Fact Check රෙදි ගැලවේ.. ලොව පුරා ආණ්ඩු පෙරලන බළල් අතක්.. ලංකාවේ ආණ්ඩුව පෙරලා එජාපයට පාර කපන කුමන්ත‍්‍රණයක..

May 16, 2020 at 6:25 am | lanka C news
Fact Check රෙදි ගැලවේ.. ලොව පුරා ආණ්ඩු පෙරලන බළල් අතක්.. ලංකාවේ ආණ්ඩුව පෙරලා එජාපයට පාර කපන කුමන්ත‍්‍රණයක..

පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ඇමරිකානු බළල් අතක් එක්සත් ජාතික පක්ෂය හරහා රටේ ජන මනසට කරමින් සිටින බලපෑම පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට තීරණය කළා. දේශපාලකයින් විසින් කරන ප්‍රකාශ වල නිරවද්‍යතාව සොයා බලන බව පවසා ඒවා සත්‍යයි, අසත්‍යයි, අර්ධ සත්‍යයි යනුවෙන් වර්ග කර පුවත්පත් වල දැන්වීම් දමන එන්ජිඕවක් ෆැක්ට් චෙක් නමින් පවත්වා ගෙන යනවා.

මේ එන්ජිඕව ජනපතිවරණය ඉලක්ක කර බිහි කළ බව පෙනී යනවා. නිරවද්‍යතාව විග්‍රහ කර දැන්වීම් පල කිරීම ආරම්භ කර ඇත්තේ 2018 ජූලි 10 දා. ජනපතිවරණය තෙක් දැන්වීම් 51ක් පල කර තිබෙනවා. බොරුවට උපන් අය හිටිය, බොරු කියලා බලය අරගත්ත, බොරු කියූ බව අසුවී ජනතාව ගෙදර යැවූ, යහපාලනවාදින්ගේ ප්‍රකාශ 17ක් “සත්‍ය” බවට ප්‍රකාශ කරද්දී යහපාලන විරෝධින්ගේ ප්‍රකාශ එකක්වත් “සත්‍ය” ලෙස ප්‍රකාශ කර නෑ. යහපාලනවාදින්ගේ ප්‍රකාශ 10ක් “අර්ධ සත්‍ය” ලෙස ප්‍රකාශ කරන විට යහපාලන විරෝධින්ගේ ප්‍රකාශ 2ක් පමණයි එසේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම “අසත්‍යයි” යනුවෙන් දෙපාර්ශවයේම ප්‍රකාශ 11 බැගින් දක්වා ඇතත් එජාපයේ ප්‍රකාශ අතිශයින්ම නොවැදගත් ප්‍රකාශ. සමහර අපි කී සත්‍ය කරුණු අසත්‍ය බවට විකෘති ලෙස කරුණු දක්වමින් මේ අය තමන්ගේ පුවත්පත් දැන්වීම් පළ කරලා තියෙනවා.

රාජිත සේනාරත්න සහ පා ච රණවක මහතුන්ගේ අසත්‍ය ප්‍රකාශ මොවුන්ට සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ තුනක් පමණයි. ඒකෙන්ම පේනවා මේ අය එක්සත් ජාතික පක්ෂයට, ඊනියා යහ පාලනයට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සඳහායි මේ එන්ජිඕව පිහිටුවා තියෙන්නේ.

ෆැක්ට් චෙක් එන්ජිඕව නඩත්තු කරන්නේ වෙරිටේ රිසර්ච් නම් තවත් එන්ජිඕවක් විසින්. මෙම එන්ජිඕව යුරෝපීය රටවල් සහ ඇමරිකාවෙන් ආධාර ලබන එන්ජිඕවක්. මේකේ එක අධ්‍යක්ෂවරයෙක් තමයි එජාප ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ දේශාල් ද මැල්. ඒ වගේම ඒ ආණ්ඩුවේ තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මෙහි උපදේශකයෙක්. මීට මුදල් ලබා දෙන්නේ ඇමෙරිකානු එන්ජිඕ සහ ඇමෙරිකානු ආණ්ඩුවයි. ජෙසේ සෙටෝ කියන පුද්ගලයා මෙහි උපදේශකයෙක් ලෙසින් කටයුතු කරණවා. ඔහුගේ ප්‍රධාන කාර්ය තමයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එන්ඊඩි ඇතුළු සංවිධාන ගණනාවක් සමග වෙරිටේ රිසර්ච් වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කිරීම. කවුද මේ එන්ඊඩි National Endowment for Democracy (NED) කියන්නේ. හොන්දුරාස් රාජ්‍යයේ ආණ්ඩු පෙරලීමේ කැරැල්ලට සීඅයිඒ අරමුදල් සැපයූයේ මේ සංවිධානය හරහායි.

එහෙමනම් සීඅයිඒ සංවිධානය තුන්වන ලෝකයේ රටවල ආණ්ඩු පෙරළීම සඳහා සිය බළල් අත් ලෙසින් පාවිච්චි කරන සංවිධාන වලින් නඩත්තුවන වෙරිටේ රිසර්ච් තමයි ෆැක්ට් චෙක් කියන රාජ්‍ය නොවන සංවිධානය නඩත්තු කරමින්, ආණ්ඩුවේ ඉන්න අප බොරු කියන බවටත්, විපක්ෂයේ අය සත්‍යය කියන බවටත් ජනතාවගේ මනස සකසන්න හදන්නේ. ඒ සඳහා මුදල් වියදම් කරමින් පත්තර වල මුල්පිටු වල පොල්ගෙඩි අකුරෙන් දැන්වීම් පළ කරන්නේ. මොවුන් විසින් පළකරන ලද එක එක දැන්වීම තුළ සත්‍යය විකෘති කරමින් එක්සත් ජාතික පක්ෂයට හා ඇමරිකානු ආණ්ඩුවේ යටි අරමුණු වෙනුවෙන් පෙනී සිටියේ කොහොමද කියන එක ඉදිරි සති තුළ විස්තරාත්මකව ඔබට කියන්න අප බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

419 views
Main News