Exclusive : විශ්වාස භංගය පරදවන්න අගමැති සමග කිසිදු එකගතාවක් නෑ.. වාර්තා අසත්‍යයි.. – බලාපොරොත්තු දල්වමින් ජනාධිපති කාර්යාලය කියයි..

March 30, 2018 at 11:20 am | lanka C news
Exclusive : විශ්වාස භංගය පරදවන්න අගමැති සමග කිසිදු එකගතාවක් නෑ.. වාර්තා අසත්‍යයි.. – බලාපොරොත්තු දල්වමින් ජනාධිපති කාර්යාලය කියයි..

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංගය පරාජය කිරීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකගතාවක් ඇතිවී ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඒ ආකාරයේ කිසිදු සාකච්චාවක් සිදුව නැතැයිද එකී ප‍්‍රකාශකයා අප වෙත සදහන් කලේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව විශ්වාස භංගය පරාජය කිරීමට තීරණය කලේ යයි එජාප හිතවාදී වෙබ් අඩවියකින් උපුටා අප විසින් පල කරන ලද වාර්තාවද එම නිලධාරියාගේ ඉල්ලීම මත ඉවත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා ශ‍්‍රීලනිප මූලස්ථානයේ තවත් ටික වේලාවකින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා ඇත.

32 views

18 Comments to “Exclusive : විශ්වාස භංගය පරදවන්න අගමැති සමග කිසිදු එකගතාවක් නෑ.. වාර්තා අසත්‍යයි.. – බලාපොරොත්තු දල්වමින් ජනාධිපති කාර්යාලය කියයි..”

  1. පොඩි එකා says:

    හොරුත් එක්ක මට ආණ්ඩු කරන්න බෑ කියලා මැතිවරණ වේදිකාවේ කියපු ඡනපති කොහොමද දැන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රනිල්ට සපෝට් කරන්න කියලා කියන්නේ..?

Main News