FB වාරණය ඉවත් කරන්න කිසිදු තීරණයක් නෑ.. Filter කරන්නත් සූදානම්..- සමාජ ජාලා වාරණය ගැන නිසි බලධාරී ජනාධිපති ලේකම් කියන කතාව මෙන්න..
March 12, 2018 at 12:00 pm | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම ඉවත් කිරීම ගැන සලකා බලන්නේ ජාතීවාදී ආගම්වාදී ප්රචාරයන් නැවතී ඇතැයි ආරක්ෂක අංශ විසින් සහතික කිරීමන් පසුව යයි ජනාධිපති ලේකම් ප්රනාන්දු මහතා පවසයි.
මෙම වාරණය ඉවත් කිරීම ගැන මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි.
සමාජ ජාලාවන්හි ජාතිවාදී ආගම්වාදී ප්රචාරයන් පල කිරීමට නොහැකි ආකාරයේ පාලනය කිරීමකට සාකචඡා කරමින් සිටින බවද ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.