FB, Whatsapp, Twiter ආරක්ෂක අමාත්‍යංශයෙන් අධීක්ෂණයේ..? වැරදි නම් අත්අඩංගුවට..??

March 1, 2019 at 10:00 am | lanka C news
FB, Whatsapp, Twiter ආරක්ෂක අමාත්‍යංශයෙන් අධීක්ෂණයේ..? වැරදි නම් අත්අඩංගුවට..??

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

වට්සැප් , ෆේස්බුක් සමාජ මාධ්‍යන් තුලින් සරුවටම “ හෙට සිට නව සංන්නිවේදන රෙගුලාසි “ නමින් පුවතක් ඉතාමත් වේගයන් ජනතාව අතර පැතිරීයන බවක් දක්නට ලැබුණු අතර මෙහි ඇතුලත්වන සමහරක් දෑ නිසා සාමාන්‍ය ජනයා තමන්ගේ පෞද්ගලිකත්වයට රජය මගින් බාධා එල්ලවේ යැයි බියකින්ද පසුවන බව දක්නට ලැබුණි.

මෙම පණිවිඩයෙහි සදහන් වන ආකාරයට ජනතාව ලබාගන්නා සියලුම දුරකථන ඇමතුම් පටිගතවන අතර සමාජ මාධ්‍ය යෙදවුම් හරහා යවන පණිවිඩ සියල්ලම පාහේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ අධීක්ෂණය කරන බවත් ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය සියල්ලන්හෙම පලකරන වීඩියෝ පට , චායාරූප ආදියත් යවන පණිවිඩ වලට අමතරව අධීක්ෂණයට ලක්වන බව පැවසේ.තවද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය දෑ ප්‍රචාරය කළහොත් එම පුද්ගලයාව අන්තර්ජාල අපරාධ යටතේ පොලිසියට අත්තඩංගුවට ගතහැකි බවත් එහි දක්වා තිබේ.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස පැවසීමට ඇත්තේ මෙම “ නව සන්නිවේදන රෙගුලාසි “ නම් ව්‍යාජ පුවත ජනතාව නොමග යැවීමට යම්කිසි පිරිසක් විසින් දරනා උත්සහයක් බවත් මෙවැනි පුවත් ඔබට ලැබුනහොත් ඒවා පිලිබදව කිසිදු සොයාබැලීමකින් තොරව ප්‍රචාරයට යාමෙන් වලකින ලෙසයි.

තවද සමාජ මාධ්‍ය යෙදුම් හරහා ජනතාව හුවමාරු කරගන්නා පණිවිඩ කිසිදු විටෙකත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් අධීක්ෂණයට ලක් නොකරන බවත් ඒ සදහා අවශ්‍ය තාක්ෂණය හෝ පහසුකම් මෙරට නොමැති බවත් එසේ සමාජ මාධ්‍ය අඩවි මගින් හුවමාරු වන පණිවිඩ චායාරූප වීඩියෝ ඇතුළු දත්ත සියල්ලම අධීක්ෂණය කිරීමට එම සමාජ මාධ්‍ය ජාලවල අනුමැතිය ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් ඉතාමත් වගකීමකින් යුක්තව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ප්‍රකාශ කරමු.

තවද 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ හෝ 2007 සයිබර් අපරාධ වැළැක්වීම සඳහා වූ පනත යටතේ හෝ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධ පනත සහ 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ සමාජ මාධ්‍ය අඩවි වල පලකරන දෑ පිලිබදව පොලීසියට කිසිවෙකුත් අත්තඩංගුවට ගැනීමේ හැකියාවක් නැවති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස වගකීමෙන් සදහන් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

24,817 Viewers

2 Comments to “FB, Whatsapp, Twiter ආරක්ෂක අමාත්‍යංශයෙන් අධීක්ෂණයේ..? වැරදි නම් අත්අඩංගුවට..??”

  1. Allan Smith says:

    Wrong Inaccurate information. WhatsApp, Viber, Imo, etc are Highly Secured and End to End Encrypted. They cannot be traced or have given Back-Door Access to third world countries corrupted governments. Only the NSA/CIA/FBI have Back-Door Access to these applications. Some people in Sri Lanka are knowingly spread false propaganda to implant fear in peoples minds.

  2. ක්‍රිමිනල් says:

    ආරක්ශක අමාත්‍යාංශය ඇත්තේ ජනාධීපති තුමා යටතේ , තමන්ගේ මතයට සමපාත නොවන අදහස් ගලනය කප්පාදු කරන්න හැදුවොත් නුලෙන් එල්ලිගෙන හරි ඉන්න ජනාධීපති පට්ටමට ඇඩ්‍රස් නැතිවෙන කාලය අතලගයි. කොහොමත් මෛත්‍රී මහතාට ඉදිරි දේශපාලණ අනාගතයක් නොමැත. මහින්ද මහතාගේ සහයෙන් පොගොට්ටුවේ අපේක්ශකත්වය ලැබුවත් , පොහොට්ටුවේ සිටින අනෙකුත් රාජපක්ශවරුන්ගේ සහය ඔහුට නොලැනෙනු ඇත , බහුතර මහින්දවාදී බයියන්ගේ චන්දය මෛත්‍රීට ලැබේදැයි කිව නොහැක. යු ඇන් පියෙන් කිසිදිනක මෛත්‍රීව තම කදවුර වැද්දගනු නොලැබේ. ඉරකි ,තිතකි. මෛත්‍රී මහතා මේ රටේ කිසිදිනක යලි ජනාධීපති වරයෙකු නොවෙනු ඇත. තමන් කැමැති නම් මහින්ද මහතා මෙන් පාර්ලීමේන්තු මැතිවරණයක් , (පා.ම) පට්ටමකට පත්විය හැක. 🤣🤣

Main News