Facebook, Whatsapp, Instagram අවහිරයි..

July 4, 2019 at 6:31 am | lanka C news
Facebook, Whatsapp, Instagram අවහිරයි..

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

වට්සැප් සම්බන්ධතාවයන්හි බිදවැටීමක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත 03 සවස 7.20 පමණ සිට පැමිණිලි රැසක් ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන්ගෙන් ලැබුණු අතර මේ පිලිබදව සිදුකල සොයාබැලීමකදී හෙලිවූයේ වට්සැප් යෙදුම හරහා චයාරෑප,වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යැවීමේදී හා ලබාගැනීමේදී ඒ සදහා දිගු වෙලාවක් ගතවන බවත් යම් පරිශීලකයන් ප්‍රමාණයකට කිසිදු චායාරුප ඇතුළු මාධ්‍ය යැවීමට හෝ හාගතකරගැනීමට සම්පුර්ණයෙන්ම හැකියාවක් නොමැති බවය.

වට්සැප් බිදවැටීම පසුහබමින් ෆේස්බුක් සහා ඉන්ස්ටග්‍රෑම් අඩවිද බිදවටිමකට ලක්ව ඇතැයි නවතම තොරතුරු වලින් දැනගන්නට ලැබෙන අතර මෙලෙස බිදවැටීමට හේතුව Server ගැටලුවක් බවට වට්සැප් නියෝජිතයෙක් අප සංගමයට දන්වා සිටි අතර මෙය ලොව පුරා සිටින පරිශීලකයන්ට සිදුවූ සිදුවීමක් බැවින් කඩනමින් තම සේවාවන් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින බව වැඩිදුරටත් එම නියෝජිතයා අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සමූහය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත ප්‍රකාශ කරනු ලැබුවා.

මෙලෙස සමාජ මාධ්‍ය ජාල බිදවැටීම පිටුපස රජය කිසිදු ආකාරයේ අවහිරයක් සිදුකර නොමැති බවත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වලට පිවිසීම රජය කිහිප වරක් අවහිර කිරීම මත ජනතාව මෙලෙස සමාජ මාධ්‍යවල බිදවැටීම වැරදි ආකාරයට වටහාගැනීමට ඇති ඉඩප්‍රස්තාව වැඩි බැවින් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සමාජ මාධ්‍ය අඩවි බිදවැටීම පිලිබදව කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස අප සමූහයන් දෙක සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති

26 views
Main News