EXclusive : හම්බන්තොට වරාය විකුණන අලූත්ම ගිවිසුමෙන් 99 වසරකින් චීනයට ඩබල්-ටි‍්‍රබල් ගෙවා වරාය ගන්න මිලදී වෙයි..

March 7, 2017 at 12:29 am | lanka C news
EXclusive : හම්බන්තොට වරාය විකුණන අලූත්ම ගිවිසුමෙන් 99 වසරකින් චීනයට ඩබල්-ටි‍්‍රබල් ගෙවා වරාය ගන්න මිලදී වෙයි..

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්ය හමුවේදී එම පක්ෂ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ මධ්‍යම කාරක සභික සීගිරියේ ධම්මින්ද හිමි සහ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහභාගිවිය.

හම්බන්තොට වරාය විකිණීමේ දී රුපියල් ට්‍රිලියන 1.4ක දූෂණයක්

පිටු 74කින් යුත් හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම දේශප්‍රේමි නිලධාරින් මාර්ගයෙන් අපට ලැබී තිබෙනවා. මේ ගිවිසුම හරහා ලංකාව සතු වටිනාම වස්තුව වන හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට විකිණීමට සැලසුම් කර තිබෙනවා. මෙහි දී චීනය අපට ලබා දෙන්නේ ඉදි කිරීම් පිරිවැයෙන් 80%ක් විතරයි. ඉඩම් සඳහා කිසිම මුදලක් ගෙවන්නේ නෑ. වරාය පිහිටි ඉඩම් ලෙස හෙක්ටෙයාර 780ක් නොමිලේ දුන්නත් එයින් වරාය ඇත්තටම තිබෙන්නේ හෙක්ටෙයාර 180ක විතරයි. මීට අමතරව ටෑන්ක් ෆාර්ම් ඒරියා නමින් හඳුන්වන හෙක්ටයාර 100ක් ද දූපතේ හෙක්ටයාර 55ක් ද නොමිලේම චීන සමාගමට ලබා දෙනවා.

මෙහෙම නොමිලේ ලබා දුන්නාට වසර 99කට පස්සේ ලංකාණ්ඩුව ආපසු ලබා ගත යුත්තේ එවකට පවතින වෙළඳපොල වටිනාකම ලබා දීලා. බව සඳහන් වෙනවා ගිවිසුමේ 43.1 වගන්තියේ. චීනය විසින් තායිලන්තය හරහා ඉදි කරන ක්‍රා ඇල නිසා සිංගප්පූරු වරායේ වැදගත්කම දිය වී ගොස් ආසියාවේ වැදගත්ම වරාය බවට හම්බන්තොට වරාය පත් වන බව අපි මීට පෙර පෙන්වා දී තිබෙනවා. හම්බන්තොට වරායේ වසර 99කට පසු වෙළඳපොල වටිනාකම කියන්නේ ලංකාණ්ඩුවට කිසි සේත්ම හිතා ගන්න බැරි තරම් වටිනාකමක්. ඒ වගන්තිය එකතු කරන ගමන් චීනා රහසේ මුමුණන්න ඇති ප්‍රිය මාගම්පුර වරාය සොඳුර, සදහටම ඔබ මගේ.

වරායේ තවත් හෙක්ටයාර 500ක් 99 වසරකට බදු දෙනවා මේ සමාගමට. වාර්ෂික බද්ද කීයද ? මිලියන 494යි. මේ තියන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව එවා තිබුණු තක්සේරු වාර්තාව. දැන් ඔය වරායේම ලාෆ් ගෑස් සමාගමට හෙක්ටයාර 12ක් බදු දීලා තිබෙනවා. වාර්ෂික බදු කුලිය හෙක්ටයාරයට ඩොලර් 50,000යි. ඒ කියන්නේ රු මිලියන 7.5යි. වාර්ෂිකව ඩොලරයේ අගය පිරිහීම 7%කින් වන අතරේ 3%ක් වාර්ෂිකව බදු මුදල වැඩි වෙනවා. ඒ කියන්නේ වාර්ෂිකව 10%ක් බදු මුදල වැඩි වෙනවා. නමුත් ධනවත් චීනාට ලබා දෙන්නේ හෙක්ටයාරය 988,000 ගණනේ. ලාෆ් සමාගමට 2013 දී ලබා දුන් මුදලට 2017 දී චීන සමාගමට ලබා දුන්නා නම් හෙක්ටයාරයට ඩොලර් 50,000 ගණනේ හෙක්ටයාර 2,000ට ලැබෙන මුදල රුපියල් කරන්න 150 වැඩි කලොත් ලැබෙන මුදල මිලියන 15,000යි. නමුත් බදු දෙන මුදල මිලියන 494යි. එක වසරකට පාඩුව මිලියන 14,506යි. වසර 99ට පාඩුව මිලියන වලින් කියන්න බෑ. දිග වැඩියි. බිලියන 1,436යි. මේ දැවැන්ත මුදල ගියේ කාගේ සාක්කුවට ද? ඒක සොයන්න ජනාධිපතිතුමාට බැඳුම්කර සිද්ධියේ දී වගේ තවත් ජනාධිපති කොමිසමක් පත් කරන්න වේවි.

කෙනෙක් කියන්න පුළුවන් හෙක්ටයාර 12ක් බදු දෙන මුදලටම හෙක්ටයාර 500ක් බදු දෙන්න බෑ කියලා. ඇත්ත මිළ අඩු වෙනවා. සාමාන්‍යෙයන් 25%යි. වැඩිම වුණොත් 50%ක් අඩු වේවි. ඒත් 3%ක් වගේ පොඩි ගණනක් දක්වා අඩු වෙන්න බෑනෙ. ඒ නිසා මේ දැවැන්ත මුදල කාගේ සාක්කුවටද ගියේ කියන එක සොයා බලන එක දූෂණ විරෝධී රටට ආධරය කරන හැමෝගෙම වගකීමක්.

ඒ වගේම මේ ගිවිසුම අත්සන් කරන්න කලින් මේ පිළිබද සමාජ මතයක් හදල මේක නතර නොකලොත් මේ ගිවිසුම ගහල චීනය වගේ දැවැන්ත රටක් එක්ක එකගතා ඇති කර ගත්තට පස්සේ නැවත ඒවා කඩන්න බැහැ. ඉංග්‍රීසි කියමනක් තියෙනව Do not catch anything what you can’t throw away කියල. අත්හල නොහැකි කිසිවක් අල්ල ගනන් එපා කියලයි ඉන් කියවෙන්නේ.

අපි මේ වරාය විකුණනනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මොකද ලංකාවට ධනවත් රටක් වීමට මේ මාගම්පුර වරාය හරහා පුලුවන්. මාගම්පුර වරායේ වටිනාකම අපේ නායකයන්ට නොතේරී මෙතන ගලක් වලක් විලක් පිහිණුම් තටාකයක් කියද්දී චීනය මේක මිලදී ගන්නට ඉදිරිපත් වෙන්නේ ක්‍රා ඇල ඉදිවීමෙන් අනතුරුව එහි නැව් ගමනාමනය පටන්ගත්තට පස්සේ හම්බන්තොට වරාය තරම් වටින වරායක් ලෝකෙම නෑ කියන එක චීන නායකයෝ දන්න නිසියි.

– අරවින්ද අතුකෝරල

27 views

One Comment to “EXclusive : හම්බන්තොට වරාය විකුණන අලූත්ම ගිවිසුමෙන් 99 වසරකින් චීනයට ඩබල්-ටි‍්‍රබල් ගෙවා වරාය ගන්න මිලදී වෙයි..”

  1. wijebahu says:

    Gammanpila is a thief who steel from thieves. so dont give a dam shit what he says,.

Main News