FaceBook අවහිර කරනවා..- අකිල
September 4, 2017 at 3:50 pm | lanka C news
රජය විසින් පාසැල් සිසුන් සදහා ලබා දෙන ටැබ් යන්ත්‍රයෙන් ෆේස්බුක් හා තවත් අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කරන බව අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
එම යන්ත්‍ර සදහා නව ආරක්ෂක ක්‍රමවේදයක් සකස් කරන්නේ යයිද ඇමතිවරයා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
උසස් පෙල හා සාමාන්‍ය පෙල හදාරන සිසුන්ට මෙන්ම විදුහල්පතිවරුනට හා ගුරුවරුනට මෙම ටැබ් යන්ත්‍ර ඉදිරියේදී ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.