Face mask නොදැම්මොත් හය මසයක් හිරේ.. අලුත්ම ගැසට්ටුව එයි..

October 11, 2020 at 4:40 pm | lanka C news
Face mask නොදැම්මොත් හය මසයක් හිරේ.. අලුත්ම ගැසට්ටුව එයි..

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඇය පවසයි.

මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් වන බවත් ඒවා අනුගමනය නොකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි වනු ඇතැයිද ඉන්පසුව අකරණයක් හමුවට පමුණුවා රුපියල් 10,000ක දඩ මුදලක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කල හැකි යයිද ඇය පැවසුවාය.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට අදාළ වන ලෙස මෙම නීති පනවන බව ද කියා සිටියාය.

58,290 views

21 Comments to “Face mask නොදැම්මොත් හය මසයක් හිරේ.. අලුත්ම ගැසට්ටුව එයි..”

  1. Kanday says:

    What took them so long? I thought this was already in place from March??

    • Sakunthala says:

      hire danawa nemei face mask nathuwa gihin ahuwunoth kuttama thalanawa kiwwath sri lankatsthaan wala inna pakis booruwo oka karanne na 🤣🤣🤣

  2. කපිල says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අශ්වයා ගියපසු ස්තාලය වැසීම 🤣🤣🤣

    • කොට මොඩල් says:

      ඔය කියන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් ගැන නේද

  3. වස්සානයේ සඳ says:

    මහින්ද පතිරණ ශූරීන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්න. ස්තූතියි.

  4. S.Vitharana says:

    නිරෝධායනය නොකර සේවකයෝ ගෙන්නපු කොම්පැනි කාරයන්ට මොකක් ද දඬුවම?

  5. tr says:

    ලොකු ලොක්කෝ Face Mask දන්නේ නැතුව ජනතාව ඉදිරියේ දන්නේ මාධ්‍ය සංදර්ශන දැම්මනේ. දැන් පොඩි මිනිහට ද ගෙම්බර් දන්නේ !

  6. ASELA says:

    Ekenuth garaa ganna hadanne mun , podi minihata thamayi serama ,ara THONDAge mala gedara giye nari ranchuwama kalakanni

  7. එරන්ද says:

    Too late. Now go to the toilet.

  8. KA says:

    අඩු තරමේ විශ්වවිද්‍යාල වල සහ උසස් පෙළ න්‍යායික ඉගැන්වීම් ඔන්ලයින් කිරීම අනිවාර්ය කරන්න .එමගින්..නිස්කාරණයේ ශිෂ්‍යයන් ඒකරාශී වීම නවතාලිය හැකියි …තවද මෙමගින්…දේශනා සහ ඉගැන්වීම් වල තත්ත්වයද නිරීක්ෂණය කල හැකියි.
    ළමයින්ට අවශ්‍ය පරිගණක මිලදීගැනීමට උපකාර කිරීමට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉදිරියට එනු ඇති බව මගේ හැගීමයි .

Main News