Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..

November 15, 2018 at 10:49 pm | lanka C news
Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමනට නියමානුකූල ආකාරයෙන් පෙන්වා සිටින්නැනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම පෙරමුණේ නායකයන් සමග පැවති පැවති සකච්ඡාවේදිය.

පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

නව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.

කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක‍්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම කතානායකවරයාට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීමටයි.

එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායක වරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතුද වෙයි.

ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කල හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කල හැක.

විශ්වාස බංගය ගැන කටයුතු කිරීමට පක්‍ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත යුතු අතර  පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක.

පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එයයි. ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේද එම ක‍්‍රමයටයි.

32 views

28 Comments to “Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..”

  1. simion says:

    එසේ මහින්ද රජය පැරදුනහොත් ඊලඟ අගමැතිධූරයට පාලිත තෙවරප්පෙරුම (කිණිසි ) හෝ පාලිත රංගේ බංඩාර (වොඩ්කා) පත් කල යුතුයයි මම යෝජනා කරමි.

  2. ranbandara says:

    ranil epaaaaaaaaaaaaaa banku hora.
    maitree ugathkama ,buddiya madi nisa maoda wandurek wage hesirenawa rata winasayi api winasa wela

    Per dina ratriye mama maitreege kema mesa dekka dinner table deyyo sakki me manussayage mesaye laksayaka pamana keema tibbaa api murunga kola, krotana kola kanawa hena wediyan

  3. Dhairya says:

    Next Presidential election

    Common Candidate – Gotabaya
    SLFP candidate – Maithree

    UNP supports Gotabaya
    SLPP can’t oppose him
    SLFP doesn’t support him

  4. යුක්තිය says:

    රතු අලි පැටවු එදා මේක නොකර නං….! රනිල් අගමැති කම ගැන ගන්නතියා හිතන්න වත් බෑ…!

  5. indunil says:

    asammatha samanalunta sammathaya……………………….?

  6. ඒබ්‍රහම සියා says:

    කීයටවත් සජිත්ට අගමැතිකම දෙන්න එපා, මේක සජිත් සිරිසේන ප්ලොට් එකක්.

    ඕනම නම් විතරක් ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ්, සාගල වැන්නෙකුට අගමැති පදවිය දී රනිල් ආර්ථික කටයුතු වැනි ඇමති පදවියක් ගෙන ‘පිටිපස්සෙන්’ අගමැති කම කරන්න, ඉක්මනට සිරිසේනව දෙශාභියෝගයක් ගෙන එලවා දමන්න. පාර්ලිමේන්තු මැතිවරණය ඊට පස්සේ විතරක් තියන්න.

  7. AS says:

    රනිල් දැන්වත් පුලුවන් කෙනෙකුට ඔය නායක කම දී ගෙදර යන්න​.

  8. Kaputa says:

    Bloody gamaya is trying to buy some time

  9. SpiderMan says:

    Almost all who wants MR to fail are the people who lives abroad. Why they dont want to see this country develops is a question. If they left this country for their personal gain, let them go and settle where they are now. dont ever poke fingers to the wills of this country again !!

  10. janaya says:

    You are extremely correct Sthyapala , real srilankan people.

Main News