FaceBookහි ජනප්‍රියතම දේශපාලඥයා සම්මානය සුජීව සේනසිංහ දිනාගනී…
November 30, 2016 at 12:00 pm | lanka C news
ජාතික තරුණ සංවර්ධන සංසදය විසින් සංවිධානය කල 2016 වසරේ ජනප්‍රියතම සමාජ ජාල මුහුණු පොත තරඟාවලියෙන් ජනප්‍රියතම දේශපාලකයාට හිමි සම්මානය රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා දිනාගන්නා ලදී.
ඉසව් 18ක් සඳහා පැවැත්වූ මෙම තරඟාවලිය සඳහා අන්තර්ජාලය තුළින් සමාජජාලා හරහා ඡන්දය ලබා දීමට හැකි විය.
එක් ගිණුමකින් එක් ඡන්දයක් පමණක් ලබා දීමට හැකියාව තිබූ මෙම තරඟාවලිය සඳහා අවසාන වටයට ජනප්‍රියතම දේශපාලකයන් අතරට පාඨලී චම්පික, රන්ජන් රාමනායක, රවී කරුණානායක, ප්‍රසන්න සෝලංගආරච්චි, උදය ගම්මන්පිල, හරීන් ප්‍රනාන්දු යන අයද තේරී පත් විය.
අවසානයේදී 2016 වසරේ ජනප්‍රියතම දේශපාලඥයා ලෙස රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා තේරී පත්විය.
– සුජිත් කොඩිතුවක්කු