Facebookට හරියට සිංහල බෑ.. වාරණය කරන්න ඒකත් හේතුවක්..- ඩිජිටල් ඇමති

March 15, 2018 at 10:40 am | lanka C news
Facebookට හරියට සිංහල බෑ.. වාරණය කරන්න ඒකත් හේතුවක්..- ඩිජිටල් ඇමති

ෆේස්බුක් ජාලයට ශ‍්‍රී ලංකාව තුල පනවා ඇති වාරණය ඉවත් කිරීමට මෙතරම් ප‍්‍රමාද විමට හේතුවක් වී ඇත්තේ සිංහල භාෂාව පරිවර්තනය කිරීමේදී ඔවුනගේ පවතින දෝෂයන් බව ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ෆේස්බුක් අහිමිවීමෙන් වඩාත්ම පාඩු තමනට බවත් ඉක්මනින්ම වාරණය ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

අද පැවැත්වන සාකච්චාවලදී ෆේස්බුක් ආයතනය මේ සම්බන්ධයෙන් පැහැදිලි පිලිතුරක් දෙනු ඇති බව තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටී.

සිංහල භාෂාවෙන් පල කර තිබූ සටහනක් ගැන ෆේස්බුක් ආයතනය වෙත කරන ලද පැමිණිල්ලක් හා ඊට ඔවුන් විසින් ලබා දුන් පිලිතුර ගැනද ඇමතිවරයා මාධ්‍ය වෙත පැහැදිලි කලේය.

74 views

9 Comments to “Facebookට හරියට සිංහල බෑ.. වාරණය කරන්න ඒකත් හේතුවක්..- ඩිජිටල් ඇමති”

  1. Lee says:

    Where is Arjun Mahendran ?

  2. Tomy says:

    සමහර අයට ආණ්ඩුවක් වත් හරියට කරගන්න බැරි උනාම ෆේස්බුක් වගේ දේවල් තහනම් කරනවා .

  3. Regards says:

    මූ මං හිතුවට වඩා බූරුවෙක්

  4. mp says:

    තෝ ඩිජිටල් කියන වචනේ තේරුම දන්නේ නැතිව ඇමතිකම කරන්නේ… ඕක මොකක්ද…???

  5. lion says:

    සිංහළ බාසාවට ලෝකයේ මෙතරම් තැනක් තිබෙද්දී දෙමලෙන් ජාතික ගිය ගායනා කරේ මොන බම්බුවටද?

  6. Love nature says:

    සිංහල භාෂාව ලෝකයේ ඕනෑම භාෂාවක් වගේ භාවිතයත් එක්ක වර්ධනය වුන භාෂාවක්. ඒ නිසා ඉතිහාසය පුරාම පරාස කිහිපයක හෝඩි සිංහල භාෂාවෙ භාවිතා වෙලා තියෙනවා. මුල්ම කාලේ – ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 04 වගේ කාලය දක්වා භාවිතා වුන සිංහල හෝඩිය කියන්නේ පිරිසිඳුම සිංහල හෝඩිය. වෙනත් භාෂාවලින් භාවිතයට එකතු කරගත් බාහිර අක්ෂර මේ හෝඩියේ තිබිලා නෑ.

  7. sinha le says:

    සිංහල වචන කිහිපයකුත් සුද්දෝ ඉංග්‍රීසි භාෂාවට අරගෙන තියෙනවනේ. ලංකාවට යෙදෙන සෙරන්ඩිබ් කියන නම අසුරින් ගොඩනැගුණු ඉංග්‍රිසි වචනයක් සිංහල

  8. Deiya says:

    මූට එකෙක් බැනල “අසමත්ජාති පර බල්ලා” කියල…. එක පරිවර්තනය වෙලා තියෙන්නෙ “Failed branded foreign dog” කියල… ඉතින් මූට මල පනින එක සාදාරන නැද්ද… හාද

Main News