ශ‍්‍රීලනිප-ඒකාබද්ද එක්ව භාරකාර ආණ්ඩුවක්.. අගමැති වෙන්න මහින්ද සූදානම්.. සාකච්චා සාර්ථකයි..

October 4, 2018 at 10:34 pm | lanka C news
ශ‍්‍රීලනිප-ඒකාබද්ද එක්ව භාරකාර ආණ්ඩුවක්.. අගමැති වෙන්න මහින්ද සූදානම්.. සාකච්චා සාර්ථකයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුව අවසන් කර ශ‍්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සාකච්ඡා මේ වන විට යහපත් මට්ටමක පවතින බවත් මහින්ද රාජපක්ෂ මහතා ද දක්වන ලද ප්‍රතිචාරය ඉතා යහපත් බවත්ය.

බාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාරගැනීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද ඔහු කියා සිටියේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

188 views

33 Comments to “ශ‍්‍රීලනිප-ඒකාබද්ද එක්ව භාරකාර ආණ්ඩුවක්.. අගමැති වෙන්න මහින්ද සූදානම්.. සාකච්චා සාර්ථකයි..”

  1. Kadiya says:

    ජනතාව තම මූලික අවශ්‍යතා සඳහා පමණක් සිතන මට්ටමට දිළිඳු තත්වයට රට පත්කලාම බෙදුම්වාදී අරමුණු ඉටුකරගන්න රනිල්ට පහසුයි. මේ අපව ගෙනයමින් සිටින්නේ එම දිසාවටයි. අද ප්‍රධාන පිළිලය ජනාධිපති නොවේ. අගමැතිය. පිළිකාව කපා නොදැමුවොත් මුළු රටම විනාශයි.

Main News