ඔය කෙහෙල්මල් බලු පොරයක් නෙවෙයි බොලව්.
    මේක සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට පෙන්නන නාට්‍යයක් විතරමයි.
    දේශපාලනේ කොරන්නෙ නැහැ කිය කියා පුරසාරම් දොඩපු ජනාධිපතිට දැන් පොහොට්ටුවට රිංගාගන්න ඕනි වෙලා බොලව්.
    ඇත්ත, එහෙම නැති වුනොත් මුන්ට ඉදිරි ගමනක් නහැම තමයි බොලව්.
    වලිකුකුළො හඬලද්දි හබන් කුකුළන්ට රජ මඟුල්ලු.
    නොදකින් විතරක් මේ පඩත්තල දේශපාලනේ.
    පව්, රටේ අහිංසක ජනතාව හැමදාමත් එකම තැන පල්වෙනවා බොලව්.

  2. දිලිත් says:

    රටේ ප්‍රශ්න අමතක කරන්න කරන,
    නරි නාටක මහත්තයෝ,
    නරි නාටක ….

  3. Aurora says:

    දේශීය බලවේග නියෝජනය කරන විමල් වීරවංශ සහ අනෙකුත් බලවේග අවතක්සේරු කරන පොදුජන එක්සත් පෙරමුණේ සිටින කඳ පනුවන් හට මොලේ තියනවා නම් ආන්ඩුවේ ජන හදවතට ඔහොම පහර දෙන්නේ නැහැ.

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    සරත් වීරසෙකරට දෙවැනි වූ විමලයා අවධානය ගැනීමට කරන නාඩගමක්. පොඩි ලමයිනුත් අවධානය ගන්න බෙරිහන් දීල අඬනව

  5. Nandasoma Suriyaarachchi says:

    පසුගිය මහ මැතිවරණෙයන් පසු ජනතාව බලාපොරොත්තු වූ ජනතාවාදී, සෘජු පාලනය වෙනස් වූ බව පෙනී යයි….!
    ජනතාව බලාපොරොත්තු නොවූ දියාරු, ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනි බොහෝ දේ සිදඅවෙමින් පවතී…..!!

    විමල් වීරවංශ හෝ වෙනත් කෙනකෙු හෝ කීවද නොකීවද වත්මන් තත්වය ජනතාව අනුමත නොකරණ බව කිව යුතුය….!!!

Main News