Facebook ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් වෙයි….

July 7, 2019 at 10:17 pm | lanka C news
Facebook ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් වෙයි….

නීතීඥ සංවිධාන එකමුතුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

Facebook ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් වෙයි…….

Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත් වී තිබේ.විශේෂයෙන්ම ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් විරුද්ධවාදී අදහස් දරණ ගිණුම් හා ප්‍රවෘත්ති පිටුFacebook සමාජ ජාලය තුලින් අතුගා දැමීමේ ව්‍යාපාරය මේ වන විට කළාකරුවන් දක්වා ද ව්‍යාප්ත කර තිබීම කණගාටුදායක කරුණක් බවට පත් වී ඇත.මිලියනයකට අධික පරිශීලකයන් පිරිසක් සිටි නව පරපුරේ ගායක ඉරාජ් වීරරත්න මහතාගේ Facebook පිටුවද ඊයේ දවසේ අක්‍රිය වීම පසුගිය කාලය පුරා ආණ්ඩුවට විරුද්ධ මත දැරීම හේතුවෙන් ඔහුට අත් විදින්නට සිදු වූ අභාග්‍යසම්පන්න ප්‍රතිඵලයක් ලෙස අපි දකිමු.

විශේෂයෙන්ම පසුගිය මාසය තුල මේ ආකාරයෙන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා විවේචනය කල Facebook ගිණුම් සිය ගණනක් මේ ආකාරයෙන් අක්‍රිය වී තිබෙන බව අප සංගමයේ නිරීක්ෂණයට ලක් වී ඇත.

පැහැදිලිවම ආණ්ඩුව විසින් මීලග ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය සදහා පූර්ව සූදානමක් ලෙස Facebook සමාජ මාධ්‍ය ජාලයේ විරුද්ධ මතයන් මර්ධනය කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බරපතල අවධානම් සහගත තත්වයක් මෙමගින් උදාකර ඇත.

මේ තත්වය මත Facebook සමාජ මාධ්‍ය රටේ අභ්‍යන්තරික දේශපාලන සමතුලිත භාවය බිද දැමීම සදහා රාජ්‍ය අතකොළුවක් බවට පත්වීම මගින් එම ආයතනයද පසුගිය ජනාධිපතිවරණයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූවාක් මෙන් ආණ්ඩු හිතවාදී අපේක්ෂකයෙකුගේ දේශපාලන අවියක් බවට පත්වීමේ අවධානම තවමත් මෙරටේ විපක්ෂයද අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණකි.

ආණ්ඩුව ලබාදෙන සාවද්‍ය තොරතුරු මත ආණ්ඩුවට අවශ්‍ය විදියට ප්‍රාණ ඇපකරුවෙකු ලෙස Facebook ආයතනය ක්‍රියා කිරීම වහාම නතර කිරීම සදහා මැදිහත්වීමට විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂයේම වගකීමක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පල කිරීමේ නිදහස උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමට විදේශීය ආයතනයක් වුවද Facebook ආයතනයට ශ්‍රී ලංකා භූමිය තුල කිසිදු නීත්‍යානූකූල හිමිකමක් නොමැති බවද අපි වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.

නීතීඥ ආර්. මනෝජ් ගමගේ
සභාපති
නීතීඥ සංවිධාන එකමුතුව

32 views

2 Comments to “Facebook ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් වෙයි….”

  1. sinhalaya says:

    Facebook ammage appage budalaykda nitchna mahattaya kiyana dewal ahanna , munta policy karanna dunne nati ekata hitha ridila

  2. UD says:

    Facebook සමාගමට විශේෂයෙන් පැමිණිලි කිරීමෙන් ඉරාජ්ගේ පිටුව ලබාගන්නු පුළුවන් නොවේද?

Main News