Facebook හා Instagram බිදවැටේ

August 5, 2019 at 8:40 am | lanka C news
Facebook  හා Instagram බිදවැටේ

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක බිඳ වැටී ඇති බව වාර්තා වන අතර දහස් ගණනක් පරිශීලකයින්ට පොස්ටු පළ කිරීමට හෝ බෙදා ගැනීමට නොහැකි වී ඇත.

04 රාත්‍රී 7.30ට පමණ පරිශීලකයින් මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා කර ඇත. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම්වලට පිවිසීමට නොහැකි වී තිබේ.

ලොව පුරා සිටින ෆේස්බුක් පරිශීලකයින්ට පොස්ටු බෙදාගැනීමේ පහසුකම ක්‍රියාත්මක නොවන බවත්, අදහස් දැක්වීමට හෝ ඡායාරූප උඩුගත කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බව ඔවුන් තවදුරටත් වාර්තා කර ඇත.බොහෝ පරිශීලකයින් ඔවුන්ගේ ගැටළු downdetector වෙබ් අඩවිය වෙත වාර්තා කර ඇත.

මෙම බිදවැටීමට නිශ්චිත හේතුවක් මේවනවිට ෆේස්බුක් සමාගම විසින් ප්‍රකාශයට පත්කර නොමැති අතර අවසන් වරට ෆේස්බුක් සමාගමට අයත්ව තිබෙන සමාජ ජාල මාධ්‍ය අඩවි බිදවැටිමකට ලක්වුයේ පසුගිය ජූලි 4 වනදාය. අද දින සිදුවූ මෙම සමාජ මාධ්‍ය අඩවි බිදවැටීම වට්සැප් සමාජ මාධ්‍ය යෙදවුමට පෙර ජූලි 4 වනදා සිදුවූ බිදවැටීම මෙන් බලපෑමක් එල්ල කිරීමට නොහැකිවී තිබේ.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය වලට පිවිසීම රජය කිහිප වරක් අවහිර කිරීම මත ජනතාව මෙලෙස සමාජ මාධ්‍යවල බිදවැටීම වැරදි ආකාරයට වටහාගැනීමට ඇති ඉඩප්‍රස්තාව වැඩි බැවින්සමාජ මාධ්‍ය අඩවි බිදවැටීම පිලිබදව කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

13,414 Viewers

One Comment to “Facebook හා Instagram බිදවැටේ”

  1. desta says:

    owa monawada laba pita laba labanaw ape Sri lankan air lines tokyo idan lankawa udin Maldives gihin japannu bassawala lankawata apiwa aran enne mokada lankawe tourism safety eka gena rajaya guarantee nisa hik hik hik Sri lankan profit profit mehama gonnu inna ratak tiyeda ul461

Main News