Exclussive : කරුගේ දෙවන විශ්වාස භංගයක් ජනපති විසි කරයි.. ‘විධිමත්’ ක‍්‍රමයට කරන්නැයි දන්වයි..

November 16, 2018 at 9:58 pm | lanka C news
Exclussive : කරුගේ දෙවන විශ්වාස භංගයක් ජනපති විසි කරයි.. ‘විධිමත්’ ක‍්‍රමයට කරන්නැයි දන්වයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ තම නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් අද දිනයේද සම්මත කලේ යයි කියන විශ්වාසභංග යෝජනාවද පිළිගන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ තමන් සමග පැවති සාකච්චාවේදී එජාපෙ නායකයන් එකග වූ පරිදි විධිමත් ක‍්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර නැති බවයි.

මේ අනුව මෙවර සම්මත කළ බව පැවසෙන විස්වාසභංග යෝජනාව ද කිසිසේත්ම පිළිගන්නේ නැති බව ජනාධිපතිවරයා සදහන් කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විධිමත් ලෙස සම්මත කරන පස විශ්වාස භංග යෝජනාවක් පිලිගැනීමට තමන් බැදී සිටින බවද සදහන් කර තිබේ.

දැනට මාස කිහිපයකට පෙර එවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංගය ආකාරයේ විශ්වාස භංගයක් පිලිගැනීමට තමන් කිසිසේත්ම පැකිලෙන්නේ නැතැයිද ඔහු සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත කරගැනීම සදහා ක්‍රමවේදය අදියරෙන් අදියර සරල ආකාරයෙන් මෙහි දැක්වේ.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා පිලිගැනීම මූලිකම කාරණාව වෙයි.

  1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
  2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
  3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
  4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
  5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
  6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
  7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
  8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
  9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
  10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
  11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.
  12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

(ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග වලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.)

– parl

83 views

39 Comments to “Exclussive : කරුගේ දෙවන විශ්වාස භංගයක් ජනපති විසි කරයි.. ‘විධිමත්’ ක‍්‍රමයට කරන්නැයි දන්වයි..”

  1. ගිගිරි says:

    ජය වේවා !!

  2. Demo Crazy says:

    Parliament Jokes – 2.

  3. Ranjith says:

    Karu has lost his reputation, because he had simply acted as a bull pulling a bullock cart, by being obedient to his masters (UNP leaders and Western countries.)
    Karu’s childish behaviour is certainly unacceptable. We want to see a matured, respectable, impartial person as a speaker of the parliment. Kindly nominate a impartial person like Chamal. Karu should learn from chamal and should act as chamal acted in 2015 January. . Inviting people and western reps to parliment also very unacceptable and he is creating unnecessary troubles. Karu has disappointed all of us !!!

  4. Nim says:

    PARLIAMENT AKA
    MARIYA KADE NOKARA
    KATHA NAYAKA
    WAHAMA ELLA ASWEYA UTHIEE
    NATHINAM
    PANNA DAMANU.

  5. rajah says:

    රනිල් හදන්නේ UNP එකේ සිරිකොත වගේ තව අවුරුදු 25ක් දිගටම බලයේ ඉන්න.එකට කරු වගේ තකතීරුවෙක් ව මැරයෙක් වගේ පාවිච්චි කරනවා,මේකේ බලෙන් සම්මත කර ගන්න හදන දේවල් ගැන සමහර මන්ත්‍රී මැට්ටන්ට තේරෙන්නේ නැහැ.හකීම්ලා බොරදියේ මාළු බානවා.ඩග්ලස් දේවානන්ද මට පුදුම සතුටුයි .

  6. fernando says:

    Speaker said, voted 122. how he counted when he himself said it was a voice vote. No where in the world not mentioning vote count when they get voice vote. signing the document cannot be consider as a vote. this man completely bias, violated each and every rule to satisfy RANIL/RAW and western

  7. Waruna says:

    කතානායක තුමා මහින්ද මහතා අතුලු අන්ඩුව පිලිගන්නෙ නෙතුව මුලින් පවති අන්ඩුව පිලිගෙනෙනන් විස්ස්වස බන්ග යොජනව සම්මත වෙලා තියෙන්නෙ රනිල් මහතාගෙ අන්ඩුවටනෙ මොකද රනිල් මහතානෙ අගමති. අගමතිට විරුද්දවනෙ විස්ස්වස බන්ගය ගෙනත් තියෙන්නෙ මහින්ද මහතා මන්තී විතරනෙ

  8. juio says:

    මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් අයවැය ඉදිරිපත් කරන එක වලක්වන්න තමයි මේ වගේ කඩාකප්පල්කාරී වැඩකරලා හදන්නේ

  9. parakum says:

    Mr President you have been led down the garden parth by the TWO biased constitution specialist Sarath Silva and GLP. Wakeup and save this nation Sir.

  10. Kadiya says:

    අම්බරු කරුගේ තියෙන්නේ මහම පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙලක්. මූ පළමුව බෙදුම්වාදී සුමන්දිරම් ලවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටවනවා. ඒ අනුව UNP යේ කුක්කෙක් වන ලප කුමාර ගෙනෙන විශ්වාස භන්ගේ පිළිඅරන් සභාවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මිනිත්තු 10 න් ඒ ලපයගේ ඒ යෝජනාවට චන්දෙ විමසනවා. අම්බරු කරු කියනවා ස්ථාවර නියෝග වලට අනුව හඬ අනුව චන්දෙ විමසුවා භන්ගේ සම්මත වුණා කියල. මූට මතක නැහැ මිනිත්තු ගානකට පෙර ස්ථාවර නියෝග අත්හිටෙව්වා කියලා. මෙහෙම පිස්සුවෙන් විකාර කරන්නේ බටහිර තානාපතිලාගේ නියෝගය අනුවයි. දේශ ද්‍රෝහියා.

Main News