05 වැනිදා අයවැයට විරුද්ද නොවන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට කියයි.. පිරිසක් විරුද්ද වී වාද විවාද මැද හමුව අවසන් වේ..

April 3, 2019 at 9:20 am | lanka C news
05 වැනිදා අයවැයට විරුද්ද නොවන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට කියයි.. පිරිසක් විරුද්ද වී වාද විවාද මැද හමුව අවසන් වේ..

අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වෙන අයවැය අවසන් වර ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කර තිබේ.

තමන්ගේ අමාත්‍යාංශය තුනක ද වැය ශිර්ෂ ඇති නිසා මෙම අයවැයට විරුද්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතු බව පවසා ඇති ජනාධිපතිවරයා ඒ වෙනුවට එම ඡන්දය වර්ජනය කළ යුතු යැයි යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ආසන සංවිධායකයන් ඊයේ ජනාධිපති මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ඊට සහභාගි වූ ශ්‍රීලනිප මන්ත‍්‍රිවරයෙක් අප වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ තමන් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන නිසා එවන් තීන්දුවකට ගිය හොත් දේශපාලන වශයෙන් දැඩි අවාසි සහගත බවත් එය විරුද්දවාදීන් විසින් තමනට එරෙහිව ඉතා නරක ලෙස භාවිතයට ඉඩ ඇති බවත් එනිසා අනිවාර්යෙන්ම විරුද්ධව ඡන්දය යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් ඇති වූ විවාදය නිසා තීරණයක් නොගෙන ඊයේ දින පැවති සාකච්ඡාව අවසන් වී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට තීන්දු කර තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙට දිනයේ මුණගැසී මේ සම්බන්ධ අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.

අයවැය දෙවැනි වර කියවීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටීම නිසා ඊට විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල විය.

93 views

12 Comments to “05 වැනිදා අයවැයට විරුද්ද නොවන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට කියයි.. පිරිසක් විරුද්ද වී වාද විවාද මැද හමුව අවසන් වේ..”

  1. කැලණියෙ දමියා says:

    මොන සිංහ නාද දැම්මත් අන්තිමට සිරිසේනට ඉතුරු ටික ගෙවාගන්න රනිල්ට යට වෙන්න වෙනවා.

  2. sekara says:

    Sri sena dabal gemak gahanna hadaney, ape phottuwata ma candey deeela UNP paradawana eka thame korannna tiyennnay .cilanipa apita epooo. Daya ciri apita epoo.

  3. kawinda says:

    mokuth beri sena.

  4. බන්ඩා says:

    කොළඹ සහ කෝට්ටෙ හැර මේ දින වල රට පුරා විදුලිය කපන්නෙ නියගය නිසා නොව රනිල්/සිරිසේන ආණ්ඩුව mw350 ත වත් විදුලි බලාගාරයක් නොහැදීමය්. අලි මදිවට හරක් කිව්වලු. අධික බදු සහ පොලී ගෙවා ගැනීමට බැරිව දඟලන සුලු සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයා විදුලිය නැතිව යන්ත්‍ර ක්‍රියා කර ගන්න බරැව කබලෙන් ලිපට වැටිලා. ජනාධිපති රට සහ ජනතාව ගැන නොව තම පැවැත්ම සඳහා අංචි අදින්න ගැට ගහන්න සැරසෙනවා.

  5. අනාවැකිය says:

    2020 සිට ඊලග අවුරුදු 5 ජනපති සිරිසේන, අගමැති රනිල්. 19 සංසෝදන අනුව අගමැති බලය ජනපතිට වඩා වැඩිය. විපක්ෂ නායක මහින්ද. නමුත් මෙවරට වඩා වෙනස් රජයක්. පළමුව ජනපතිවර්ණය. සිරිසේන එජාප නිදහස් පොදු පෙරමුණෙන්. ගොටාබය පොහොට්ටුවෙන් . සිරිසේනට 50.87% ගොටබයට 47.52% ඉතිරිය JVP , රොහාන් පල්ලෙවත්ත , නගහකන්ද කොඩිතුවක්කු.

    • NAK says:

      Forecast is good except for the percentages.

      • Tax Officer says:

        My prediction if My3 contests is as follows:

        Gota 51%
        Ranil 37%
        My3 12%

        Naagaya and other spoilers will get their deposit remitted to the government coppers.

        • කාන්තිලතා says:

          මගේ පුරෝකථනයත් බොහෝ දුරට මේ හා සමාණයි.

    • Sun says:

      Kodithuwakku is showing clear policies and straight vision to form a government.

  6. පොඩි එකා says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් යූ.ඇන්.පියෙ දඬුඅඬුවට අහු වෙලා ඉවරයි.. ඡනාධිපති විශ්‍රාම යයි.. නමුත් පක්ෂෙන් තවදුරටත් දේශපාලනේ කරන්න හිතාගෙන ඉන්න අය අනාථයි… මේ ඉරණම පක්ෂයට ඇති කලේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ…

  7. john the baptice says:

    රනිල්ගේ පක්ෂයෙන් ජනාදිපති කම ගන්න යන්නේ ලැජ්ජයි

  8. Audit Superintendent says:

    The most sensitive and practical thing Prez Sirisena can do for the betterment of this island is to instruct his MPs to vote against the budget in order to topple this unpatriotic, mega-corrupt and destructive Jadapaalanaya making the way for the vast majority of the citizenry of the country to elect a new patriotic, progressive and people friendly government.

Main News