Exclusive : 19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..

July 6, 2019 at 10:13 pm | lanka C news
Exclusive : 19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..

තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා වන සුබ දිනයක් පවා පසුගිය සතියේ මෙරට ප්‍රධාන පෙළේ දෛවඥයන් ගණනාවකගෙන් ජනාධිපතිවරයා විමසා තිබිණි.

දේශයට වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සැරසෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනමත විචාරණයක් මගින් සම්මත කරගත යුතු යැයි අධිකරණය නියම කළ සමහර වගන්ති සාමාන්‍ය 2/3 බහුතරයකින් සම්මත කර ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් වලංගුද යන්නයි.

යම් හෙයකින් 19 වැනි සංශෝධනය මේ හේතුව නිසා බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් නැවතත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6ක් දක්වා දිගුවෙයි.

ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට තිබූ බාධකයද අවසන් වෙයි.

මේ හැර පළාත් සභා ඡන්දය ආණ්ඩුව විවිධ තාක්ෂණික හේතු නිර්මාණය කොට ප්‍රමාද කර ඇති නිසාත්, මැතිවරණ කොමසාරිස්වරයා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසාත් පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හෝ පැවැත්වීමට නීතිමය අවකාශයක් තිබේද යන්තත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ඇතැයිද සඳහන් වේ.

මෙම මත විමසීම් ගැන දින 14ක් තුළ තමන්ට තීරණය ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමටත් අපේක්ෂිත බව වැඩිදුරටත් කියැවේ.

මෙම මත විමසුමේ තීන්දුව ලද පසු කිසියම් හදිසි මැතිවරණයක් කරා යොමුවීමේ වාසි අවාසි ගැනද ජනාධිපතිවරයා සිය සමීපතම උපදේශකයන් සමග සාකච්ඡා කර ඇත. එම මත විමසුම් දෙකට අදාළ ලිපි ලේඛන ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

– deshaya

60,475 Viewers

11 Comments to “Exclusive : 19 අහෝසි කරන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට.. මහින්දට ජනාධිපතිවරණ අපේක්‍ෂ වරම්..”

  1. අතදරු මෝඩ උගත්තු says:

    අපි ආයෙත් නාගන්නයි කල්පනාව
    එදා අපි සැබෑ වෙනසට චන්දය දීලා නාගත්තා ඇතිවෙන්න
    මෙදා පාර අපි නාගන්නේ
    නාගනන්දට චන්දය දීලා ආයෙත් රනිල්ට එන්න පාර කපලා

    මිට
    අපි තමයි රටේම උගත් බුද්දිමත් පොරවල් කියල හිතන
    අතදරු මෝඩ උගත්තු

    • නැගෙනහිර says:

      මොන බොරුද, මචෝ?
      ඔය නාගයට මිනිහගෙ ගෑනිවත් ඡන්දෙ දෙන්නෙ නෑ.

      • දේවක says:

        තව මාස කීපෙකින් සිරිසේනව හිරේ නෙවේ අංගොඩ යවන්නයි වෙන්නෙ.

    • Razor says:

      නාගානන්ද ගේන්න වලි කන්නේ ජෙප්පෝ. අපි දන්නවා උන්ට තියෙන ඡන්ද ප්‍රමාණය. හිතේ තියෙන්නේ ජෙප්පෝ තමයි වැඩ්ඩෝ කියල. 1971 සහ 1989 අවස්ථා දෙකකදී රට වැනසුවා.ආර්ථිකය නැතිකළා. මොවුනට ඡන්දේ තියෙන්නේ ෆේස්බුක් වල විතරයි.

  2. Saradiel says:

    කොහොමටත් මහින්ද අගමැති උනාට පස්සේ 19 අහෝසිකරනවා සිරිසේන කරදර වෙන්න ඕනේ නැහැ

  3. Patriotism says:

    Definitely. .. Hearty Congratulations. …!!

  4. CATEROIL says:

    19 අහෝසි කිරිමට ජනමතවිචාරණක් තබනු…

  5. රාහුල කොලුවා says:

    වසරකින් පසුව පාර්ලිමේන්තුව විසුරවීමේ ඡනපතිට තිබූ බලය වසර හතර හමාරක් යන තෙක් අහෝසි කලේ ඡනමත විචාරණයකින් නොව 2/3 බලයෙන්.. එය නීතියට එකඟද යන්න ප්‍රශ්ණයකි… නමුත් උසාවිය මීට මාස ගණනකට පෙර දුන් තීන්දුවෙන් ඡනපතිට වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා කිව්වා… නමුත් 2012 දී තීන්දුවක් දීලා තියෙනවා ඡනපතිගේ බලතල ඡනමත විචාරණයකින් තොරව ඉවත් කරන්න බෑ කියලා.. උසාවිය කලින් දුන් තීන්දුවත් පසුව දුන් තීන්දුවත් අතර ඝට්ටයක් සිදු වෙයිද…?

  6. jagath says:

    Munge Balayata enna thiyana asawa ?????????????/

  7. MD says:

    MAHINDATA 19 N GAHANNA PULUWAN HAMA WIDIYENMA GHAHALA DAN ENAWA SUDANA WENNA.

  8. As says:

    Apahu Mahindra avoth….?????
    Think twice.. he done a great job… Remember previous horun rala ???

    Best option z Mr Gota….

Main News